පාන්_බනිස්_කන අය එන්නෝ

Deleted

Well-known member
  • Aug 7, 2016
    8,967
    6,342
    113
    පාන්_බනිස්_කන අය එන්නෝ

    ඒ කාලේ බේකරියේ මාමා හදපු, මතක් වුණත් රස දැනෙන පාන්, බනිස් වර්ග


    මේ වෙනකොට නං පාං ගෙඩියක ගාණ ඇහුවම පාං කියාගන්න බැරි තත්වෙකට පත් වෙන බව අමුතුවෙන් කියන්න දෙයක් නැහැනේ. එක කාලෙක, ඒ කියන්නේ අවුරුදු විස්සකට එහා පැත්තේ විතර අපි රුපියල් තුනයි පණහට ගත්තු ‘පාන් රාත්තල’ මේ වෙනකොට ඒ වගේ දහගුණයක් විතර වෙලා විතරක් නෙවෙයි, බරෙනුත් අඩු වෙලා ගිහින්. මේ වෙනකොට නං පාන් රාත්තල කියල කීමට කිව්වට ඒකේ ඇති රාත්තලක් නෑ.



    1. ක්ලැසික් පාං ගෙඩිය: කඩේ පාන්

    BreadTypes-01.jpg


    මේ වෙනකොට නං කඩේ පාන් කියන්නේ පොෂ් පාන් විකුණන තැනක තියෙන අපිට හුරු පුරුදු පාන් වලට කියන පොෂ් නමක් වෙලා. ඒකේ අවුලක් නෑ. කොහොම වුනත් අපිට කඩේ පාන් කිව්ව ගමන් මතක් වෙන්නේ බේකරියේ මාමා හදන පාන් තමයි. තාමත් සූටි සුපියල් පනස් පහකට ගමේ කඩේ බේකරියෙන් ගන්න පුලුවන් ‘කඩේ පාන්’ ගෙඩියක් පොෂ් පාන් කඩේකින් ගන්නකොට ඒ වගේ දෙගුණයක් විතර වෙනවා. හැබැයි ඒ වගේ සුපිරි ෆයින් ඩයිනින්ග් පොට් එකකින් කකුළුවෝ කරියක් එක්ක කඩේ පාන් කියනකොට ගතියක් නැත්තෙමත් නෑ!

    හැබැයි එදා නං පාන් කාලක් එක්ක පරිප්පු දීසියක් සහ ප්ලේන්ටියක් කියන්නේ දුප්පතාගේ ආහාරය කියලා තමයි සැලකුනේ.



    2.තැටි පාං බැරිනං කාපං අච්චු පාං

    BreadTypes-02.jpg



    බේකරියේ පාන් ගැන කතා කරනකොට එතන පොඩි කල්චර් එකක් තියෙනවා. තැටි පාන් සහ අච්චු පාන් ගත්තහම ඔය එක එක වර්ගෙට වැඩි මනාපයක් තියෙන අය ඉන්නවනේ. අච්චු පාන් සාපේක්ෂව ගත්තහම බොහොම මෘදු ගතියයි. හැබැයි කර කර ගාලා හැපෙන්න නං ගන්න ඕන තැටි පාන්. ගොඩක් වෙලාවට තාමත් ගම් වල තියෙන බේකරි වල ක්‍රමයක් තියෙනවා අච්චු පාන් ඕන්නං පොඩ්ඩක් වේලපහින් එන්න ඕන. මොකද කලින් දාන්නේ අච්චු පාන් ටික නිසා අච්චු පාන් ලෝලියෝ ඇවිත් ඒ ටික උස්සගෙන යනවා. ඉන් පස්සේ තියෙන්නේ එක්කෝ අයින්කෑලි නැත්තං තැටි පාන්. හැබැයි තැටි පාන් වලට ආස කට්ටියට අවුලක් නෑ. ඉස්සර තිබුණු තැටි පාන් පෙත්තක් එක්ක පරිප්පු වඩේ එකක් කියන්නේ දිව බොජුනක් තමා! එකම දේ කර නොවුණු ගාණට බේක් වුණු පාන් රාත්තලක් ගන්න එක තමයි.

