පිං සහ කුසල්

thiwanka000

Active member
  • Apr 15, 2014
    434
    185
    43
    පිං සහ කුසල් කියන්නෙ දෙකක්ද නැත්තන් එකක්ද?
     

    Feedback.

    Well-known member
  • Jul 18, 2011
    2,349
    461
    83
    දෙකක් මචන්.
    කුසලය තමයි බලවත්
    පිනක පාපකාරී චේතනා මුහුවෙලා තියෙන්නේ පුළුවන් ඒත් කුසලයක එහෙම බෑ
     

    wali sira

    Active member
  • Jun 25, 2013
    535
    63
    28
    Kirillawala
    2ක් මචෝ,පින කියන්නෙ ලැබෙන දේ.කුසල් කියන්නෙ ලබා ගන්නා දෙයක්.
     

    Srimaster

    Well-known member
  • Nov 10, 2010
    2,440
    389
    83
    මෙතනම තමයි
    මළ ගිය අයට දෙවියන්ට පිං ගන්න විතරයි පුලුවන් කුසල් රැස් කරන්න බෑ
    මෙලොව ජීවත් වෙන අයට කුසල් රැස් කරන්න පුලුවන් පිංකම් කරන්න පුලුවන්

    ඒත් මේ වචන දෙකෙන්ම වෙන්නේ එකම දේ තමයි
    ඒ තමයි සුගතියට පාර සාදා ගැනීම එසේත් නැත්නම් නිවනට මග පාදා ගැනීම

    මන් දන්න විදියට නම් ඔහොමයි

     

    thiwanka000

    Active member
  • Apr 15, 2014
    434
    185
    43
    දෙකක් මචන්.
    කුසලය තමයි බලවත්
    පිනක පාපකාරී චේතනා මුහුවෙලා තියෙන්නේ පුළුවන් ඒත් කුසලයක එහෙම බෑ


    2ක් මචෝ,පින කියන්නෙ ලැබෙන දේ.කුසල් කියන්නෙ ලබා ගන්නා දෙයක්.

    මළ ගිය අයට දෙවියන්ට පිං ගන්න විතරයි පුලුවන් කුසල් රැස් කරන්න බෑ
    මෙලොව ජීවත් වෙන අයට කුසල් රැස් කරන්න පුලුවන් පිංකම් කරන්න පුලුවන්

    ඒත් මේ වචන දෙකෙන්ම වෙන්නේ එකම දේ තමයි
    ඒ තමයි සුගතියට පාර සාදා ගැනීම එසේත් නැත්නම් නිවනට මග පාදා ගැනීම

    මන් දන්න විදියට නම් ඔහොමයි


    ස්තුතියි. හැමදෙනාටම.
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,938
    113
    Black Pearl
    පින ~ මිනිහෙක් දානයක් දෙනවා
    කුසල් ~ ඒක බලන් ඉඳල හොඳ වැඩක් කියලා හිතින් හිතවා..
    පව ~ මිනිහෙක් අපේ හතුරෙක් මරනවා...
    අකුසල ~ අපි ඌ මරිච්ච එක හොඳමයි කියලා සතුටු වෙනවා..
     

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    පින් කරාම තමයි කුසල් රැස් වෙන්නෙ

    මළ ගිය අයට දෙවියන්ට පිං ගන්න විතරයි පුලුවන් කුසල් රැස් කරන්න බෑ
    මෙලොව ජීවත් වෙන අයට කුසල් රැස් කරන්න පුලුවන් පිංකම් කරන්න පුලුවන්

    ඒත් මේ වචන දෙකෙන්ම වෙන්නේ එකම දේ තමයි
    ඒ තමයි සුගතියට පාර සාදා ගැනීම එසේත් නැත්නම් නිවනට මග පාදා ගැනීම

    මන් දන්න විදියට නම් ඔහොමයි


    පින ~ මිනිහෙක් දානයක් දෙනවා
    කුසල් ~ ඒක බලන් ඉඳල හොඳ වැඩක් කියලා හිතින් හිතවා..
    පව ~ මිනිහෙක් අපේ හතුරෙක් මරනවා...
    අකුසල ~ අපි ඌ මරිච්ච එක හොඳමයි කියලා සතුටු වෙනවා..

