පැනඩෝල් අක්මාවට හානි කරන හැටි Panadol bad for liver

Misha_K

Member
Oct 23, 2017
1,150
1,616
0
පැනඩෝල් අක්මාවට හානි කරන හැටි Panadol bad for liver

yyDhYfJ.jpg

පැරසිටමෝල් (පැනඩෝල් යනු පැරසිටමෝල් වල එක වෙළෙඳ නාමයක් පමණි) යනු ලෝකයේ බහුලවම භාවිතා වන වේදනා නාශකයයි.
එමෙන්ම ලෝකයේ වැඩියෙන්ම අවභාවිතාවන ඖෂධයත් මෙය බවට පත්ව ඇත. මෙම ඖෂධය සමහර රටවල ඇසිටමිනොපේන් යන නමින්ද හඳුන්වනු ලැබේ.
වේදනාව සහ උණ ඇතිකිරීමට දායක වන සිරුර තුල නිපදවෙන ප්‍රොස්‌ටාග්ලැන්ඩින් නම් රසායනික ද්‍රව්‍යය නිපදවීම අඩාල කිරීම මගින් මෙම ඖෂධය සිරුර තුල ක්‍රියාත්මකවේ.

ඖෂධය භාවිත කිරීමෙන් පසු එය සිරුරට අවශෝෂනය වී රුධිර ධාරාවට එකතුවේ. එමගින් සිරුර පුරා ගමන්ගන්නා මෙම රසායනික ද්‍රව්‍යය සිය ක්‍රියාකාරිත්වය සිරුර තුළ, අවශ්‍ය පටක මත ඇති කරනු ලැබේ.
කෙසේ වෙතත් මෙම රසායන ද්‍රව්‍යය සිරුරට ආගන්තුක ද්‍රව්‍යයක්‌ වන බැවින් අක්‌මාව මගින් මෙය සිරුරින් ඉවත්කිරීමට කටයුතු කරනු ලබන්නේ අක්‌මාව අපගේ සිරුරෙහි තත්ත්ව පාලන ඉන්ද්‍රිය වන බැවිනි.
නමුත් පැරසිටමෝල් අක්‌මාව තුල වියෝජනයට ලක්‌වීමේදී නිපදවෙන අතරමැදි ඖෂධ කොටස්‌ මගින් අක්‌මාවේ සෛල විනාශ කරනු ලැබේ.
මේ හේතුව නිසාම කෙතරම් ප්‍රයෝජනවත් සරල ඖෂධයක්‌ වුවත් සිරුරට අහිතකර නොවන නමුත් රෝග ලක්‌ෂණ සමනයකට පත්කිරීමට ප්‍රමාණවත් මාත්‍රාවක්‌ ගැනීමට ප්‍රවේසම් සහගත විය යුතුය.

සමහර පුද්ගලයින් සිය උණ හෝ හිසරදය වැනි වේදනාවන් සමනය කරගැනීම සදහා වැඩි ඖෂධ මාත්‍රාවක්‌ ලබා ගන්නා අවස්‌ථා දක්‌නට ලැබේ.
නමුත් පැරසිටමෝල් වල ප්‍රශස්‌ත රෝග පාලන මාත්‍රාව වන්නේ සිරුරෙහි බර කිලෝග්‍රැම් එකකට පැරසිටමෝල් මිලිග්‍රැම් 15ක්‌ වන අගයෙනි.
මෙයට වඩා කොපමන මාත්‍රාව වැඩිකළ ද එමගින් ඉන් ලැබෙන රෝග පාලන හැකියාව වෙනස්‌ නොවේ. නමුත් එමගින් අක්‌මාවේ සෛල විනාශවීම සීග්‍රයෙන් වැඩිවේ.

