පාදිලි වැඩ සියැසින් දකිමු....

Pathfinder_A2Z

Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    පාදිලි වැඩ සියැසින් දකිමු....

    පාප් වහන්සේ ඇතුලු පූජකවරුන්ගේ ජීවිතයේ සැඟවුනු රහස් පෙන්වන්න ටෙලි කතාවක්!

    රෝමානු කතෝලික පූජකවරුන්ගේ ඇතැම් හැසිරීම් සහ ගති පැවතුම් විවේචනය කරමින් නිෂ්පාදනය වන චිත්‍රපටයක් පිළිබඳව වාර්තා වෙනවා.

    මෙම චිත්‍රපටය මගින් පාප් වහන්සේ ඇතුළු අනෙකුත් පූජකවරුන්ගේ ජිවිත වල සැගවුණු පරස්පර විරෝධතාවන්, සුඛෝපභෝගී පැවතුම්, රෝමානු කතෝලික පල්ලියේ මූල්‍යමය ගනුදෙනු, දේශපාලන උප්පරවැට්ටි, බලපොරය ආදී බොහෝ සැගවුනු රහස් ජනතාව වෙතට සිනමාරූපිව ගෙන ඒමට නියමිතය.

    මෙම ටෙලි කතා මාලාව The New Pope ලෙසට නම් කර තිබේ. මෙම ටෙලි කතාව මේ වසරේ නිකුත් කිරීමට නියමිත අතර ඔබට HBO සහ Sky Atlantic නාළිකා හරහා මෙම කලා නිර්මාණය රස විඳිය හැකි වනු ඇත.

    මෙම කතා මාලාව කථාංග අටකින් සමන්විත වන අතර සම්මානනීය නළු ජූඩ් ලෝ ඇතුලු පිරිසක් එයට රංගන දායකත්වය ලබා දෙයි.

    දැන් මාස ගාණක ඉදලා Paolo Sorrentino නැමැති ඉතාලි ජාතික අධයක්ෂවරයා විසින් ලියා අධ්‍යක්ෂණය කරන The New Pope ටෙලි කතා මාලාව (Tele Series) ඉතාලියේ රෝම නගරයේ රූගත කෙරෙනවා. The New Pope කියන්නේ රෝමානු කතෝලික පල්ලියේ මූලාස්ථානය වන වතිකානුව අතුළේ පාප් වහන්සේ ඇතුළු කාදිනල් වරුන් සහ අනෙක් තනතුරු හොබවන පූජක වරුන්ගේ ජීවිත සහ ඔවුන්ගේ ක්‍රියාකලාපයන් අළලා නිර්මාණය වුණු ටෙලි කතා මාලාවක්. එය වතිකානුව ඇතුළත සිද්ද වෙනවා යැයි පිටපත් රචකයා විසින් පරිකල්පනය කරන ලද ඉතාමත් විවාදසම්පන්න සිදුවීම් වලින් පිරුණු නිර්මාණයක්. පාප් වහන්සේ ඇතුළු අනෙක් පූජකවරුන්ගේ ජිවිත වල සැගවුණු පරස්පරවිරෝධතාවන්, සුඛෝපභෝගී පැවතුම්, රෝමානු කතෝලික පල්ලියේ මූල්‍යමය ගනුදෙනු, දේශපාලන උප්පරවැට්ටි, බලපොරය ආදී බොහෝ දේ සමග ඈදුණු සිදුවීම් සහ අවස්ථා මේ නිර්මාණයට යොදාගෙන තිබෙනවා.

    රූගත කිරීම් සිදුවෙන්නේ වතිකානුවට ඉතාම ආසන්නයෙන්, විවිධාකාර දර්ශනතලවල.

    කිසිදු බාධාවක් නැහැ. දර්ශනතලවලට පාදිලි වරුන්කඩා පනින්නේ හෝ, පොලීසියෙන් පැමිණ ප්‍රශ්න කරන්නේ නැහැ. කතෝලික භක්තිකයන් රංචු පිටින් සංවිධානය කරගෙන ඇවිත් දර්ශන තල ඉදිරියේ කෑ මොර දෙන කිසිවෙකුත් නැහැ.

    වතිකානුව ඇතුළත පාප් වහන්සේගේ කාමර, කාදිනල් වරුන්ගේ නිදන කාමර, පුස්තකාල, පල්ලියේ ගබඩාව, උද්‍යාන, රහස් කවුළු, හදිසි හමුවිම් ස්ථාන, නාන කාමර ආදී ස්ථාන පිළිබද පිටපතේ ලියා ඇති සවිස්තරාත්මක කාරණා එසේ ලියන්නට නම් රචකයා/අධ්‍යක්ෂවරයා වතිකානුව අභ්‍යන්තරය ගැන ඉතා ගැඹුරු අධ්‍යනයක නිරත විය යුතුමයි. ඒ ගැන මා සල්ලාපයක යෙදී ඉන්නා අතරතුර (මාත් මේ නිර්මාණයේ චරිතයක් රගපාන්නට ආ බැවින් තොරතුරු සොයා ගන්නට පුළුවන් වුණා) සහාය අධ්‍යක්ෂවරියකගෙන් විමසුවා. පිටපත ලියන්නට පෙර, තමන්ට වතිකානුව ඇතුළත සංචාරයක් කරන්නට අවසර දෙන්නැයි පල්ලියේ අදාළ ආයතනවලින් අධ්‍යක්ෂවරයා ඉල්ලීමක් කළ බවත්, ඔහුට ඒ අවසරය ලැබුණු බවත්, ඒඅනුව, ඔහුත්, පළවෙනි සහාය අධ්‍යක්ෂවරයාත්, කලා අධ්‍යක්ෂවරයාත් වතිකානුව ඇතුළත සෑම අස්සක මුල්ලකම දීර්ඝ සංචාරයක් කරමින් සියල්ල අධ්‍යයනය කළ බවත් ඇය මට පැහැදිලි කළා. ඒ සංචාරයේදී සාමාන්‍ය මිනිසුන්ට දකින්නට නොලැබෙන බොහෝ තැන් අධ්‍යක්ෂවරයාට දැක බලා ගන්නට ලැබුණු බවත් ඇය කියා සිටියා. ඒ සහය ඔහුට ලබා දී ඇත්තේ වතිකානුව විසින්මයි!

