පාවෙන~පොත්නැව~ආයෙත්~කොළඹට

mudrana

Member
Jan 29, 2007
16,995
1,313
0
50හෙ පන්තියේ
පාවෙන~පොත්නැව~ආයෙත්~කොළඹට

ලෝකයේ විශාලම සහ ජනප්‍රියම ජංගම පොත් ප්‍රදර්ශනාගාරය ලෙස සැළකෙන ලෝගොස් හෝප් පොත් නෞකාව මෙම මස 22 වැනිදා කොළඹ වරායට ළඟාවීමට නියමිතය.

දර්ශනය,ආගම,සමාජීය විද්‍යාවන්,භාෂා,විද්‍යා,කලා හා සාහිත්‍ය ආදී ක්ෂේත්‍ර ගණනාවක පොතපත ලොගොස් හෝප් හි ඇත.

නෞකාවට ගොඩනගින්නෙකුට පොතපත මිලදී ගැනීමට,හා පරිශීලනය කිරීමට අවස්ථාව තිබේ.තමන් සන්තකයෙහි වටිනා පොතපත ඇත්නම් ඒවා ලෝගෝස් හෝප් ප්‍රදර්ශනාගාරයට පරිත්‍යාග කිරීමටද හැකිය.

නෞකාවේ කාර්යමණ්ඩලය රටවල් 40 ක පමණ සාමාජිකයින් පිරිසකගෙන් සැදුම් ලද්දක් වන අතර ඔවුහු සේවය කරන්නේ ස්වේච්ඡාවෙනි.

මෙම මස 22 වැනිදා සිට එළැඹෙන නොවැම්බර් මස 12 වැනිදා දක්වා ලොගොස් හෝප් කොළඹ වරායේ නැංගුරම් ලා තැබෙනු ඇත.


source : lankadeepa.lk
 
  • Like
Reactions: Garrus

Ninja hattori

Well-known member
  • Jan 22, 2012
    1,895
    373
    83
    මම මේක ආපු මුල් සැරේ ගියා නැව හොදයි පොත් තියනවා නැවේ කෑමත් තියනවා කැමති අයට ඒවයි රස බලනත් පුලුවන් සල්ලි දීලා :D
    හැබැයි මම ගිය දවසේ නම් යටින් වෙන ආගමකට හරව ගැනීමක් උනා නැව ඇතුලේ :baffled:
     

    Ninja hattori

    Well-known member
  • Jan 22, 2012
    1,895
    373
    83
    සමාජ විද්‍යාව අනං මනං ලබ්බක් නෑ ඕකේ
    තනිකර කතෝලික ආගම ප්‍රචාරය කිරිල්ලක් තියෙන්නේ

    ඔව් මචන් මම හිය දවසෙත් කතෝලික ආගම ගැන පොඩි පොඩි පොත් බෙදුවා නැවට ඇතුල් වෙද්දිම. නැවේ කෲ එක සමහර අයව තැන තැන තියන් දේශන එහෙමත් දෙනව පොඩි ඉස්කෝලෙ යන වයසේ වගේ ලමයින්ව ඒ අයව නැවේ පොත් නැති කොටස් වලටත් එක්කන් ගියා පෙනන්න ඒ කොටස් වල තමයි නැවේ කට්ටිය ඉන්නේ.
     

    Black Rider

    Active member
  • Aug 27, 2012
    567
    113
    43
    ඔකේ ආගම ගැන පොත් නම් ඕන තරමක් තියෙනවා.. මාත් එක පාරක් ගිහින් ගේනවා. තවම කියෙවුවෙත නෑ.. එහෙම්මම දාල තියෙනවා..
     

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,502
    5,853
    113
    හෝම් ස්වීට් හෝම්
    ඔකේ ආගම ගැන පොත් නම් ඕන තරමක් තියෙනවා.. මාත් එක පාරක් ගිහින් ගේනවා. තවම කියෙවුවෙත නෑ.. එහෙම්මම දාල තියෙනවා..

    සල්ලි දීලා නං මොකුත් ගත්තේ නෑ පොඩි පොත් wrist bands pen and pencil නං ලොට් ගනං ඉස්සුවා :lol::lol: