පැකේජ් එක

sin80

Member
Apr 22, 2012
2
2
0
මේක ගන්දරයා අහපු කතාවක්… මේකට හිනා යයිද නැතිද කියලා හරියටම නිච්චියක් නැති කමින් දාම් දෝ නොදාම් දෝ කියලා කල්පනා කර කර හිටපු ගන්දරයා ඔන්න ඔහේ ඕන මගුලක් කියලා ලියලා දාන්න හිතා ගත්තා..
ඕන මගුලක් කියන්නේ වෙන්න තියෙන ලොකුම නස්පැත්තිය ඉතින් මගුල නෙව…
මාත් මගුලක් කථා කරනවා… මෙන්න කතාව…..
මගුලක් කතා කරලා පටන් ගත්තට මේක අවමගුලක් ගැන කතාවක්…
අපේ ගමේ ඉන්නවා සරත් අයියා කියලා බොහොම ගුණයහපත් මනුස්සයෙක් මිනිහා ඉතින් කොච්චර ගුණයහපත් කමද කියනව නම්… ඔය විස්කි බ්රැසන්ඩි වගේ සැර ජාතියක් කටේ තියන්නේත් බොහොම කලාතුරකින්…….. ඉඳලා හිටලා…. ඒකත් නිකන් හම්බවුනොත්….
නැතිනම් අනෙත් හැමදවසකම ඉතින් ඔරිජිනල් ගමේ බඩු තමයි….
පහුගිය දවසක රාත්තිරියේ අපේ සරත් අයියට පොඩි කරදරයක් උනා… අවුරුදු 80 ක් ආයු වළඳපු සරත් අයියගේ නැන්දම්මා පහුගිය දවසක රාත්තිරියේ හදිසියේම වැලිගම්පිටි ගියා
පණපිටින් ඉන්න කාලේ මොන සෝලි ඇල්ලුවත් මළාට පස්සේ මොකටද පරණ කෝන්තර කියලා සරත් අයියත් හිතාගත්තා නැන්දම්මාගේ අවමඟුල ඉහලින්ම්ම කොරන්න…
මෙහෙම හිතලා උදේ පාන්දරින්ම දෙකක් දාගෙන සරත් අයියා ගියා ටවුමේ මල් ශාලාවට…සරත් අයියා යනකොට මල් ශාලාවේ මුදලාලි උදේ පාන්දර දෙවියන්ට පහන තියනවා සරත් අයියව දැක්කා විතරයි මුදලාලිගෙ කට කණේ..උදේ පාන්දරම කස්ටොමොර් කෙනෙක් නොව…
මල් ශාලාවට ඇතුල් වෙනකොටම එකේ හිටපු පොඩි කොලුවා ආවා සරත් අයියගෙ උදව්වට… සරත් අයියත් ඔන්න තමන්ගෙ අවශ්යවතාව කිව්වා…දැන් කොල්ලා සරත් අයියට විස්තර කරලා දෙනවා…
සර්.., අපේ ගාව පැකේජස් තුනක්ම තියනවා. සර්ට කැමති එකක් තොරගන්න පුලුවන්… පලවෙනිම් පැකේජ් එක තමයි සර් මේක… මේ පෙට්ටිය කොස් ලී වලින් හදලා තියෙන්නේ මේක 50,000 වෙනවා සර් හැබැයි මේක එක්ක Accessories නම් මොකුත් හම්බවෙන්නේ නෑ සර්…


මොනවද මල්ලී මිනී පෙට්ටියේ Accessories ? සරත් අයියා මොල් වෙලා ගිහින් ඇහුවා
ඇයි සර් පහන, ඇත්දළ, ලයිට් වැල්….
දෙවනි පැකේජ් එක තමයි සර් මේක, මේකත් පෙට්ටිය කොස් ලී වලින් හදලා තියෙන්නේ මේක 75,000 වෙනවා සර් මේක එක්ක ඇත්දළ දෙක free හම්බවෙනවා
හොඳම පැකේජ එක තමයි සර් තුන්වෙනි එක මේකෙත් පෙට්ටිය කොස් සර්… මේකත් එක්ක ඇත්දළ දෙක පහන ලයිට් වැල් ඔක්කොම ෆ්රීි… ගාන නම් සර් ලක්ෂයක් වෙනවා ලයිට් වැල නිවි නිවි පත්තු වෙන එකක් නම් තව රු 500ක් වැඩී…

කොල්ලා විස්තරේ කියවල ඉවරකරා….
සරත් අයියා ටික වෙලාවක් කල්පනා කරා……


එතකොට මල්ලී ඔය පෙට්ටි වල ගණන් කිව්වේ….


මිනිය අපි දාලද… නැතිනම් ඕගොල්ලෝ දාලද…… ?????

Source www.thelastrow.net
 
  • Like
Reactions: san**