    අච්චු පාන් ගැන කියනකොට තව මතක් වෙන දෙයක් තමයි මැටි පාන්. මැටිවලින් හදපු පාන් ගැන නෙවෙයි මේ කියන්නේ. අච්චු පාන් ගෙඩියක් හදන්නේ දෙපාරක් පෝරණුවේ දාලා පුළුස්සලා. පළවෙනි පාර පුළුස්සලා පෝරණුවෙන් බාපු අච්චු පාන් හරිම සොෆ්ට්, කිරි රහක් එන්නේ. මේ මැටිපාන් වලට අපි හෙන ආසයි ඒකෙ තියෙන අමුතු රහ නිසාම. හැබැයි අම්මලා අපිට ඒ පාන් කන්න දුන්නෙ නෑ, බඩේ අමාරු හැදෙනවා කියලා. ඒක හරි. මොකද එක පාරක් පෝරණුවෙ දැම්මා කියලා හොඳටම පාන් ගෙඩිය බේක් වෙන්නෙ නෑ. මැද අමු වෙන්න පුලුවන්.

    තව එකක්. ඉස්සර පාන් කනකොට බේකරියෙ මාමා එක්ක ගේම ඉල්ලන්න වෙන්නේ ගාණට නෙවෙයි. බැරිවෙලාවත් ගුල්ලෙක් දෙන්නෙක් හිටියොත්. සමහරු කියනවා ගුල්ලො එක්ක කෑවත් අදට වඩා එදා බේකරියෙ පාන් රසයි කියලා.



    3.බේකරියේ තියෙන සැන්ඩ්විච් පාන්


    BreadTypes-03.jpg



    මේ කියන්නේ ඕනම සුපර් මාකට් එකකින් ගන්න තියෙන පෙති කපලා, පොලිතින් බෑග් එකේ සීල් කරලා එන සැන්ඩ්චිච් පාන් ගැන නෙවෙයි. ගමේ බේකරියේ හදන්න ගත්තු සැන්ඩ්විච් පාන් ගෙඩිය ගැන. මේක ඇත්තටම ඔය පෙති කපපු වැඩි ගණන් සැන්ඩ්විච් පාන් ගෙඩියක් තරම් සොෆ්ට් නෑ. හැබැයි මේ පාන් ගෙඩියේ හැම පැත්තම එක වගේ. ආයි වැඩිපුර කරවුණු ඔළුවක් නෑ. ඒ වගේම මැද්දේ පොඩි කිරි රසයකුත් තියෙනවා. ගාණ හැබැයි නිකම් අච්චු පාන් ගෙඩියකට වඩා රුපියල් පහක් දහයක් වැඩියි. මේ පාන් වලටත් මනාප අය සෑහෙන්න ඉන්නවා. මොකද බටර්, ජෑම් එක්ක කන්න මේ පාන් වල තියෙන කියාපු රසය නිසා. හැබැයි මේ පාන් තියෙන බේකරි වලත් බේකරිය ඇරපු ගමන් සැන්ඩ්විච් පාන් ටික ඉවරයි. සමහර බේකරි මාමලා මේ කඩේ සැන්ඩ්විච් පාන් ගෙඩියටම මුද්දරස්පලම් ටිකක් එහෙම දාලා පොඩි පොඩි වැඩ කෑලි දාලා රස පාන් එක්ස්පෙරිමන්ට් එහෙමත් කරල බලනවා.



    4. නයි කයිද රෝස් පාන්

    BreadTypes-04.jpg



    රෝස් පාන් එක්ක බැඳුණු මතකයක් ඕනම ලංකාවේ මනුස්සයෙක්ට තියෙනවා කිව්වොත් වැරදි නෑ. ලොකු පොඩි භේදයක් නැතුව හැමදෙනාම කැමති රෝස් පාන් කියන්නේ සාමාන්‍ය තැටි පාන් ගෙඩියෙන් බාගයක් සයිස් එකේ තියෙන, හොඳට බේක් කරලා තිබුණත් වළ ගොඩැලි තියෙන තැටි පාන් ගෙඩියකට වඩා මෘදු මතුපිටක් තියෙන පාන් ගෙඩියක්. කතාවට කියන්නේ නං පාන් රාත්තල ඉකොනොමිකල් වුනේ රෝස් පාන් හැටියට කියලා තමයි. හැබැයි ගොඩක් අය රෝස් පාන් ගන්නේ ඉකොනොමිකල් වැලියු එක ගැන හිතලා නං නෙවෙයි. ඊට වඩා ඒකේ තියෙන රසය නිසයි. ඉස්සර රෝස් පාන් වල හොඳ තෙල් ගතියක් තිබුණා. දැන් වගේ නෙමෙයි නිකන් වුනත් කන්න පුලුවන්. ඇත්තටම කියනවා නං ඉස්සර රෝස් පාන් ගෙඩියක් අරගෙන කෑවේ නිකම් තමයි.



