පැට්ටාරෝල් රු 420 යි මිත්තරාවරුණි

Xi Jinping

Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    ඉන්ධන මිල නහුතෙට නඟී

    ඉන්ධන ගාස්තු අද (23) මධ්‍යම රාත්‍රීයේ සිට යළිත් වරක් ඉහළ දමා ඇත.


    ඔක්ටේන් 92 වර්ගයක පෙට්‍රල් ලීටරයක් රුපියල් 83/-කින්ද ඔක්ටේන් 95 වර්ගයක පෙට්‍රල් ලීටරයක් රුපියල් 77/-කින්ද ඉහළ දමා ඇතැයි වාර්තා වේ.

    ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 111/-කින්ද සුපිරි ඩීසල් ලීටරයක් රුපියල් 116/-කින්ද ඉහළ දමා ඇති අතර ඒ අනුව රුපියල් 289/-ක්ව පැවැති ඔටෝ ඩීසල් ලීටරයක නව මිල රුපියල් 400/-ක් වන අතර රුපියල් 329/-ක්ව පැවැති සුපිරි ඩීසල් ලීටරයක නව මිල රුපියල් 445/-ක් වන බව වාර්තා වේ.

    පසුගිය අප්‍රේල් මස 19 වැනිදා අවසන් වරට ඉන්ධන මිල ඉහළ දැමු අතර මාසයකට ආසන්න කාලයකින් අනතුරුව ඉන්ධන මිල මෙලෙස නැවත වරක් ඉහළ දමා ඇත.

    Source: https://www.lankadeepa.lk/news/ඉන්ධන-මිල-නහුතෙට-නඟී/101-613593

    නන්දසේන වැඩ පෙන්නයි