වයස අවුරුදු 1ත් 6ත් අතර දරුවන්ට සිරුරේ බර කිලෝග්‍රෑමයකට පැරසිටමෝල් මිලිග්‍රැම් 150 කට වඩා ගත් විටදීත්
වැඩිහිටි අයෙකුට දිනක්‌ තුළ ආසන්න වශයෙන් පැරසිටමෝල් ග්‍රැම් 7.5 කට වඩා ගත් විටදීත් එය සිරුරට හානිදායක වනු ඇත.

පැරසිටමෝල් අධිමාත්‍රාවක්‌ ගත් විට එය සිරුර තුළ දක්‌වන ක්‍රියාකාරිත්වය මත රෝග ලක්‌ෂණ ඇතිකරනු ලැබේ.මෙය ප්‍රධාන අවස්‌ථා 4කට වෙන්කර දැක්‌විය හැකිය.

1 වන අවස්‌ථාව
පැරසිටමෝල් අධි මාත්‍රාව ශරීර ගතවී පැය භාගයත් පැය 24ත් ඇතුළත කාලය.
මෙහිදී රෝගියා කිසිදු රෝග ලක්‌ෂනයක්‌ නොපෙන්වා සිටිය හැකිය.
සමහර විටෙක කෑම අප්‍රිය ගතිය, ඔක්‌කාරය,වමනය සහ විඩා ගතිය පෙන්විය හැකිය.

2 වන අවස්‌ථාව
පැය 18 ත් 72ත් අතර කාලය
සිරුරේ දකුණු පස උදරයේ ඉහළ කොටසේ වේදනාව, ඉහත ලක්‌ෂන වලට අමතරව ඇතිවිය හැකියිs.

3 වන අවස්‌ථාව
පැය 72 ත් 96 ත් අතර කාලය.
බහු ඉන්ද්‍රිය අකර්මන්‍යතාව හේතුවෙන් මෙම අවස්‌ථාවේ රෝගියා මරණයට පත්විය හැකිය.

4 වන අවස්‌ථාව
දින 4 ත් සති 3ත් අතර කාලය.

ඉහත 3වන අවස්‌ථාව පසු කිරීමට හැකි වුවහොත් මෙම අවධියේදී අක්‌මාව සහ අනෙකුත් ඉන්ද්‍රියන් යථා තත්වයට පත්වේ.

කෙසේ වුවද එවන් පැරසිටමෝල් අධිමාත්‍රාවක්‌ භාවිත කළ අයෙකු හැකි ඉක්‌මනින් රෝහල් ගතකළහොත් ඒ සඳහාම ඇති ඖෂධයක්‌ ශරීර ගතකර අක්‌මාවට වන හානිය අවම කරගත හැකි නිසා ඒ ගැන සැලකිලිමත් විය යුතුය.

කෙතරම් වටිනා ඖෂධයක්‌ වුවද වෛද්‍ය නිර්දේශයකින් තොරව ලබාගත හැකි වුවද මෙම ඖෂධය අත්‍යවශ්‍ය විටකදි පමණක්‌ නියමිත මාත්‍රාව නොඉක්‌මවා ලබාගැනීම ඉතා වැදගත්වේ.

වෛද්‍ය
පාලිත බණ්‌ඩාර සුබසිංහ
 
Jul 17, 2018
610
31
0
මේකනම් පට්ට පල බොරුවක්. වෙන මුකුත් නිසා නෙමෙයි. මගේ තාත්තගේ අම්මා, උදේට 2යි. දවල්ට 2යි රැට දෙකයි ගානේ බොනවා දැන් අවුරුදු 30ක 35ක ඉදන්. කෝ එහෙනම් ඒ ගැනු මනුස්සයට අක්මාවක් නැති වෙන්න එපැයි.
 
Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113
    15.gif

    හත්තිලව්වයි... බලහංකො ඒකෙත් හැටි...

    You must spread some Reputation around before giving it to Misha_K again.
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    mage kakul deka ridenna aran maasayak yanakan bonna panadol dunna tawa beheth ekka.
    dan akmawa nadda danne naa..
    :baffled::baffled::baffled:
     
    SAMARA.GAM

    Member
    Aug 25, 2015
    100
    3
    0
    මේකනම් පට්ට පල බොරුවක්. වෙන මුකුත් නිසා නෙමෙයි. මගේ තාත්තගේ අම්මා, උදේට 2යි. දවල්ට 2යි රැට දෙකයි ගානේ බොනවා දැන් අවුරුදු 30ක 35ක ඉදන්. කෝ එහෙනම් ඒ ගැනු මනුස්සයට අක්මාවක් නැති වෙන්න එපැයි.

    මේක හරිනේ
    උදේට 2 - 500mg x 2 = 1g
    දවල්ට 2- 500mg x 2 = 1g
    රෑට 2 - 500mg x 2 = 1g

    ඔක්කොම ග්‍රෑම් 3
    වැඩිහිටි අයෙකුට දිනක්‌ තුළ ආසන්න වශයෙන් පැරසිටමෝල් ග්‍රැම් 7.5 කට වඩා ගත් විටදීත් එය සිරුරට හානිදායක වනු ඇත. කියල තියෙන්නේ දවසට ග්රෑම් 7 ඉක්මවන්න එපා කියලා
     
    Last edited:

    rayrox

    Well-known member
  • Dec 20, 2010
    845
    307
    63
    මේකනම් පට්ට පල බොරුවක්. වෙන මුකුත් නිසා නෙමෙයි. මගේ තාත්තගේ අම්මා, උදේට 2යි. දවල්ට 2යි රැට දෙකයි ගානේ බොනවා දැන් අවුරුදු 30ක 35ක ඉදන්. කෝ එහෙනම් ඒ ගැනු මනුස්සයට අක්මාවක් නැති වෙන්න එපැයි.

    ඇයි බන් දවසගානේ බොන්නේ? ඩොකෙක් කියල ද?
     
    Misha_K

    Member
    Oct 23, 2017
    1,150
    1,616
    0
    මේකනම් පට්ට පල බොරුවක්. වෙන මුකුත් නිසා නෙමෙයි. මගේ තාත්තගේ අම්මා, උදේට 2යි. දවල්ට 2යි රැට දෙකයි ගානේ බොනවා දැන් අවුරුදු 30ක 35ක ඉදන්. කෝ එහෙනම් ඒ ගැනු මනුස්සයට අක්මාවක් නැති වෙන්න එපැයි.

    :baffled::no:

    15.gif

    හත්තිලව්වයි... බලහංකො ඒකෙත් හැටි...

    You must spread some Reputation around before giving it to Misha_K again.

    හ්ම්ම් :baffled:

    mage kakul deka ridenna aran maasayak yanakan bonna panadol dunna tawa beheth ekka.
    dan akmawa nadda danne naa..
    :baffled::baffled::baffled:

    overdose ගත්තේ නෑනේ...:dull:

    මේක හරිනේ
    උදේට 2 - 500mg x 2 = 1g
    දවල්ට 2- 500mg x 2 = 1g
    රෑට 2 - 500mg x 2 = 1g

    ඔක්කොම ග්‍රෑම් 3
    වැඩිහිටි අයෙකුට දිනක්‌ තුළ ආසන්න වශයෙන් පැරසිටමෝල් ග්‍රැම් 7.5 කට වඩා ගත් විටදීත් එය සිරුරට හානිදායක වනු ඇත. කියල තියෙන්නේ දවසට ග්රෑම් 7 ඉක්මවන්න එපා කියලා

    :yes::yes:

    ehemath seen ekak da :shocked:

    :yes:
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    You must spread some Reputation around before giving it to Misha_K again.

    සුසයිඩ් කරගන්න පැනඩොල් බොන්න හිතන එක්කෙනෙක් ඉන්නවා නම් දවස් 3ක් කම්මැලි නැතුව ඉන්න කියවන්න පොතක් හරි හොයාගෙන තමයි පැනඩොල් බොන්න ඕනේ