    5. දොස්තරගේ කීමට කන පරළු පාන්

    BreadTypes-05.jpg


    පරළු පාන් කියන්නේ ඇඟට ගුණ විදියට පාන් කන්න ක්‍රමේ කියලා කොයි තරම් කිවුවත් අපි ඉතින් පරළු පාන් කන්නේ දියවැඩියාව තියෙනවා කියලා දොස්තර කිව්වට පස්සෙ තමයි. ඇත්තටම සාමාන්‍ය පාන් වල තියෙන රසය සහ මෘදු බව පරළු පාන් වල නැති නිසාමයි ගොඩක් දෙනා කැමති නැත්තේ. පාන් කියන වචනේ පෘතුගීසි හාදයන්ගෙන් ආව වගේ පරළු කියන එකත් ආවේ පෘතුගීසි Farelo කියන එකෙන් කියලයි දන්නෝ කියන්නේ. මේ එක්කම කියවෙන තවත් පාන් ජාතියක් තමයි කුරක්කන් පාන්. ඉතිහාසේ කියවෙන විදියට කුරක්කන් පාන් මුලින්ම හදලා තියෙන්නේ ලංකාවේ හිටපු සිරා බක්කරේ මාමා කෙනෙක් තමයි.



    6.මාළුවාව පෙන්නලා හදන පාන්


    BreadTypes-06.jpg




    මාළු පාන් කියලා කිව්වට ඇත්තටම ඕක බනිස් ගෙඩියක්නේ. ඉස්සර මාළු පාන් ගහන්නෙත් බේකරියේ තමයි. ඒ කාලේ ඇත්තම මාළු පාන් තිබුණත් දැන් තියෙන්නේ මාළුවාව අත ගාලා ඒ අතින් පිටි ටික අනලා හදන පාන් තමයි. ඊට අමතරව සීනි සම්බෝල පාන් වගේ දේවල් පස්සෙ පස්සෙ නිර්මාණය වෙනවා. හැබැයි ඉස්සර තිබුණු මාළු පාන් රසය නං දැන් හොයාගන්න නෑ.



    7. පුංචි රවුං සීනි බනිස්, දිගට හැඩට කිඹුලා බනිස් සහ ගල් වගේ ගල් බනිස්

    BreadTypes-07.jpg


    pic-37.png



    මේ ගැන කතා කරනකොට තියෙන ප්‍රධාන පැමිණිල්ලක් තියෙනවා. ඉස්සර බේකරියේ මාමා හදන සීනි බනිස් ගෙඩිය සහ කිඹුලා බනිස් ගෙඩිය එක්ක බලනකොට දැන් තියෙන සීනි බනිස්, කිඹුලා බනිස් අය්යෝ සල්ලි කියලා හිතෙන එක වළක්වන්න බෑ. ඉස්සර කිඹුලා බනිස් ගෙඩිය සෑහෙන ලොකුයි වගේම හොඳ බරට පිරිලා තියෙනවා. එක කිඹුලෙක් කෑවහම බඩ ෆුල්. සීනි බනිස් වුනත් බේකරියේ හදන එව්වා හොඳ ලොකුවට, ලෝබ නැතුව සීනි උඩින් ඉහලා තමයි හදන්නේ. ඒත් දැන් ඒ කොලිටිය හොයන්න නෑ, ඔය ගමේ බේකරියක අහම්බෙන් හම්බුණොත් මිසක්. එතකොට ගල් බනිස් නං දැන් හොයන්නම නෑ. ඉස්සර තිබුණු ගල් බනිසකින් ගහලා ඕන්නං එකෙක් මරන්නත් පුළුවන්. දැන් මරදානේ සල්ගාදු බේකරියේ, කොහුවල සුමනදිසි බේකරිය වගේ තැනක, එහෙම නැත්තං තාම පරණ සිස්ටම් එකට දුවන ගමේ බේකරියක ඇරෙන්න ගල් බනිස් හොයනවා බොරු.

    දැන් ගොඩක් බේකරි වල කරන තව ආතල් වැඩක් තියෙනවා. හදනවා අල්ලක් සයිස් සීනි බනිස් සහ කිඹුලා බනිස්. කථාවට නෙවෙයි, ඇත්තටම මේවල සයිස් එක අල්ලක් තරමට ඇති. හැබැයි ගාණ වෙන්නේ අර ලොකු බනිසකින් බාගයක් විතර. කොහොමද ඉකොනොමිකල් ටිකිරි මොලේ!



