විශිශ්ටයි.............වෙන කියන්න වචන නැහැ
බොහොම ස්තුතියි ඔබට...
විශිශ්ටයි.............වෙන කියන්න වචන නැහැ
මේ කමෙන්ට්ස් කියවලා මගෙ ඇස් වලට කඳුළු ආවා රොන් අයියා.. ඇත්තටම නිර්මාණය නම් අති විශිෂ්ඨයි.අද සමාජේ ගොඩක් දෙනෙක් රේස් එකේ.ඒ තුල තමන්ව හැදූ වැඩූ ආදරනීය දෙමවුපියන්ව අමතක වෙනවා.ඔවුන් මෙලොවින් සමු ගත්තම තමා අගේ තේරෙන්නේ.එතකොට ප්රමාද වැඩී.... අයියගේ සෑම නිර්මාණයක් තුලින්ම කථාව මැවිලා පේනවා.මේ නිමාණෙත් එසේමයි."අපෙ මඟුල් කාර් එක පිටි පස්සෙන් ගොඩක් දුර ඇවිදන් ආවා.".....මටත් මීට වඩා ලියන්න බෑ...![]()
දෑසෙ කදුළු මතුකරපු මේ නිර්මාණය ගැන මොනවා කියන්නද කියලා හිතා ගන්න බෑ අයියේ.. පෞද්ගලිකව තාත්තා කියන චරිතය මගේ ජීවිතේ මහා හෙවනැල්ලක් ...හැම වෙලේම මගේ හා අක්කලාගේ දුක සැප හොයමින් පුදුම කැපකිරීම් කරමින් ඉන්න පුද්ගලයෙක් ...තාත්තා නැත්නම් අද මම මේ ඉන්න තැන නෑ..උතුරායන පිතු සෙනෙහස පුදුම දෙයක් ..වෙන තාත්තලට වඩා අපේ තාත්තා ආදරේ කියන එක නොසගවා පෙන්නුව කෙනෙක්..අද ඈත්වෙලා ඉන්දැද්දි එක දවසක් කෝල් කරන්න බැරි වුනත් තාත්තා ඉන්නේ මහා වේදනාවකින්..සති අන්තයේ ගෙදර එනකොට පාරදිහා බලාගෙන ඉන්න හැටි මට මතක වෙනවාඅපේ කාර්ය බහුල ජීවිත එක්ක දෙමවුපියො එක්ක ගත කරන කාලය අඩු වෙලා
..ඒ මිනිස්සු අපි වෙනුවෙන් දක්වන සෙනෙහස කවදා වෙන කිසිවකු අප කෙරේ දක්වයිද..හිතාගන්න බැරි මානුශීය බැදිම් ගැන සිතුවිලි විවර කරමින් කරවූ මේ නිර්මාණය උදෙසා අයියට බොහෝම පිං කියලා කියන්න වෙන්නේ..
Herat touching poem
Very well done Boss
මුකුත්ම කියන්නේ නැ අයියේ මගේ ඇස් වලට කදුලු ආවා...
මම කවදාවත් මගේ දෙමවිපියන් තනි කරන්නේ නැහැ..
මේක කියවලා මම කරපු අධිෂ්ඨානය ඒකයි.. ස්තුතියි අයියේ..
පිය සෙනෙහසක් ගැන මීට වඩා කුමක් ලියන්නද?
පියකුගෙන් නොලැබුනු සෙනෙහසක් ගැන මගේ කවි පෙලකුත් ඔබ සියල්ලන් සමඟ බෙදා ගැනීමට කැමතියි.
පියාණෙනී
සෙනෙහස ඉල්ලා හද වැලපුනු හැටි ඔබ දන්නේ නැහැ පියාණෙනී
කඳුළක් සැලුවා ඉකිබිඳ හැඬුවා ඔබ දුටුවේ නැහැ පියාණෙනී
දරුවකු ලෙස ඔබ උණුසුම විඳිනට පින් කෙරුවේ නැහැ පියාණෙනී
තුරුළට ගෙන මා සිප ගත්තේ නැහැ දරුනු වුනේ ඇයි පියාණෙනී
සුව සැප දීලා ඇති දැඩි කෙරුවත් සෙනෙහස සඟවා පියාණෙනී
පාසැල් දිවියෙන් මිතුරන් ඇසුරෙන් පියවරු දුටුවා පියාණෙනී
දෑත දරා හිස පිරිමැද සනසන පියවරු දුටුවා පියාණෙනී
මට පමණක් ඔබ පියෙකු නොවූයේ ඇයි මගෙ ආදර පියාණෙනී
ලොවකට සිප් ණැන බෙදා දුන්නු ඔබ ඔවුනට දෙවියෙකි පියාණෙනී
ඔබ උකුලේ සිට අකුරු කරන්නට පින් කෙරුවේ නැහැ පියාණෙනී
සිප් සතරින් මා අගතැන්පත් කර කිරුළු පැළැන්දූ පියාණෙනී
දිවි රජ දහනේ සිහසුන මත මා සෙනෙහස නොමැතිව පියාණෙනී
වියපත්වූ දා දෑසම නොපෙනී සෙනෙහස ඉල්ලා පියාණෙනී
මා ඇකයේ ඔබ බිළිඳකු වූ සැටි පුදුමයි ආදර පියාණෙනී
දරුවකු ලෙස ඔබ සූවඳ නොදත් මා වැඩිහිටි වූ දා පියාණෙනී
සීතල ගත ඔබ සුවඳ විඳින්නට දරුවකු වූ සැටි පියාණෙනී
මල්ලියට බොහොම ස්තුතියි අදහස්වලට...
මල්ලියා ආයේ විගහට එනකම් මං මග බලාගෙන ඉන්නවා....
ඉක්මනට නැගිටින්න..ඔබ අවට අය අවදිවෙලා වැඩ පටන් අරන්....කාලය හරියට වටිනවා...
මල්ලිට ජය...
Harima Sanwedi Nirmanayak.mata eeye ahanna lebunu deyath ekka mewa podi dewal kiyala hithenawa. me balu tharagaya minissunge thaawa kaalika sathuta ethikarath deergakaaleena Pasuthevillak kiyala therum gannawa nam..![]()
mama ekmanatama enawa ron aiye...
samahara wita adama mama wada pan gani..
godak sthuthi aiyata..
harima sanwedi nirmanayak ayye
hithata thadin danuna
kiyanna wachana ne
![]()
මේ රේස් එක ඇතුලේ අපේ ගොඩක් අයට ජීවිතය මගහැරෙන තැනක් මේක...
ඔවුන් රේස් එක දිනනවා.. හැබැයි ජීවිතේ පරාදයි.....
ඉතාම සංවේදී අදහසක්............ වටිනා නිර්මාණයක් යාළුවා... වටිනා නිර්මාණයක්
රොන් අයියගෙ නිර්මාණය මාව ඇඩෙව්වා
පොඩිකාලෙ ඉදන්ම අපේ පිටිපස්සෙන් හෙවනැල්ලක් වගේ හිටියෙ, ඉන්නෙ තාත්තා
මා තුල ඇති නිර්මාණශීලී කුසලතාවන් පවා මට ලැබුණෙ තාත්තගෙන්, ඒ නිසා අදටත් කවියක් ලිව්වම ඉස්සෙල්ලම දුවන්නෙ තාත්තව හොයාගෙන.
මේ නිර්මාණය හුගක් වටිනවා අපිට, මොකද අපේ අරමුණු කරා යන ගමනෙදි නිර්මාණයේ කථා නායකයා අතින් සිදුවූ වරද අපි අතින් සිදු නොවෙන්න වග බලාගතයුතු බව හිතට කාවැදුනා මේක කියෙව්වම
අයියට පින්
අනේ...................................![]()
හරිම සංවේදී නිර්මනයක් අයියා.....නෙතට කඳුලක් උනන්න තරන් දෙයක් මේ නිර්මනය තුල තියෙනවා.......
අපිට නොදැනෙන සෙනෙහසක් ගුලි කරන් තමයි අපේ දෙමාපියන් අපිට අපේ අනාගතය සාර්තක කරගන්න වෙහෙසෙන්නේ, කැපවීම් කරන්නේ......
එහෙත්, අපි අපි ගැනම හිතමින් හිටියොත්, ඒ අපෙ දෙමාපියන්ට අපෙන් වෙන්න ඔනා යුතුකම් මගහැරෙනවා....කොයි අකරයකට හෝ ...එතකොට අපි ප්රමාදයි.ඊට පස්සෙ අපි ලැතැවෙනවා.....කිසිවක් කරන්න බැරි උනා කියලා.......
ඇපි ඔක්කොටම මේ නිර්මානය ආදර්ශයක්........තම තමන්ගේ හදවතට තට්ටු කරන්න කියාපු අපූර්ව නිර්මනයක්