ඊයේ මම පාස්පෝට් එක ගත්තා. බත්තරමුල්ලේ office එකෙන්, ඒකෙන් ලැබුන අත්දැකීම් ටික මේ විදිහට ලියන්නේ තව කෙනෙක්ට වැදගත් වෙන්න පුළුවන් නිසා.
>> passport එකට photo ගැහුවේ කොහෙන්ද?
passport photo හැම studio එකකම ගහන්නේ නැහැ. https://www.immigration.gov.lk/ website එකේ අනුමත studios ටික දාල තියෙනවා. ඒ එකකින් ගත්තා නම් හරි. photo එක ගහපු ගමන් එයාල upload කරලා අපිට ප්‍රින්ට් කරපු කොලයක් දෙනවා. ඒක අරන් යන්න ඕන.
>> යන්න කලින් appointment දාන්නම ඕනද?
Appointment දාපු නැති අය ගොඩක් ඇවිත් හිටියා. සමහරු ඇවිත් තිබුනේ උදේ 2 ට විතර. මගේ වැඩේ ඉවර උනේ දවල්. ඒ වෙනකොටත් appointment දාපු නැති අයව කවුරුත් ඇතුලට ගත්තේ නැහැ. office එකෙන් ශබ්ද විකාශන හරහා කීප වරක්ම කිව්වා appointment දාපු නැති අය ගිහින් appointment එකක් දාල එදාට එන්න කියලා. ඒ නිසා ගොඩක් දුරට ඒ අයට පාස්පෝට් ගන්න බැරි වෙන්න ඇති. appointment එකක් දාලම යන එක තමා ගොඩක් හොඳ.
>> ඇතුලට ගන්න පටන් ගත්තේ කීයටද?
උදේ 6 ට.
>> Appointment දාපු අය උදේම යන්න ඕනද?
මම මොකටත් කියලා උදේම ගියා. හැබැයි වැඩක් උනේ නැහැ. මුලින්ම 8-10 am අතර වෙලාව තියෙන ඔක්කොම ගත්තා. ඊට පස්සේ අයෙත් ඇතුලට ගත්තේ 10 ට. ඒ 10-11 am අතර අය. ඊළඟට උදේ 11 ට 11-12 am අතර අය ඇතුලට ගත්තා. මම අහු උනේ ඒ set එකට. appointment එකේ තියෙන වෙලාවට ගියාම ඇති.
>> වැසිකිලි පහසුකම් තියෙනවද?
හොඳ ලොකු washroom එකක් තියෙනවා. හැබැයි ඉතින් පිරිසිදු නැහැ. ඒක ඉතින් ආයතනයේ වැරද්දක් නෙවෙයි. යන අය දැනගන්න ඕන පිරිසිදුවට තියාගන්න.
>> කෑම, වතුර ගන්න තැනක් තියෙනවද?
ඇතුලේ shops කීපයක්ම තියෙනවා. ඒවගෙන් ගන්න පුළුවන්.
>> වාහන නවත්වන්නේ කොහෙද?
පාරේ වාහන නතර කරන්න දෙන්නේ නැහැ. පොලීසියෙන් ලියනවා. ඒ ළඟ ඇලෙන් එහාපැත්තෙ car park එකක් තියෙනවා. google map එකෙන් හොයාගන්න පුළුවන්.
>> පාර අයිනේ පෝලිමේ ඉන්නකොට වාඩිවෙන්න තැනක් තියෙනවද?
නෑ. එක්කෝ තමන්ට අදාල වෙලාවට යන්න ඕන. නැත්නම් ඉටි කොලයක් අරන් යන්න බිම වාඩි වෙන්න. ඇතුලට ගත්තට පස්සේ ඕන තරම් පුටු තියෙනවා වාඩි වෙන්න.
>> පිටකොටුවේ ඉඳන් පාස්පෝට් office එකට යන්නේ මොන බස් එකේද?
171, 170, 190 බස් වල යන්න පුළුවන්. දවල්ට තියෙනවා. රෑට 10 පස්සේ නැහැලු. උදේ 4.10 ට CTB stand එකේ දොර ගාව පලවෙනි බස් එක නතර කරනවා. කට කපල සෙනග උදේම බස් එකේ. ගැට කපන්නොත් එකේ ඉන්නවා.
>> අරන් ගිය documents මොනවද?
https://www.immigration.gov.lk/ website එකෙන් download කරලා පුරවගත්ත K-35-A application එක
Original උප්පැන්න සහතිකය
උප්පැන්න සහතිකයේ ෆොටෝ කොපියක්
හැඳුනුම්පත
හැඳුනුම්පතේ ෆොටෝ කොපියක්
photo එක ගහනකොට studio එකකින් දුන්න ප්‍රින්ට් කරපු කොලය
>> ඇතුලට ගත්තේ කොහොමද?
සිකුරිටි මහත්තයෙක් ඇවිල්ල time range එක කියල ඒ අය පෝලිමට එන්න කිව්වා. ගේට්ටුවෙන් ඇතුලට ගන්නකොට වෙලාව check කළා. appointment එකේ වෙලාව වෙනස් අය එලියට දැම්මා.
>> ඇතුලට ගියාම මොකද වෙන්නේ?
මුලින්ම පෝලිමේ ම ඇතුලට යනකොට එක තැනක යුධ හමුදාවේ කෙනෙක් application එක check කරලා විස්තර ලියා ගත්තා.
ඊළඟට අපේ bags scan මැෂින් එකට දාල scan කරගත්තා.
ඊට පස්සේ ටිකක් හෝල් එකේ වාඩි වෙලා ඉන්න කිව්වා.
ටික වෙලාවකින් එක්කෙනෙක් කිව්වා මේ වෙලාවේ ඉඳන් මේ වෙලාව වෙනකල් (පැය බාගයක්) appointment දාපු අය විතරක් පෝලිමේ එන්න කියලා. එතැනදී අයෙත් appointment කොලේ check කරලා අනිත් බිල්ඩිමට යන්න කිව්වා.
ඒ බිල්ඩිමේ තියෙනවා reception එකක්. එකේ ඉන්න කෙනෙක්ට application එකයි studio එකෙන් දුන්න photo කොලෙයි පෙන්වන්න ඕන. එයා ඒක අත්සන් කරලා අපිටම දුන්නා.
ඊට පස්සේ පෝලිමට යන්න තියෙන්නේ උඩ තට්ටුවට. උඩ තට්ටුවට යන පඩි පෙලේ එක පැත්තක one day passport ගන්න අයයි අනිත් පැත්තේ normal ගන්න අයයි පෝලිමේ උඩට යනවා. normal අය පලවෙනි තට්ටුවටත් one day පෝලිම දෙවෙනි තට්ටුවටත් යන්නේ. තමන්ට අදාල පෝලිම හොයාගෙන සිරීපාදේ නගිනවා වගේ නගින්නයි තියෙන්නේ.
මම ගියේ one day ගන්න. උඩට ගියාම තියෙන කවුන්ටරේ ට අයෙත් application එකයි photo කොලෙයි දෙන්න ඕන. එයාල එතනින් අංකයක් ප්‍රින්ට් කරපු කොල කැල්ලක් දුන්නා.
ඊට පස්සේ හෝල් එක ඇතුලට පෝලිමේ ගිහින් එතන තියෙන කවුන්ටරේ ට තියෙන කොළ ඔක්කොම දුන්නා. එයාල කොළ ටික හරිද කියල check කරනවා එතන. කොළ වල විස්තර බලන්නේ නැහැ. documents ටික ගෙනල්ලද කියල විතරයි බලන්නේ. බලල එකට අමුනලා අපිට දෙනවා.
ඊට පස්සේ ටිකක් අයෙත් වාඩි වෙලා ඉන්න ඕන. එතන සිකුරුටි මහත්තයෙක් අංක පරාසයක් කියනවා ඒ පරාසයේ ඉන්න අය ඇතුලට එන්න කියලා. මම එතන විනාඩි 10 ක් වගේ වාඩි වෙලා ඉන්න ඇති ඕන නම්. ඉක්මනට ගන්නවා.
ඇතුලට ටිකක් ඇවිදගෙන ගියාම වම් පැත්තේ කවුන්ටරේකට අපි ගියේ. එතනට එකට අමුනපු අර documents ටික දුන්නා. අර මුලින් දුන්න අංකේ තියෙන කොලේත් දෙන්න ඕන. තව identity card එකත් දුන්නා. එතැනදී documents වල විස්තර check කරලා පොඩි කොලයක් ප්‍රින්ට් කරලා ඒ කොලේ අපිට අත්සන් කරන්න කිව්වා.
ඊට පස්සේ ඇඟිලි සලකුණු ගන්න තැනට යන්න කිව්වා. එතනම ළඟ තියෙන්නේ. එතැනදී අතේ ඇඟිලි ඔක්කොගෙම ඇඟිලි සලකුණු ගත්තා. අර මුලින් දුන්න අංකේ තියෙන කොලේ මෙතනට දෙන්න ඕන අපිව අඳුනගන්න. ඒ කොලේ අයෙත් අපිට දෙනවා.
ඊට පස්සේ සල්ලි ගෙවන්න යන්න එහා පැත්තේ තියෙන කාමරේට යන්න ඕන. මම one day නිසා 15000 සල්ලි අර අංකේ තියෙන කොලේ එක්ක දුන්නා. එයා සල්ලි අරන් ප්‍රින්ට් කරපු receipt එකක් දුන්නා.
එයා කියනවා passport එක ගන්න පැය 5 ක් වගේ ඉන්න ඕන. එළියෙන් වාඩි වෙලා ඉන්න කියලා.
ඒ කාමරෙන් එලියට එනකොටම කුරියර් එකක එක්කෙනෙක් ඉන්නවා. එයා කියනවා passport එක ගන්න පැය 5 ක් වගේ ඉන්න ඕන. අපි කැමති නම් රුපියල් 1000 ක් ගෙව්වම ගෙදරටම එවනවා. කියලා. ගොඩක් අය එයාලට 1000 ක් දීල ගෙදර එනවා. මමත් ගත්තේ එහෙම. පස්සේ දවසේ හවස passport එක ගෙදරටම ආවා.
ඔය කිව්ව වැඩ ඔක්කොම පැය බාගයක් වගේ ඇතුලත ඉවර වෙනවා.
>> කාර්ය මණ්ඩලය සුහද ද?
අපෝ නැ. මිනිස්සුන්ට කතා කරන්නේ සත්තුන්ට වගේ. හැබැයි ඉතින් එයාලගේ පැත්තෙන් බැලුවොත් වැඩ වැඩියි. එක දිගට වැඩ කරනකොට කේන්ති යනවනේ. ඒ නිසා අපිට මොකුත් කියන්නත් අමාරුයි. හැබැයි ඉතින් මෙහෙම දේකුත් තියෙනවා. අර ආපු දිග පෝලිමම කුරියර් කවුන්ටරෙත් තියෙනවා. එතන හිටපු අය බොහොම කූල් එකේ හිනා වෙලා වැඩ. හැමෝටම හොඳට කතා කරනවා.
සමස්තයක් විදිහට appointment දාල ගියොත් වැඩේ එච්චර අමාරු නැහැ. එත් අද appointment දැම්මොත් මේ දවස් වල නම් දින ලැබෙන්නේ මාස 2 ක් වගේ ඉස්සරහට දිනයක් නේ.