    8. තාම තියෙන දඟර බනිස්


    BreadTypes-08.jpg





    සාමාන්‍යයෙන් අපි දකින බනිස් ගෙඩියක් වගේ කීප ගුණයක් ලොකු මේ බනිස් ගෙඩිය දඟර දඟර රටාවකට තියෙන්නේ. පැණි රසක් තියෙන මෘදු බනිස් ජාතියක් වෙන මේවලින් එකක් ගොඩක් වෙලාවට හතර දෙනෙක් ඉන්න පවුලක හවස තේ එකට වැඩිත් එක්ක. මේ වලට සමහර වෙලාවට මුද්දරස්පලම් එහෙමත් දාලා හදලා තියෙනවා. දැන් වුනත් බේකරියකින් මේ බනිස් හොයාගන්න පුලුවන්. ඒ විතරක් නෙවෙයි, දැන් සුපර් මාකට් වලටත් මේ සයිස් එකේ, මේ ක්‍රමයේ දඟර නැති බනිස් එක ඇවිත් තියෙනවා පැකට් කරලා.



    තිරිඟු පිටි වලින් හදන පාන් ලංකාවේ ක්‍රමේට බඩ ඉරිඟු පිටි වලින්, ඕළු ඇට වලින් හදන්න පුලුවන් කියලා කියපු ලංකාවේ සුපිරි පොරවලුත් කාලෙන් කාලෙට මතුවෙනවා. ප්‍රශ්නේ තියෙන්නේ ඒ වගේ වැඩකට අත හිත දෙන්න කෙනෙක් නැති නිසා ඒවා එහෙම්මම නැති වෙලා යනවා.










    source:අනිවා:lk
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,194
    8,926
    113
    Dubai
    BreadTypes-04.jpg


    අඩේ රොස්පාන් කෑල්ලක් කාපු කාලයක් මතක නෑ
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,193
    11,219
    113
    Forest
    BreadTypes-04.jpg


    අඩේ රොස්පාන් කෑල්ලක් කාපු කාලයක් මතක නෑ

    මන් මහ ආස නැති රෙද්දක් ඔය. රස්නේ පිටින් කෑවේ නැත්තන් crust එක thick වැඩිනන් දත් කඩල යනවා හපන්න ගියාම. එහෙම සම්බෝල එක්ක කෑවම ටික වෙලාවකින් දන්න ගන්නවා කට තුවාල වෙලා. මට විතරද මෙහෙම වෙලා තියෙන්නේ? :baffled:
     

    Hitan123

    Member
    Oct 25, 2016
    14
    2
    0
    මන් මහ ආස නැති රෙද්දක් ඔය. රස්නේ පිටින් කෑවේ නැත්තන් crust එක thick වැඩිනන් දත් කඩල යනවා හපන්න ගියාම. එහෙම සම්බෝල එක්ක කෑවම ටික වෙලාවකින් දන්න ගන්නවා කට තුවාල වෙලා. මට විතරද මෙහෙම වෙලා තියෙන්නේ? :baffled:

    තෝ නං මල් පොන්නයෙක්ද කොහෙද ...එහෙම දත් කැඩෙන් නැහැ පොන්සියෝ ..අනික සැරට කාල ප්ලේන් tea එකක් ගැහුවම මරු ..
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,639
    13,350
    113
    හොරි බනිස් /කුෂ්ට බනිස් ගැන ලියල නැනේ
     

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    දැන් තියන රෝස් පාන් නම් කිසිම රෝස් ගතියක් නෑ :no::no::no::no:
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,163
    17,070
    113
    ඊයේ ඌරු මස් කරියක් එකක් කැවා බන් පහක් විතර. :D:D

    හම්ම කොහෙන්ද බන් ඌරු මස්?වල් ඌරද?:P:P:P
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    BreadTypes-04.jpg


    අඩේ රොස්පාන් කෑල්ලක් කාපු කාලයක් මතක නෑ

    කාල රෝස් පාන් එක තමයි මරු පරිප්පු එක්ක සම්බෝල එක්ක කන්න
    :love::love::love::love:
     

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,644
    5,722
    113
    BREAD

    A loaf of bread was 35 cents when I was young. 1/2 loaf 18c and 1/4 9c at that time. During 1970-77 Mrs Bandaranayaka's government, bread was a luxury food item. Every household being issued with a card to purchase bread (paan kaard eka ), and issued a 1/2 a loaf per adult, per day, (cant exactly remember what was the kids daily allocation). When you present your CARD with money, vendor cross out the appropriate day in the card, and hand over the bread. People wake up early in the morning, and get in to bread queues, otherwise bread will run out. It's really troublesome in those queues, there was even MURDERS:shocked: in the bread queues.


    Imagine what's going to happen, if you have to buy bread like that, today ??:angry::angry: