Condom අර වැඩේට විතරද?
Condom හෙවත් උපත් පාලන කොපු භාවිතා කරන්නේ කුමකටද කියන කාරණය අමුතුවෙන් කියලා දෙන්න ඕන දෙයක් නෙවෙයි නේ. ගොඩාක් වේලාවට උපත් පාලන කොපුවෙන් අවශ්‍ය ප්‍රයෝජනය ගත්තාට පස්සේ ඒක සතයක් වත් නොවටින දෙයක් විදියටනේ සලකන්නේ.. ඒත් ඒඩ්ස් වැනි රෝගවලින් ආරක්ෂාවීමට උපත් පාලන කොපුවලින් ලැබෙන ප්‍රයෝජනය කියලා නිම කරන්න බැහැ.
ඉතින් Adriana Bertini කියන මේ බ්‍රසීල ජාතික නිර්මාණ ශිල්පිණිය ඒඩ්ස් ගැන ලෝකය පුරාම ජනතාව දැනුවත් කිරීම සඳහා උපත් පාලන කොපු යොදාගෙන අලුත්ම ආකාරයේ ඇඳුම් විලාසිතා පෙළක් හඳුන්වා දී තිබෙනවා.
මේ ඇඳුම්වල විශේෂත්වය ඒවා සියයට සියයක්ම වගේ උපත් පාලන කොපු වලින් නිර්මාණය කිරීමයි. ඇගේ මෙම නිර්මාණ ඇතුළත් ප්‍රදර්ශනයක් පසුගියදා මෙල්බර්න් නගරයේ පැවති විසිවෙනි ජාත්‍යන්තර ඒඩ්ස් වැඩසටහනට සමගාමිව ඉදිරිපත් කර තිබුණා. ඇය විසින් නිර්මාණය කළ එක් ගවුමක් සඳහා උපත් පාලන කොපු 80,000ක් යොදාගෙන තිබීම විශේෂත්වයකි.
මේ එහි ඡායා රූප පෙළකි..
Source

anika gatta ellluwa nemei mama hithanne..okata arawa mewa karala paata dala enakota harine ithin...