කාලෙ හරි කියල කියන්නෙ
තික් ඔයිල් දදා දුවන්න එපා, එන්ජිමක් තියමු
මොකද්ද තියෙන්නෙ 4M40 ද
ලිටරක් පිච්චෙනව නන් ඉතින් හදන්න තමා තියෙන්නෙ බන්මරු වාහනයක්. ලෙඩේ හදාගන්න.
රේඩියේටරේ රීසීවු ටෑංකියෙ වතුර මට්ටම වැඩි වෙනවද බලන්න.
වතුර වල ,ඔයිල් වල ක්රීම් ගතියක් වගේ වෙනසක් තියෙනවද බලන්න.
නවත්තන තැන බිමට පත්තර එලල ඔයිල් ලීක් තියෙනවද බලන්න.
එන්ජිම ස්ටාට් එකේ තියෙනකොට සුදු, නිල් වගේ පාටින් දුම දානවද, ඔයිල් පිච්චෙන ගඳ එනවද බලන්න.
ඔයිල් කූර ඇදල වාශ්ප එනවද කියල බලන්න.
එන්ජිම ගෙවිල තිබුනොත්,
ඔයිල් අඩු දාල පදින එකේ අවුලක් නෑ. හැබැයි එන්ජිමට ඔයිල් ෆුවෙල් විදිහට අරගෙන එන්ජිම ඕෆ් නොවී රේස් වෙන්න ගත්තොත් අමාරුවෙ වැටෙනව.
හදිස්සියෙවත් එහෙම උනොත් ටොප් ගියර් එකට දාල බ්රේක් පාගගෙන ක්ලච් එක දීල එන්ජිම නවත්තගන්න. නැත්තං එයා ක්ලීනරේ බ්ලොක් කරන්න.