ඔව් මෝරපු කිතුල් ගස් වෙන්නත් ඕන. ගහේ වටේට තියෙන ගනකම හරිය අයින් කරාම මැද ස්පොන්ජ් වගේ සුදු පාටට හුරු ලා ක්රීම් පාටක් වගේ තියෙන කොටසක් තියෙන්නේ. අන්න ඒක අරගෙන වතුරෙන් හෝදනකොට තමයි පිටි ටික වතුරට එකතු වෙන්නේ. ඊටපස්සේ ඒ වතුර පිරිසිදු සුදු රෙද්දක් වගේ අරගෙන පෙර ගන්න ඕන. එතකොට රෙද්දේ කිතුල් පිටි රැඳෙනවා. මං දන්න විදිය නම් ඕක. වෙන විදියක් තියෙනවා ද දන්නේ නෑ ඔක්කොම එකට අඹරලා වගේ ගන්න. සෑහෙන පොඩ්ඩයි ඔහොම එක ගහකින් හදා ගන්න පුළුවන් මම දැකලා තියෙන විදියට නම්.
ආ මේ තියෙන්නේ විස්තරය දාලා. මටත් හරියට මතක නැතිව තිබ්බේ. කාලෙකට කලින් මමත් දැක්කේ
------ Post added on Aug 27, 2025 at 5:59 PM