පාර්ලිමේන්තු මහත්තයෝ
පාර්ලිමේන්තු මහත්තයෝ........
දැන් නම් උඹ හැඩයි...
ඒත් උඹ දැන් හරි සැරයි...
දැන් උඹ ලග ඉන්නත් මට බයයි....
මොනා උනත් උඹ තාමත් වඳයි...
කන්න නැති අපිට
දිරවන්න බැරි තරම්
ඇගවල් නැහැ...
තුරුල් කරන් තොල් ඉබින්න අපිට
කෙල්ලො නැහැ...
එහෙවු එකේ අපිට මොකට
ඔරු පදින්න දියවන්නාවක්....
මහත්තයෝ අපිට හරි දුකයි...
අපිට අපි ගැනම හරි දුකයි....
තරු පහේ හොටල් වල මධුසමය ගන්න
හීන මැවුවේ නැහැ....
උකුලේ තියන් සන්සවන්න වෙලා
තිබ්බේ නැහැ....
එහෙවු එකේ අපිට මොකටද
එල්ලෙන්නට නේලුම් කුලුනු...
මහත්තයෝ අපිට හරි දුකයි...
අපිට අපි ගැනම හරි දුකයි..
ණය පොතේ පිටු පෙරලෙනවා..
එයා අරාබියේ ඔටුවෝ බලන්වා...
මාස තුනක් ගියා ලියුමක් වත් නැහැ..
මට කිරි එරෙන්නෙ නැහැ..
පොඩි උන් නිදා ගන්නේ නැහැ...
මහත්තයෝයෝ..........
අපිට හරි දුකයි...
අපිට අපි ගැනම හරි දුකයි..



දැන් නම් උඹ හැඩයි...
ඒත් උඹ දැන් හරි සැරයි...
දැන් උඹ ලග ඉන්නත් මට බයයි....
මොනා උනත් උඹ තාමත් වඳයි...
කන්න නැති අපිට
දිරවන්න බැරි තරම්
ඇගවල් නැහැ...
තුරුල් කරන් තොල් ඉබින්න අපිට
කෙල්ලො නැහැ...
එහෙවු එකේ අපිට මොකට
ඔරු පදින්න දියවන්නාවක්....
මහත්තයෝ අපිට හරි දුකයි...
අපිට අපි ගැනම හරි දුකයි....
තරු පහේ හොටල් වල මධුසමය ගන්න
හීන මැවුවේ නැහැ....
උකුලේ තියන් සන්සවන්න වෙලා
තිබ්බේ නැහැ....
එහෙවු එකේ අපිට මොකටද
එල්ලෙන්නට නේලුම් කුලුනු...
මහත්තයෝ අපිට හරි දුකයි...
අපිට අපි ගැනම හරි දුකයි..
ණය පොතේ පිටු පෙරලෙනවා..
එයා අරාබියේ ඔටුවෝ බලන්වා...
මාස තුනක් ගියා ලියුමක් වත් නැහැ..
මට කිරි එරෙන්නෙ නැහැ..
පොඩි උන් නිදා ගන්නේ නැහැ...
මහත්තයෝයෝ..........
අපිට හරි දුකයි...
අපිට අපි ගැනම හරි දුකයි..


