අවුරුදු 20ට කලින් අපේ ගෙදර බල්ලෙක් හිටියා ඌ අපේ පැත්තෙ එක ඩයල් එකකට බුරනවා. ඌ පාරේ පයින් ගියත් ගේට්ටුව ගාවට ගිහින් බුරනවා. ඌගේ බයිසිකලේ සද්දේ ඇහෙනකොටත් බුරාගෙන ගේට්ටුව ගාවට යනවා. චේන් එක දාලා පාරේ තියන් ඉන්නකොට දැක්කත් කන්න පනිනවා. එලියට පැන්නොත් ගෙවල් 5ක් එහා තියෙන ඌගෙ ගේ හොයන් ගිහින් ඉස්සරහ රෙනව. හැබැයි වෙන මිනිස්සුන්ට එහෙම නෑ. ඌ මිනිස්සුන්ව කොටව කොටව කේලම් කිය කිය දියුණු වෙන අයට ඉරිසියාවෙන් රටේ නැති පද හද හද දන්සැලකට වත් කීයක් හරි නොදෙන පට්ට කුනු ලෝභ චරිතයක්. සමහර බල්ලන්ට තේරෙනවා නරක මිනිස්සුන්ව. අද ඒ බල්ලත් මනුස්සයත් ජීවතුන් අතර නෑ. බල්ලා අවුරුදු 12ක් ජීවත් උනා. අර මනුස්සයා කැන්සර් එකක් හැදිලා මැරුනා.
බල්ලන්ට පිළිකා හඳුනාගැනීමේ හැකියාවක් තියෙනව
https://en.wikipedia.org/wiki/Canine_cancer_detection
https://www.health.com/condition/ovarian-cancer/dog-detects-owners-cancer-before-doctors
