පෑළියගොඩ මාලු මාකට් එකේ කොරෝනා රෝගීන් සහ මිනුවන්ගොඩ පොකුර අතර කිසිම සම්බන්ධයක් නැතැයි ඇතැමුන් මත පල කරනවා. ඉතින් ඔවුන්ගේ මතේ වැරදි කියලා සාධනීය ලෙස ඔප්පු කරන්න හිතුනා,
මිනුවන්ගොඩ අයිති ගම්පහ දිස්ත්රික්කයට
ගම්පහ කියන්නේ ලංකාවේ දෙවනියට වැඩිම ජනඝහනයක් සිටින දිස්ත්රීක්කය
ලංකාවේ වැඩිම ජනඝහනය ඉන්නේ කොළඹ දිස්ත්රික්කයේ
කොළඹ සිට ගම්පහ අතර දුර කිලෝමිටර් 28 යි
කිලෝමීටර් හැදෙන්නේ මීටර 1,000 කින්
1,000 ලියන්න පුලුවන් ක්රම කිහිපයක් තියනවා
100x10 , 500 + 500 , 20000/20 , 1001-1 ආදි වශයෙන්
මේ වරණවත් ගණිතයේ පියා ලෙස හඳුනවන්නේ ආකිමිඩිස්
ආකිමිඩිස් කිව්වහම අපිට මතක් වෙන්නේ 'යුරේකා යුරේකා' කියලා හෙලුවෙන් දුවපු එක
හෙලුවෙන් ෆේස්බුක් එකේ ෆොටෝස් දැම්මොත් රිපෝට් වදිනවා
රිපෝට් වලට අපි අදකාලේ වගේම ඉස්කෝලේ යන කාලෙත් බයයි
ඉස්කෝලේ යද්දි අපි අඳින්නේ සුදු
සුදු කියලා අපි ආදරේටත් කියනවා
ආදරේ ඇතිවෙන්නේ හදවත් දෙකක් අතර
හදවතට ඉන්ග්රීසියෙන් කියන්නේ heart
Heart එක සමහර අය වැරදිලා heat කියලා ලියනවා
Heat කියන්නේ රශ්ණෙයි කියන එක
පෘථිවියට වැඩිපුරම රශ්ණය දැනෙන්නේ ඕසෝන් ස්ථරයට හානි වන නිසා
ඔසෝන් ස්ථරය හානි වෙන්නේ විස දුම් නිසා
දුම්බීම නිසා පිළිකා ඇතිවෙනවා
පිළිකා කියන්නේ බෙහෙතක් නැති ලෙඩක්
ලෙඩ හැදුනහම අපි මුලින්ම කරන්නේ කසාය බොන එක
කසාය කියන්නේ ඖෂධ 5 කින් සමන්විත වුන දෙයක්
සතියේ 5 වන දවස තමයි සිකුරාදා
සිකුරාදා තමයි පෑලියගොඩ මාලු මාකට් එකට වැඩිම බිස්නස් එක තියෙන්නේ
ඉතින් මේ සාදණය ඇසුරෙන් ඔබට පෙනිලා ඇති
මිනුවන්ගොඩ = පෑලියගොඩ
ඒ කියන්නේ මේ තාම අහුවෙන්නේ මිනුවන්ගොඩ පොකුරේ කොරෝනා රෝගින්. උඹලා නිකන් බොරුවට පැනික් වෙන්නේ නැතුව හිටපල්ලා
සටහන : Hamza Haniffa