ඕක ලෝකෙ හැටි බන්. උඹලා ඉන්ටර්නැෂනල් ටීවීචැනල්වල හැසිරීම් දැක්කොත් මේවා ඒ තරම් නරක නැතිබව තේරුම් ගනීවි. ඒවයේ උං තමංගෙ හිට්ස් වැඩි කරගන්න මිනිස්සුන්ගේ ජීවිත විනාසකරන්නෙ කිසිම හිරිකිතයක් නැතුව. එහෙව් එකේ මුං කරන වැරැද්ද පොඩි එකක්.
හැබැයි ස්වර්ණවාහිනිය කියන්නේ ගොබ්බ චැනල් එකක්. ඒ වගේම සිරසත්. ස්වර්ණවාහිනිය ලැජ්ජා නැතිව ප්‍රසිද්ධ ස්ක්‍රී දූෂක කට්ටඩියොන්ව අනික් මාධ්‍යවලින් නිරුවත් කරනකොට මුං උංට කඩේ යනවා. රුවන්වැල්ලෙ සෝභිතගෙ පොඩි ඇඩ් එකේ රුපියල් හාර පන්සීයයට මුළු රටේම මිනිස්සු දෙනෝ දාහක් අමාරුවෙ දානවා. තව ගොබ්බකම් කොච්චරද.
සිරස තමා මේ රටේ සංස්කෘතික සෝදාපාළුවේ නියමුවා. උංගෙ ටෙලිනාට්ටි පොඩ්ඩක් බලපන්. මටනම් අප්පිරියාවෙ බැහැ. අර රුවන් සහ මාලිකා කියලා එකක් සහ සැලරි කියලා කතා දෙකක් යනවා. ඒවා මේ ලංකාවේ මිනිස්සු අතරේ වෙන දේවල් නෙවෙයි. ඔව්වා බලලා මිනිස්සුන්ගේ ඹළු විකාර කරනවා. මම නම් කියන්නෙ ලංකාවෙ ටීවී බලන්න එපා. නිවුස් අහන්න ඕනේ නම් බීබීසී සන්දේශය ඔන්ලයින් අහපන්. ඉන්නම බැරිනම් යූටියුබ් එකෙන් පහුවදාට ඇඩ් කපපු නිවුස් බලපන් වෙලාවත් ඉතුරුයි.
නාට්ටියක් දෙකක් බලන්න ආසනම් සර්ච් එකක් දීලා හොඳ සීරියස් ටිකක් බලන්න සෙට් වෙයං.