    මට ඉතිං අපේ රට මතක් වුණා!! අපේ රටේ ගොඩක් ඒවා මතක් වුණා. !!

    මේ නිර්මාණයේ අධ්‍යක්ෂවරයා ජිවත් වෙන්නෙත් රෝම නගරයේමයි. කවුරුවත් ඔහුගේ ගෙදරට ගල් ගහන්නේ නැහැ. මෙහි පාප් වහන්සේට රගන, නළුවාට මරණ තරජන එල්ල කරන්නට කෙනෙකුත් නැහැ.

    පල්ලිය තියෙනවා. ආණ්ඩුව තියෙනවා. කලාව වෙනම ස්වාධිනව පවතිනවා. කලාකරුවන් නිදහසේ නිර්මාණවල යෙදෙනවා. තමන්ට කියන්නට ඇති දේ ඉතා නිදහසේ කියනවා. පූජකවරු තමන්ගේ වැඩක් කරගෙන ඉන්නවා. පුළුවන් දෙයක් තියෙනවනං සහයෝගයත් දෙනවා. නිර්මාණය ගැන තමන්ට විවේචනයක්, අදහසක් පළ කරන්න තියෙනවනං ඒකත් බොහොම ගෞරවනීයව කරනවා. ඒවාට බය වෙලා ඒවා නිසා වතිකානුව විනාස වෙනවා කියා කලබල වෙන්නේ නැහැ. දේශපාලන විගඩං කාරයො රටගිනි තිය තියා, වාරණ නියෝග ඉල්ලගෙන යන්නෙත් නැහැ. උපුටා ගැන්මකි.


     
    Last edited:

    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    The Da Vinci Code ඉතාලියේ පෙන්නද්දි මෙහේ පල්ලිය ඒක තහනම් කරා......
     

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    ojE68ig.jpg
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ලබ්බ තමයි.. ජාතික වීරයෝ ටික එහෙනම් සරම උස්සන් බහින්නේ..
    අපේ 2500 සංස්කෘතිය කිය කිය..




    මෙහෙ ඔව්ව කරන්න හම්බවෙන්නේ නැති එක වෙනම කතාවක් ඉතින් :P කරා නං හොයන්න පුළුවන් :yes:
     

    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,545
    3,896
    113
    Speed force
    The Da Vinci Code ඉතාලියේ පෙන්නද්දි මෙහේ පල්ලිය ඒක තහනම් කරා......

    ඕක නම් මුලින්ම මුළු කතොලික සභාවේන්ම තහනම් කරා. පස්සේ ඒක අයින් කරා මට මතක විඳියට.
     

    malibu

    Well-known member
  • Oct 16, 2006
    2,598
    632
    113
    Singapore
    කතෝලික සභාව කියන්නේ business එකක්...:yes:

    කතෝලික සභාව kiyanne business ekak nam lankawe kochchara hamuduru waru elipita kochchara business karanwada? Budu hamuduruwo dan hitiya nam kochchara nam sasala kala kirenawada dan wena dewal walata :shocked::shocked:
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    කතෝලික සභාව kiyanne business ekak nam lankawe kochchara hamuduru waru elipita kochchara business karanwada? Budu hamuduruwo dan hitiya nam kochchara nam sasala kala kirenawada dan wena dewal walata :shocked::shocked:

    ආදරය, රැප් සීන්, ටික්ටොක් මේ හැම එකක්ම් ආගමක් මචං දැන්. ඒක නිසා කලබල වෙන්න දෙයක් නෑ.
    බුඩිසම් ඉස් ඕල්සො නොට් ෆොරෙවර්.
     

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,145
    9,475
    113
    කතෝලික සභාව kiyanne business ekak nam lankawe kochchara hamuduru waru elipita kochchara business karanwada? Budu hamuduruwo dan hitiya nam kochchara nam sasala kala kirenawada dan wena dewal walata :shocked::shocked:

    ධන්ත ධාතුව පෙන්නන්න ටිකට් කඩන රටේ ආගමික බිස්නස් ගැන තර්ක කරන එකත් විහිළුවක් බ්‍රෝ
     

    Johnnie_Walker

    Well-known member
  • Mar 20, 2012
    8,588
    13,571
    113
    [email protected]
    ආදරය, රැප් සීන්, ටික්ටොක් මේ හැම එකක්ම් ආගමක් මචං දැන්. ඒක නිසා කලබල වෙන්න දෙයක් නෑ.
    බුඩිසම් ඉස් ඕල්සො නොට් ෆොරෙවර්.

    Once you tired of all these things you will understand...