Yohani ගේ ඉන්දියන් hit එක අපිට ලොකු කතාවක් කියනවා. ඒක මම දකින්නේ ආර්ථික දේශපාලනික කෝණයෙන්.
ඉන්දියාවේ කියන්නේ අපිට ලඟම තියෙන huge market එකක්. ඒක මියුසික් හෝ අනෙකුත් කලාවන් වලට පමණක් නොවෙයි, අපිට ගොඩක්ම වටින්නේ ආර්ථිකය පැත්තෙන්. 1994න් පස්සේ ගෙනාපු ආර්ථික වෙනස් කම් නිසා ඉන්දීය ආර්ථිකය නූතන ධනවාදී සංකල්ප පදනම් කර ගත්ත නිදහස් වෙළඳ පොළ ආර්ථිකයක් බවට ක්‍රමයෙන් පත් උනා. මේ වන විට එය ලෝකයේ ඉතා වේගයෙන් වර්ධනය වන වෙළඳ පොළක්. ඉන්දියාව සතු ලොකුම ශක්තිය තමයි ඒ රටේ ඉන්න ලොකු පාරිභෝගික වෙළඳ පොළ. සාමාන්‍යයෙන් opportunities තියෙන්නේ එහෙම fast grow වෙන වෙළඳ පොළවල.
දැවැන්ත ආර්ථික සහිත රාජ්‍යයන් දියුණු වෙනකොට ලෝකයේ අනිකුත් කුඩා රාජ්‍යයන් ට දියුණු වෙන්න පුළුවන් opportunities පහළ වෙනවා. ඒ ඒ රාජ්‍යයන් ඒ opportunities හොඳින් use කලොත් තමයි අර දැවැන්ත ආර්ථිකයෙන් ලැබෙන වාසි ටික පොඩි රාජ්‍යයන් ට ලැබෙන්නේ. ඇමෙරිකාව කියන දැවැන්ත වෙළඳ පොළ දියුණු වෙන කොට ඒකෙන් ලැබුන ඒ collateral opportunities පාවිච්චි කරලා තමයි සිංගප්පූරුව වගේ පුංචි රාජ්‍යයන් දියුණු වෙන්නේ. ඊළඟට දියුණු වුනේ චීනය. චීනය දියුණු වෙන කොට උදාවුන අවස්ථා අල්ලා ගන්න වියට්නාමය , මැලේසියාව සහ තායිලන්තය සමත් උනා. දැන් ඒවා දියුණුවට ලඟා වෙමින්. අපිට ඔය අවස්ථා දෙකම මග ඇරී ගියා ඌරෙක් කැකුණ තලනකොට හබන් කුකුලන්ට ගජ වාසි කියන්නා වගේ, මේ ලෝකේ ඊළඟට කැකුණ තලන්නේ ඉතිං ඉන්දියාව. ඉන් ජනනය වන වාසිය අපිට අල්ල ගන්න පුළුවන් නම්, අපිටත් අලියගේ නැට්ටේ එල්ලිලා දිව්‍යලෝකයේ යන්න පුළුවන්.
ලෝක වෙළඳාමේ රටාවන් හඳුනා ගෙන ඉන්දීය ආර්ථික යාන්ත්‍රණය මගීන් ඇති කරන අවස්ථා හොඳින් උකහා ගන්නේ නම්, අපිට පුළුවන් අපේ රට ඉන්දියාවේ දියුණුවට තියලා සමාන්තරව උඩට ගන්න.
දැන් නැව් මාර්ග වලින් කොළඹ වරායට තිබුණ ඒ වාසිය CCT( China) , WCT ( India ) වලින් අරගෙන යනවා.අපිට ECT එකට ටිකක් ලැබෙයි. නමුත් අපිට ඒ අවස්ථාව දැන් මග ඇරුණා. ඊළඟට ඉතුරු ඉන්දීය ගුවන් තලය සහ සංචාරක කර්මාන්තය. ශ්‍රී ලංකන් එකට දැනටත් තියෙන හොඳ මාකට් එකක් ඉන්දියාව. ඉන්දීයාවේ domestic airports හරහා මගීන් කොළඹ ගෙනත් අන්තර්ජාතිකව ප්‍රවහනය කරන aviation hub එකක් වෙන්න අපිට පුළුවන්.
ඉන්දියන් මාකට් එක දිනනවා කියන්නේ, යොහානිගේ සිංදුවේ views ගාණ වගේ තමයි. බලන් ඉද්දි බිස්නස් එක දුවන්නේ. යොහානි අපිට කියලා දෙන්නේ ඒ පාඩම.
පැතුම්
#පැතූනොමික්ස්අ