පාසල් සිසුන්ට කොම්පියුටර් තහනම් කරයි
වාස් ගුණවර්ධනගේ ඉන්ටෙර්නෙට් තහනම
Uploaded by admin feature, interviews, Politics 4:56 AM

කුරුණෑගල ප්‍රදේශයේ වයස අවුරුදු 18 ට අඩු සෑම ළමයකුටම ඉන්ටර්නෙට් කැෆේවලට ඇතුළුවීම ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි වාස් ගුණවර්ධන විසින් සම්පූර්ණයෙන් තහනම් කර තිබේ. පාසල් ළමුන්ට "ඉන්ටර්නෙට් කැෆේ” වලට ඇතුළුවීමට අවශ්‍ය නම් පාසලේ විදුහල්පතිවරයාගෙන් ලබාගත් අවසර පත්‍රයක් අනිවාර්යයෙන්ම තිබිය යුතුය. මේ තලිබාන් නීතිය නිසා තොරතුරු තාක්ෂණය ළමුන්ට අහිමි වේ. එහෙත් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි වාස් ගුණවර්ධන ගේ තර්කය වනාහී මෙම පියවරෙන් පාසල් ළමුන්ට "ඉන්ටර්නෙට් කැෆේ” වලට ගොස් අසභ්‍ය වෙබ් අඩවි වලට පිවිසීමට මාර්ගය ඇවිරීමකි.
එසේ නම් කල යුතු දෙය වන්නේ අසභ්‍ය වෙබ් අඩවි බාදක හෙවත් පේරන්ටල් කන්ට්‍රෝල් මෘදුකාංගය ස්ථාපිත කිරීම සහ එය "ඉන්ටර්නෙට් කැෆේ” වල ඇති පරිගණක වල ස්ථාපිත කොට තිබේද යන්න සොයා බැලීමය. එසේ නැතිව මහදැන මුත්තා එළුවාගේ බෙල්ල කැපීම වැනි ඉන්ටර්නෙට් තහනම නොවේ.
ශ්‍රී ලංකා පොලිසිය සංස්කෘතික පොලිසියක් බවට පත්කරන මෙවැනි ක්‍රියා රටේ වියවස්ථාවට පවා පටහැනිය. පොලිසියට සුචරිතවත් වීමට අවශ්‍ය නම් වෙන ක්‍රියා මාර්ග බොහෝ තිබේ. රටේ ගණිකා මඩම් පවත්වාගෙන යන්නේ පොලිසියේ ආශීර්වාදයෙනි :ජීනා මැඩම්ගේ ගණිකා මඩම පවත්වාගෙන ගියේ පොලිස් අනුග්රහයෙනි. ලංකාවේ බොහෝ පළාත්වල කසිප්පු පෙරන මුදලාලිලා මාසිකව පොලිසියට ගතම් එක දෙති. මීට වසර කීපයකට පෙර පානදුර ප්‍රදේශයේ කසිප්පු මුදලාලි කෙනෙක් සහකාර පොලිස් අධිකාරී රොෂාන් සිල්වා හමුවීමට පැමිණ ඔහු සමග සතුටු සාමීචියේ යෙදෙමින් කසිප්පු උවදුර මැඩලීමට ක්‍රියා කල වලාන දූෂණ මර්ධන ඒකකයේ කෙලින් රාජකාරි කල නිලධාරියෙකුට අපහාස කල බව (මූලාශ්‍රය දිවයින පුවත් පත ) ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි වාස් ගුණවර්ධන නොදන්නවා විය හැකිය.
කුරුණෑගල ප්‍රදේශයේ වයස අවුරුදු 18 ට අඩු ළමයි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි වාස් ගුණවර්ධනගේ ඉන්ටර්නෙට් නීතිය
උල්ලංඝනය නොකිරීමට වග බලාගනු. මතකයි නේද නිපුන රාමනායක ළමයාට සිදුවූ දේ. නිපුන රාමනායක පහර කෑවේ වාස් ගුණවර්ධනගෙන් පමණක් නොවේ ඔහුගේ හාමිනේ ද කොලුවාගේ ඇඟ මතට නැග ඔහුට පහර දුන්නාය

Police karayata pissu hadilaa.....!! 