පැරදුණු අය ලැයිස්‌තුවෙන් ගොඩ......

laknath123

Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    පැරදුණු අය ලැයිස්‌තුවෙන් ගොඩ......

    ඡන්දෙන් පැරදුණු අය ලැයිස්‌තුවෙන්
    ගොඩ යැමට තැත් කරති

    දයා ලංකාපුර

    පසුගිය සඳුදා පැවැති මහ මැතිවරණයෙන් පරාජය වූ හිටපු මැති ඇමැතිවරුන් රැසක්‌ ඔවුන්ගේ පක්‌ෂවල ජාතික ලැයිස්‌තුවෙන් පාර්ලිමේන්තුවට යාමේ දැඩි උත්සාහයක නිරතව ඇත.

    මෙවර මැතිවරණයෙන් තේරී පත්වීමට නොහැකි වූ මහින්ද සමරසිංහ, එස්‌. බී. දිසානායක, විජිත් විජිතමුණි සොයිසා, නන්දිමිත්‍ර ඒකනායක යන මහත්වරුන් ඇතුළු කිහිප දෙනකු එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ ජාතික ලැයිස්‌තුවෙන් පත් කිරීමට සන්ධාන නායකත්වය සළකා බලමින් සිටින බව එජනිස ආරංචි මාර්ග කියයි.

    එක්‌සත් ජාතික පක්‌ෂ නායකත්වයෙන්ද පරාජිත අපේක්‍ෂකයින් එවැනි ඉල්ලීම් කර ඇතැයි එජාප ප්‍රකාශකයෙක්‌ පැවැසීය.

    ඉලංගෙයි තමිල් අරසුකච්චි පක්‌ෂය යටතේ මෙවර මැතිවරණයට තරගකොට පරාජය වූ දෙමළ ජාතික සන්ධානයේ නායකයකු වන සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් මහතා එම පක්‌ෂයේ ජාතික ලැයිස්‌තුවෙන් පත් කිරිමට යන බව දෙමළ ජාතික සන්ධාන ආරංචි මාර්ග කියයි.

    මේ අතර මෙවර මැතිවරණයෙන් තේරී පත්වීමට නොහැකි වූ ජනතා විමුක්‌ති පෙරමුණේ නායකයින් දෙදෙනෙකු වන සුනිල් හඳුන්නෙත්ති සහ කේ. ඩී. ලාල් කාන්ත යන මහත්වරු ද ජාතික ලැයිස්‌තුවෙන් නම්කොට යවන ලෙස එහි සාමාජිකයන් විශාල පිරිසක්‌ ජවිපෙ නායකත්වයෙන් ඉල්ලා ඇති බව දැනගන්නට තිබේ.

    මැතිවරණ කොමසාරිස්‌වරයාගේ නිර්ණායක අනුව, කොමසාරිස්‌වරයා වෙත බාරදී ඇති ජාතික ලැයිස්‌තුවල නම් කිසිවක්‌ වෙනස්‌ කළ නොහැක. එහෙත් මැතිවරණයට තරග කොට පරාජයට පත්වූ අපේක්‌ෂකයින් ජාතික ලැයිස්‌තුවෙන් නම් කළ හැකි බව එම නිර්ණායක මගින් දක්‌වා තිබේ.
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    ‘පරාජිතයන්ට ජාතික ලැයිස්තුවේ ඉඩ නෑ‘ - රනිල්

    මහ මැතිවරණයට තරග කර පරාජයට පත්වූ කිසිම අපේක්ෂකයකු නැවත ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත් නොකිරීමට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර ඇතැයි එක්සත් ජාතික පක්ෂ ආරංචි කියයි.
    එක්සත් ජාතික පෙරමුණට මැතිවරණයෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර 13 ක් හිමිවිය.
    එජාප ජාතික ලැයිස්තුවෙන් පත් කෙරෙන මන්ත්‍රීවරුන්ගේ නාම ලේඛනය බ්‍රහස්පතින්දා (20) මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා වෙත ලබාදීමට නියමිතය.
     

    ampm

    Junior member
  • Jul 4, 2008
    93
    16
    18
    එස්‌. බී. දිසානායක, විජිත් විජිතමුණි සොයිසා & matara eka monawata gannawada manda... :dull:

    මෛත්‍රිපාල පොන්න වැඩ කරයිද දන්නේ නෑ.මෛත්‍රි දිනුවට පස්සේ මෛත්‍රීව බදාගත්ත එවුන් දෙන්නෙක් .අනිත් එක මේ පාහරයො මෛත්‍රීට බැන බැන ගිය එවුන්.උන්ගේ කපටි දේශපාලනය කෙලවර කර ගත්තා.:dull:
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    පැටියා;18848210 said:
    ඒකනෙ මම කිවුවෙ :)
    අප්පොච්චි මලා සෙට් එකම ඇතුලට ගන්නවා ලිස්ට් එකෙන් :cool:

    ඒ අතින් රනිල් ගේ කොන්ද කෙලින් :cool:
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    පැටියා;18849453 said:
    :yes:

    ජෝෂප් මයිකල්, රෝසි සේනානායක වගේ අය ගන්න ඉඩ කඩ තියනව නේද ඒත් :dull:

    ගන්නෙ නැහැ.
    2010 පරදිද්දි රොසිට හම්බ උනේ හර්ඩ්කො යූඇන්පී වොට්ස්.පහුගිය කාලෙ පක්ශෙ ඇතුලෙ පිස්සු කෙලල එයා එක නැති කරගත්ත.
    ජොසප් මයිකල් වයසයි වයසට නෙමෙයි වැඩ ජොනත් එක්ක්ක මනාප වලට මරාගත්ත.
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    චාන්ස් එකක් දෙනවනම් මහින්ද සමරසිංහට විතරයි දෙන්න ඕන කියල මගෙ පුද්ගලික අදහස

    බයියො කියන්නෙ මහින්ද එක්ක බුදියන එවුන්ට විතරයි කතිරෙ ගහන්නෙ.
    නූගත්ම ඩබලක් මුලින්ම කලුතරින් ලක්ශ ගනන් මනාප දීල යවල මේ මනුස්සයව පැරැද්දුව
    මේ කාලකන්නි හදන්න බැහැ.මකන්න ඔනි.