පාසලේදී අසනීපවූ දැරිය බිලිඳෙක් බිහිකරයි
හම්බන්තොට, රන්න ප්‍රදේශයේ 13 හැවිරිදි දැරියක් පාසලේදී ඇතිවූ හදිසි අසනීප තත්වයක් මත රෝහල් ගත කිරීමෙන්
අනතුරුව දරුවකු බිහිකර තිබෙනවා.
රන්න ප්‍රදේශයේ පාසලක නව වැනි ශ්‍රේණියේ අධ්‍යාපනය ලබමින් සිටි දැරිය ඉකුත් 11 දින පාසලේදී හදිසියේ අසනීප වී තිබෙන අතර
පාසලේ ගුරුමණ්ඩලය විසින් දැරියගේ බාරකරුවන්ට කළ දැනුම්දීමකින් අනතුරුව දැරියගේ කුඩම්මා පැමිණ ඇය පාසලේ සිට
පාසල් නිළඇදුමෙන්ම තංගල්ල මූලික රෝහලට ඇතුලත් කර ඇත.
රෝහලේදී අනාවරණය වී ඇත්තේ බාලවයස්කාර දැරිය අටමස් ගැබිණියක බවයි. ඒ වනවිටත් අසාධ්‍ය තත්වයේ පසුවූ දැරියට
ශල්‍යකර්මයක් සිදුකර බිලිඳා බේරාගෙන තිබෙනවා. අසාධ්‍ය තත්වයේ පසුවූ බාලවයස්කාර දැරිය මේ වන විට සුව අතට පත්වෙමින් පවතින බවද
බිළිදා ප්‍රතිකාර සඳහා හම්බන්තොට මහ රෝහල වෙත යවා ඇති බවද රෝහල් ආරංචි මාර්ග පවසයි.
මේ සම්බන්ධයෙන් පරික්ෂණ සිදුකල හුංගම පොලිස් ස්ථානයේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක එච්.බී.සී ප්‍රනාන්දු මහතා ඇතුළු නිළධාරිහු
රන්න කහදමෝදර ප්‍රදේශයේ පදිංචි 55 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාරගත
කර තිබෙනවා.
මෙම පුද්ගලයා බාල වයස්කාර දැරියගේ මාමා වන අයෙකු වන අතර මොහු දැරියගේ නිවස ආසන්නයේ නිවසක පදිංචිව සිට ඇති බවද පොලිසිය ප්‍රකාශ කරයි.

තව මේ වගේ වැඩි වැඩියෙන් ලමයි දූශණේ ටික කාලයක් තියාගෙන ඉඳල හිරෙන් එලියට එවන්න ඕනෙ 

නැත්තං ඒපැත්තෙ පොඩි ලමයි බඩත් උස්සං ඉස්කෝලෙ එන එක සාමාන්‍ය දෙයක්ද දන්නෑ 