~පාපොච්චාරණයක්~

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
තාත්තා... අප්පච්චි... ගෙදර මුදුන් ලීය..අපි හැමෝම තාත්තගේ සෙවණේ...

අපේ තාත්තා කවදාවත් පේන්න මට ආදරය දක්වලා නැහැ. මම හිතන්නේ හුඟක් තාත්තලා එහෙමයි. ඒත් මම දන්නවා තාත්තා තමයි ගෙදර හැම දෙයම.

මුදුන් ලීය උනත් දවසක දිරනවා. ඒ වෙලාවට වාරු තියන්න අපි ලග ඉන්න ඕනේ. ඒක තමයි අපේ යුතුකම. ඒත් ඕනේ වෙලාවට අපි ලඟ හිටියේ නැත්නම්.. එහෙනම් ඒක කවදාවත් ගෙවලා ඉවර කරන්න බැරි පාපයක් වෙනවා.

හරිම සංවේදි නිර්මාණයක් රොන් අයියේ...


bohomathma sthuthi malliya
 

subashani

Member
Dec 15, 2009
785
45
0
COLOMBO
හරිම සන්වේදියි.
යථාර්ථය අපූර්ව ලෙස ගෙත්ත්ම් කිරිමී හැකියව ඔබට හොදින් පිහිටා ඇත
 

Elcid

Member
Dec 22, 2009
4,123
331
0
36
in a mathematical formula
ගොඩාක් වටින නිර්මාණයක් අයියේ..
තාත්තාගෙ ආදරේ සඟවගෙන ඉන්න ආදරයක් වගෙයි මට නම් දැන්නෙනේ.. අම්මා වගේ හිතේ තියෙන අදහස් පිට කරල සැනසෙන්න තාත්තට බෑ. හැම දෙයක්ම හිතේ තියාගෙන දුක් වෙනවා. පුතෙක් විදියට මට ඒක හොඳටම දැනෙනවා. අපේ හැම දේකදිම අපි හැරිල බලනකොට පසුපසින් පෙනෙන්න ඉන්නෙ අම්ම තමයි. ඒත් ඒ හැම වෙලාවකම අපේ ශක්තිය තාත්තා.
:( මම අදයි මේ නිර්මාණය දැක්කේ .
ගොඩාක් වටින සංවේදී නිර්මාණයක් අයියා..
මේ වගේ නිර්මාණ කරන්න ඔබට තවත් ශක්තිය දෛර්යය ලැබේවා !!
 

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
ගොඩාක් වටින නිර්මාණයක් අයියේ..
තාත්තාගෙ ආදරේ සඟවගෙන ඉන්න ආදරයක් වගෙයි මට නම් දැන්නෙනේ.. අම්මා වගේ හිතේ තියෙන අදහස් පිට කරල සැනසෙන්න තාත්තට බෑ. හැම දෙයක්ම හිතේ තියාගෙන දුක් වෙනවා. පුතෙක් විදියට මට ඒක හොඳටම දැනෙනවා. අපේ හැම දේකදිම අපි හැරිල බලනකොට පසුපසින් පෙනෙන්න ඉන්නෙ අම්ම තමයි. ඒත් ඒ හැම වෙලාවකම අපේ ශක්තිය තාත්තා.
:( මම අදයි මේ නිර්මාණය දැක්කේ .
ගොඩාක් වටින සංවේදී නිර්මාණයක් අයියා..
මේ වගේ නිර්මාණ කරන්න ඔබට තවත් ශක්තිය දෛර්යය ලැබේවා !!

මේක ටිකක් කල් ලියලා..ගොඩාරියක් ස්තුතියි අදහස් දැක්වීම ගැන මල්ලියට...

දෙමාපියන්ට වඩා තවත් මොනවද.... ඒ අය වෙනුවෙන් හෙලන්න කඳුලක් අපි ලඟ නිරතුරුව ඉතිරි වෙලා තියෙන්නම ඕනෙ.....
 

nisha500

Member
Jan 30, 2010
2,155
248
0
harima sanwedi nirmanayak bro..piya senahasa apooruwata kiyala thiyenawa,aththatama mata nam meka kiyawaddi kandulu awa...agana nirmanayak..
 

luckymalli

Member
Oct 25, 2009
448
12
0
Maharagama
පිය සෙනෙහස මව් සෙනෙහසට වඩා හුගාක් වෙනස්....හුගාක් ගැබුරුයි...ඒ වගේම නිහඩයි
දරුවෙක්ව වැඩියෙන්ම තේරුම් ගන්නේ පියා.....තර්ක විතර්ක කොයිතරම් තිබ්බත්.....ඒක තමා ඇත්ත

දරුවො ලොකු වෙන්න වෙන්න..එයාලගෙ ලෝකේ හදා ගන්න දගලද්දි..දෙමාපියො එයාලගේ ලෝකවලින් ටික ටික ඈත් වෙනවා....අසාධාරය විදියට එහෙම නොකලත්...කාලයාගේ ඇවෑමෙන් එහෙම සිද්ධ වෙනවා.....ලෝක ස්භාවය ඒකයි.....

දරුවෝ එයාලගේ හැම දේම සම්පූර්ණ කරගෙන එද්දී...දෙමාපියන්ගේ කාලය අවසන් වෙලා....

හුගාක් හිතට දැනුන නිර්මාණයක් අයියේ.....යමක් මතක් කරල දුන්නා කිව්වොත් වඩාත් නිවැරදියි.....

ඒ තමා කාලය ගෙවෙනවා...ආපහු හරවන්න බැරි විදියට.....
කාලයත් එක්කම අපි අපේ යුතුකම්....ආදරය....ඒවාත් යනවා....

අයියා මේ නිර්මාණය තුලින් අපිට කියන්නෙත් ඒකයි....


හුගක් හැගීම් බර නිර්මාණයක්...දිගටම ලියන්න ... :yes::yes:
 
Last edited:

mdee

Member
Jun 27, 2009
1,810
99
0
Small Planet
හරිම සන්වේදී නිර්මාණයක්, මෙහි අගය වැඩිපුර හා නැවත නැවතත් දැනෙනවා... පදපෙල කවදත් වගේ ඕනම හිතක පතුලට කිඳා බසීන්න සමත්, ජය.
 

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
හරිම හැගීම්බරයි.මට නම් මෙහි අපූර්වත්වය කොහොම විස්තර කරන්නද කියලා හිතාගන්න බෑ....

බොහොමත්ම ස්තුතියි නංගියා අදහස්වලට
 

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
හරිම සන්වේදී නිර්මාණයක්, මෙහි අගය වැඩිපුර හා නැවත නැවතත් දැනෙනවා... පදපෙල කවදත් වගේ ඕනම හිතක පතුලට කිඳා බසීන්න සමත්, ජය.

බොහොමත්ම ස්තුතියි සොයුර. මේක කාලෙකට ඉහත ලියපු නිර්මානයක්.නැවත ඉහලට එසවිලා...
 

chandi_mendis

Member
Jan 5, 2010
407
44
0
64
Borlesgamuwa.
අයියෙ, අයියගෙ නිර්මානය දැක්කම මට මගෙ හදවත වාවගන්න බැරි උනා. කලින් ලියපු නිර්මානයක් උනත් අායෙ ඉස්මතු කල ඒකට ස්තුතියි. මගෙත් තාත්ත තමයි මගෙ ජීවිතයෙ පරමාදර්ශය. අදටත් නිහඩව අපි දිහා බලල සතුටු වෙන ඒක තමයි මගෙ තාත්ත කරන්නෙ.
මටත් හිතෙනව හුග වෙලාවට අපි අතින් ඒ අයගැන සොයා බැලීම අඩුවෙනවද? කියල. කොපමන කරදර මැද උනත් ඒ අය ගැන සොයා බැලුවත් මදිවගෙ. තාත්ත නිතරම කියන දෙයක් තමයි වයසට යනවිට කල්පනාව නම් නැතිවෙන්න ඒපා කියල.
අද ඉන්න දරුවන්ට යුතුකමක අගය යලි මතක් කිරීමක් කරල තියෙනව ෙම් අගනා පැදිපෙලෙ. ඔබට ජය!