පාසල් සිසුන්ට කොම්පියුටර් තහනම් කරයි

autopost

Banned
Feb 13, 2011
33
10
0
පාසල් සිසුන්ට කොම්පියුටර් තහනම් කරයි

වාස් ගුණවර්ධනගේ ඉන්ටෙර්නෙට් තහනම

Uploaded by admin feature, interviews, Politics 4:56 AM

අමිල ගුණරත්න

කුරුණෑගල ප්‍රදේශයේ වයස අවුරුදු 18 ට අඩු සෑම ළමයකුටම ඉන්ටර්නෙට් කැෆේවලට ඇතුළුවීම ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි වාස් ගුණවර්ධන විසින් සම්පූර්ණයෙන් තහනම් කර තිබේ. පාසල් ළමුන්ට "ඉන්ටර්නෙට් කැෆේ” වලට ඇතුළුවීමට අවශ්‍ය නම් පාසලේ විදුහල්පතිවරයාගෙන් ලබාගත් අවසර පත්‍රයක් අනිවාර්යයෙන්ම තිබිය යුතුය. මේ තලිබාන් නීතිය නිසා තොරතුරු තාක්ෂණය ළමුන්ට අහිමි වේ. එහෙත් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි වාස් ගුණවර්ධන ගේ තර්කය වනාහී මෙම පියවරෙන් පාසල් ළමුන්ට "ඉන්ටර්නෙට් කැෆේ” වලට ගොස් අසභ්‍ය වෙබ් අඩවි වලට පිවිසීමට මාර්ගය ඇවිරීමකි.

එසේ නම් කල යුතු දෙය වන්නේ අසභ්‍ය වෙබ් අඩවි බාදක හෙවත් පේරන්ටල් කන්ට්‍රෝල් මෘදුකාංගය ස්ථාපිත කිරීම සහ එය "ඉන්ටර්නෙට් කැෆේ” වල ඇති පරිගණක වල ස්ථාපිත කොට තිබේද යන්න සොයා බැලීමය. එසේ නැතිව මහදැන මුත්තා එළුවාගේ බෙල්ල කැපීම වැනි ඉන්ටර්නෙට් තහනම නොවේ.

ශ්‍රී ලංකා පොලිසිය සංස්කෘතික පොලිසියක් බවට පත්කරන මෙවැනි ක්‍රියා රටේ වියවස්ථාවට පවා පටහැනිය. පොලිසියට සුචරිතවත් වීමට අවශ්‍ය නම් වෙන ක්‍රියා මාර්ග බොහෝ තිබේ. රටේ ගණිකා මඩම් පවත්වාගෙන යන්නේ පොලිසියේ ආශීර්වාදයෙනි :ජීනා මැඩම්ගේ ගණිකා මඩම පවත්වාගෙන ගියේ පොලිස් අනුග්‍රහයෙනි. ලංකාවේ බොහෝ පළාත්වල කසිප්පු පෙරන මුදලාලිලා මාසිකව පොලිසියට ගතම් එක දෙති. මීට වසර කීපයකට පෙර පානදුර ප්‍රදේශයේ කසිප්පු මුදලාලි කෙනෙක් සහකාර පොලිස් අධිකාරී රොෂාන් සිල්වා හමුවීමට පැමිණ ඔහු සමග සතුටු සාමීචියේ යෙදෙමින් කසිප්පු උවදුර මැඩලීමට ක්‍රියා කල වලාන දූෂණ මර්ධන ඒකකයේ කෙලින් රාජකාරි කල නිලධාරියෙකුට අපහාස කල බව (මූලාශ්‍රය දිවයින පුවත් පත ) ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි වාස් ගුණවර්ධන නොදන්නවා විය හැකිය.

කුරුණෑගල ප්‍රදේශයේ වයස අවුරුදු 18 ට අඩු ළමයි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි වාස් ගුණවර්ධනගේ ඉන්ටර්නෙට් නීතිය

උල්ලංඝනය නොකිරීමට වග බලාගනු. මතකයි නේද නිපුන රාමනායක ළමයාට සිදුවූ දේ. නිපුන රාමනායක පහර කෑවේ වාස් ගුණවර්ධනගෙන් පමණක් නොවේ ඔහුගේ හාමිනේ ද කොලුවාගේ ඇඟ මතට නැග ඔහුට පහර දුන්නාය​
 
  • Like
Reactions: Gru and snoop

Topology

Member
Feb 24, 2011
2,395
225
0
Out of Elakiri.
හොද වැඩක් නැත්නම් පොඩි ළමයි ඕවට ගිහිල්ලා කාලේ කනවා අනවශ්‍යය දේවල් එක්ක. නමුත් කළ යුතු දේ නම් කුඩා කල සිට මග පෙන්වීම මිස වැටවල් දැමීම නොව
මොකද මිනිසා නැමැති සත්වයාව හිරකරලා තියෙන්න බෑ.
 
cpasl123

Active member
  • Nov 19, 2008
    500
    63
    28
    Personally I think this is a good thing, because there is no reason a person below 18 should be using internet, most of the time they are using FB and watching porn/ playing games.

