මම ගියේ වවුනියා බ්‍රාන්ච් එකට. මට ඇපොයින්ට්මන්ට් තිබුණේ 12.15ට, වයිෆ්ට 12.30ට. අපි එතනට ගියේ 11.45ට විතර. එතන සිකියුරිටි එකේ ඉඳලා බහුතරයක්ම දෙමළ. ඒ මිණිස්සු හරිම සුහදයි. බොහොම කරුණාවෙන් කතා කරනවා. මම ගිහින් ඇපොයින්ට්මන්ට එක පෙන්නුවහම “ඉඳගෙන ඉන්න අයියා කතා කරන්නම්” කිවුවා. ටික වෙලාවකින් මගේ වෙලාවටත් කළින් කතා කළා. අදාළ අදාළ පෝලිම්වලට යොමු කළා. පැය භාගයක් ගියේ නෑ වැඩේ ඉවරයි. හැබැයි මම වන්ඩේ නෙවෙයි නෝමල් සර්විස් දැම්මේ. මෙතන හිටපු සිකියුරිටි කට්ටියගේ මම දැක්ක දෙයක් තමයි කිසිම ලොකු කමක් නෑ. සමහර පාස්පෝට් හදන්න ආපු අයට ඔෆීස් එකෙන් කතා කළාම, නම කිය කිය වත්ත වටේ හොයනවා අදාළ පුද්ගලයව. කිසිම සැර කිරීමක් බැණීමක් නෑ කාටවත්. අපිට හැමතැනකදිම සිංහල සිකියුරිටි කට්ටිය හම්බ වෙන හිංදා ද මංදා මෙතන හිටපු අයගේ වෙනස මට හොඳට තේරුණා.