ආදරණීය හඳුන් අයියේ,
පෝලිම් කොහේ තිබුනත් ඒවායේ කවුරුත් සතුටින් නෙවෙයි ඉන්නේ. ඒක දුකක් වේදනාවක්.
කියුබාව උදාහරණයක් ලෙස අරගෙන ලෝකය දකින එක නවත්තලා , අපි ලෝකය දෙස ගෝලිය ඇසකින් බලමු. තව දුරටත් මතවාද කරපින්නා ගෙන යන්න පුළුවන් කාලෙක නෙවෙයි අපි ඉන්නේ. කර මුලට හිර වෙලා ගිලෙන්න යන ජීවිත අපිට තියෙන්නේ.
ඒ නිසා අපි මතවාද වලට, දේශීය චින්තනයට, එක එක රාමු වලට කොටු නොවී ගෝලීයව හිතන්න ඕනේ.
මම උදාහරණයක් කියන්නම්.
ලෝකයේම තියෙන්නේ එකම විදුලි බල ශක්ති පද්ධතියක් කියලා හිතන්න. ඒකෙ ඇම්පියර් ගාණ, හර්ට්ස් ගාණ, වෝලීටීයතාව ඔක්කොම ලෝකෙටම එකයි. ඒකෙන් එන කරන්ට් එක ගන්න අපිට හතරැස් පින් ප්ලග් එකක් ඕනේ.
දැන් අපි ප්ලග් එකේ හැඩේ කොච්චර වෙනස් කලත් අරකට හරියට ගහ ගන්නේ නැතුව අපිට හොඳට කරන්ට් එකගන්න බෑ. අපි මෙච්චර කල් කම්බි පටලවලා, වයර් ඔබලා, පෑන් ගහලා යන්තම් පිරි මහ ගන්නේ.
එහෙම නැතුව අපි රවුම් පින් ප්ලග් එකක් හදලා වැඩකුත් නෑ. හරි සයිස් එකට, නියමිත හැඩයට, හතරැස් ප්ලග් එකක් හදා ගන්න ඕනේ.
ඒ විතරක් නෙවෙයි, රට ඇතුලේ විදුලි පද්ධතියත් අර ගෝලීය නෙට්වර්ක් එකට ගැලපෙන්න ඇම්පියර් ගාණක්, වෝලීටීයතාවක්, හා සංඛයාතයක් එක්ක ගැලපෙන්න හදා ගන්න ඕනේ. මිනිස්සු පාවිච්චි කරන විදුලි උපකරණ වෙනකං ඔය ගෝලීය සම්මතයට හදා ගන්න ඕනේ. නැත්නම් පවතින්නේ නෑ.
අපි ලෝකයේ මහ ජනතාවට සාපේක්ෂව 0.3%යි ඉන්නේ. ඉතුරු 99.7% ක් තව ඉන්නවා. අපිට ලෝකය වෙනස් කරලා රට හදන්න බෑ. වර්තමානයේ අපි හිර වෙල ඉන්න තැනින් ගොඩ එන්න නම් අපි ලෝකයට හුරු වෙන එක, අනුවර්තනය වෙන එක, විතරයි කරන්න පුළුවන්. ඒක ඉක්මනින් කර ගෙන දේශීය වෙළඳපොළ ගෝලීයව මුහු කරලා, තරඟකාරීත්වය ඇති කරලා, ඉක්මනින් රට හදන්න පුළුවන්.
කියුබාවෙන් මිදෙමු.
ගෝලීයව හිතමු.
ඔයා රටම ආදරේ කරන හොඳ කොල්ලෙක්. Software update එකක් ඕනේ.
✌
ජයවේවා !!!
පැතුම් කර්නර්