    Some one might argue its knowledge, but the harm done is more than the benefits. At this stage you should be reading books and stuff so to become a better thinker. Lot of students screw up their life in this stage.
     
    milroy319

    Member
    Nov 8, 2008
    887
    53
    0
    Private Hell
    technology ekedi karana waradi walata uththara denda one technology ekenmai. nathuwa ape rate wage traditional rules walin newei. cafe walata filters install karala filters monitor karan nathuwa studentslata rules daala hariyanawada...dan ithin ehe anith porawal hora cafe pot open karama podi ewn ewata gihin okkotoma wada amaruwe watenawa...
     
    Destiny Found

    Member
    Feb 17, 2011
    729
    123
    0
    ගොඩක් උන් කැෆේ වලට යන්නෙ මොකටද කියල අපි හැමෝම දන්නවනෙ. ඒක නිසා ඒකට ක්‍රියාමාර්ගයක් ගත් යුතුය්. නමුත් මීට වඩා ප්‍රායෝගික එකක්. කැෆේ එකක් හදන කොට ප්‍රමිතියක් තියෙනව. ඒ තමය් computers වෙන් කරපු cells වල තියන්නෙ නැතිව විවෘත තැනක තියෙන එක. එතකොට කාටවත් හොර වැඩ කරන්න බැහැ. පිටරට කැෆේ හදල තියෙන්නෙ එහෙම තමය්. ඉතින් කරන්න ඕන එහෙම හදන්න කියල නියෝග කරන එක.
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara

    මේක තමයි හොඳම solution එක.

    හොද වැඩක් නැත්නම් පොඩි ළමයි ඕවට ගිහිල්ලා කාලේ කනවා අනවශ්‍යය දේවල් එක්ක. නමුත් කළ යුතු දේ නම් කුඩා කල සිට මග පෙන්වීම මිස වැටවල් දැමීම නොව
    මොකද මිනිසා නැමැති සත්වයාව හිරකරලා තියෙන්න බෑ.

    කිසිම තේරුමක් නැති කතාවක් නේ. මේක මගපෙන්වීමක් නෙමෙයි, හිර කිරීමක්. එහෙනම් කොහොමද මේක හොඳ වැඩක් වෙන්නෙ.
    කරන්න ඕන Cafe වල computers cells වලින් අයින් කරල open විදියට තියන එක.
     
    Aktamge

    Well-known member
  • Oct 13, 2010
    5,165
    592
    113
    36
    @Kalutara
    ගොඩක් උන් කැෆේ වලට යන්නෙ මොකටද කියල අපි හැමෝම දන්නවනෙ. ඒක නිසා ඒකට ක්‍රියාමාර්ගයක් ගත් යුතුය්. නමුත් මීට වඩා ප්‍රායෝගික එකක්. කැෆේ එකක් හදන කොට ප්‍රමිතියක් තියෙනව. ඒ තමය් computers වෙන් කරපු cells වල තියන්නෙ නැතිව විවෘත තැනක තියෙන එක. එතකොට කාටවත් හොර වැඩ කරන්න බැහැ. පිටරට කැෆේ හදල තියෙන්නෙ එහෙම තමය්. ඉතින් කරන්න ඕන එහෙම හදන්න කියල නියෝග කරන එක.

    :yes::yes::yes::yes:
     
    Chinthaka_tc

    Member
    Jul 17, 2010
    4,450
    514
    0
    35
    සෙoකඩගල පුරවරය
    මේක තමයි හොඳම solution එක.

    කිසිම තේරුමක් නැති කතාවක් නේ. මේක මගපෙන්වීමක් නෙමෙයි, හිර කිරීමක්. එහෙනම් කොහොමද මේක හොඳ වැඩක් වෙන්නෙ.
    කරන්න ඕන Cafe වල computers cells වලින් අයින් කරල open විදියට තියන එක.

    ඒක තම විසදුම මචන්.... :D හන්ගගෙන ඉන්නකොටනේ ඔක්කොම හොර වෑඩ...:rofl:
     
    royweera

    Active member
  • Sep 27, 2008
    987
    104
    43
    ගොඩක් උන් කැෆේ වලට යන්නෙ මොකටද කියල අපි හැමෝම දන්නවනෙ. ඒක නිසා ඒකට ක්‍රියාමාර්ගයක් ගත් යුතුය්. නමුත් මීට වඩා ප්‍රායෝගික එකක්. කැෆේ එකක් හදන කොට ප්‍රමිතියක් තියෙනව. ඒ තමය් computers වෙන් කරපු cells වල තියන්නෙ නැතිව විවෘත තැනක තියෙන එක. එතකොට කාටවත් හොර වැඩ කරන්න බැහැ. පිටරට කැෆේ හදල තියෙන්නෙ එහෙම තමය්. ඉතින් කරන්න ඕන එහෙම හදන්න කියල නියෝග කරන එක.

    aniva meka thamai hodama visaduma
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    ඒක තම විසදුම මචන්.... :D හන්ගගෙන ඉන්නකොටනේ ඔක්කොම හොර වෑඩ...:rofl:
    අනිවා මචන්. මේවගේ ඒව නීති දාල කරන්න අමාරුයි. ප්‍රායෝගික විසඳුමක් තමයි ඕන.:nerd: