පාකිස්තානු සංචාරයට මහේල නෑ

EUMA175

Well-known member
  • Oct 31, 2011
    4,282
    1,163
    113
    52
    Kandy
    පාකිස්තානු සංචාරයට මහේල නෑ

    පාකිස්තානයට එරෙහිව ලබන දෙසැම්බර් මස 11 වැනිදා මැද පෙරදිගදී ආරම්භ වන දීර්ඝ තරග සංචාරයේ විස්සයි20 සහ එක්දින තරගාවලි දෙකෙන් ශ්‍රී ලංකා පිලේ ජ්‍යෙෂ්ඨතම ක‍්‍රීඩකයා වන මහේල ජයවර්ධන පෞද්ගලික හේතුවක් මත ඉවත්ව සිටියි.

    මහේල මෙම සංචාරයේ ටෙස්ට් තරගාවලියෙන් ද ඉවත්ව සිටීමට බොහෝ දුරටත් ඉඩ ඇතැයි වාර්තා වේ.

    මෙහිදී 15 දෙනකුගෙන් යුත් විස්සයි20 සංචිතයක් සහ 16 දෙනකුගෙන් යුත් එක්දින සංචිතයක් නම් කර තිබේ. මෙම සංචිත දෙකටම දකුණතින් පා දඟ පන්දු යවන සීකුගේ ප‍්‍රසන්න කැදවා තිබේ. විස්සයි20 සංචිතයට ඇතුළත්ව සිටින පිට දඟ පන්දු යවන රමිත් රමුක්වැල්ල ශාරීරික යෝග්‍යතාව අනුව තරගාවලියට සහභාගි වීම තීරණය වේ.

    මෙම සංචාරයේ විස්සයි20 තරග දෙක දෙසැම්බර් මස 11 සහ 13 ඩුබායිහිදී පැවැත්වේ. තරග පහකින් සමන්විත එක්දින තරගාවලිය දෙසැම්බර් මස 18 වැනිදා සාජාහිදී ආරම්භ වන අතර එම තරගාවලිය දෙසැම්බර් මස 27 වැනිදා අබුඩාබිහිදී අවසන් වේ.

    දෙරට අතර තරග තුනකින් සමන්විත ටෙස්ට් තරගාවලිය දෙසැම්බර් මස 31 වැනිදා ඩුබායි අන්තර්ජාතික ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී ආරම්භ වන අතර ජනවාරි මස 20 වැනිදා අවසන් වීමට නියමිතය.

    ශ්‍රී ලංකා විස්සයි20 සංචිතය:
    දිනේෂ් චන්දිමාල් (නායක), ලසිත් මාලිංග (උප නායක), තිලකරත්න ඩිල්ෂාන්, කුසල් ජනිත්, කුමාර් සංගක්කාර, ඇන්ජලෝ මැතිව්ස්, ළහිරු තිරිමාන්න, කිත්රුවන් විතානගේ, තිසර පෙරේරා, නුවන් කුලසේකර, සීකුගේ ප‍්‍රසන්න, සුරංග ලක්මාල්, සචිත‍්‍ර සේනානායක, අජන්ත මෙන්ඩිස් සහ රමිත රඹුක්වැල්ල (ශාරීරික යෝග්‍යතාව අනුව)

    ශ්‍රී ලංකා එක්දින සංචිතය:
    ඇන්ජලෝ මැතිව්ස් (නායක), දිනේෂ් චන්දිමාල් (උප නායක), තිලකරත්න ඩිල්ෂාන්, කුසල් ජනිත්, දිමුත් කරුණාරත්න, කුමාර් සංගක්කාර, ළහිරු තිරිමාන්න, අෂාන් ප‍්‍රියංජන්, කිත්රුවන් විතානගේ, තිසර පෙරේරා, නුවන් කුලසේකර, ලසිත් මාලිංග, සුරංග ලක්මාල්, සචිත‍්‍ර සේනානායක, රංගන හේරත් සහ සීකුගේ ප‍්‍රසන්න

    කියමු බලන්න Team එක ගැන අදහසක් ?
     

    Black_Rider

    Member
    Nov 30, 2012
    160
    11
    0
    Team eka nam hodai. kiththa maru player. Mahela yanne naththe Wife ta babek hamba wenna inna nisa.

    'Congratzzzz Mahiya :D:D:D:D:D....'