    මේ අය කියලා තියෙන ඒවා හරි මන් දන්නා විදියට


    පින සහ කුසලය
    ප‍්‍රශ්නය : අවසරයි ස්වාමීන් වහන්ස, පින සහ කුසලය කියන වචන දෙක අප නිතරම අසා පුරුදු වචන දෙකක්. අප මේ වචන දෙක පිළිබඳ ඇතැම් ස්වාමීන් වහන්සේලාගෙන් විමසුවාම පින යනු ලෞකික සැප සම්පත් උදෙසා කරන යහපත් දේ වශයෙන් සහ කුසල් යනු ලෝකෝත්තර සැප පිණිස කරන යහපත් දේ වශයෙන් තෝරා දෙනු ලැබුවා. එසේ අප එය පිළිගැනීමේ වරදක් තිබෙනවාද ?

    පිළිතුර : බොහෝ දෙනෙක් මගෙන් ඔය ප‍්‍රශ්නය අහනවා. ඔය ප‍්‍රශ්නය ආරම්භ වුන තැනත් මම දන්නවා. දකුණු පළාතේ ප‍්‍රසිද්ධ විහාරස්ථානයෙක බොහොම දැන උගත් නායක ස්වාමීන් වහන්සේ නමක් තමා මුල්වරට ඔය අදහස බෞද්ධ ජනතාවට දුන්නෙ. අපි මේ ගැටලුව විසඳ්‍රගත යුත්තෙ අභිධර්ම පිටකයේ සහ සූත‍්‍ර පිටකයේ මෙන්ම ති‍්‍රපිටකය පුරා දක්නට ලැබෙන හේතු නිරුක්ති සහ උදාහරණ කෙරෙහි අවධානය යොමු කිරීමෙනුයි.

    අපේ බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයෙන් හත්වැනි වර්ෂයේදී තව්තිසා භවනට වැඩ අභිධර්ම දේශනාව පැවැත්වූවා. ඒ දේශනාවේදී ලෝකයේ තියෙන ධර්මතාවන් ඉතුරුවක් නැතිව දේශනා කළා. සිත පිළිබඳත් සියල්ලම එතනදී දේශනා වුණා. සිත පිළිබඳ සියලුම දේශනා තියෙන්නේ ධම්ම සංගණි ප‍්‍රකරණයෙ චිත්තෝත්පාද කාණ්ඩයෙ. ලෝකයේ සිටින සියලුම සතුන්ගේ කුසල් සිත් එක්කාසු කළොත් චිත්තෝප්පාද විසි එකකට එකතු වෙනවා සම්පිණ්ඩනය වෙනවා. ඒ කියන්නෙ කාමාචර මහා චිත්තෝත්පාද අටයි. රූපාවචර චිත්තෝප්පාද පහයි.

    අරූපාවචර මහා චිත්තෝප්පාද හතරයි. ලෝකෝත්තර චිත්තෝත්පාද හතරයි. ඒ හැම තැනකම කියවෙන්නෙ කුසලා ධම්මා කුසලා ධම්මා කියලමයි. චක්ඛුබුද්වාර සෝතද්වාරදී දොරටු හයෙන්ම මේවා සිද්ධවෙන ආකාරය දේශනා කරල තියෙනවා. රූපාරම්මනය සද්දාරම්මනය ආදී සියල්ලෙන්ම කුසල් සිත්පහළ වෙන ආකාරය දක්වල තියෙනවා. ඒ හැර මොනම තැනකවත් ධර්මයේ ‘පුඤ්ඤා ධම්මා’ කියල අමුතු සිත් කොටසක් තියෙන වග මම නම් දන්නෙ නැහැ.

    පුඤ්ඤ (පින) සහ කුසල් කියන වචන දෙකම ධර්මයේ සඳහන් වෙනවා. එහෙත් ඔය වචන දෙක ධර්මතා දෙකක් හැටියට තේරුම් ගැනීම මිථ්‍යාවක්. අපි නිදසුනක් වශයෙන් මෙසේ සිතමු. අපි හැන්දෑවේ අඳුර වැටීගෙන එන විට පහන් දැල්වීමේදී පෙර පසු නොවී කි‍්‍රයාකාරී දෙකක් සිදු වෙනවා. එකක් අඳුර නැසීම අනික එළිය පැතිරීම එකම පහනේ කි‍්‍රයාකාරී දෙකයි. මේක පෙර පසු නොවීම සිදු වෙනවා. ඉර පායන විටත් එසේමයි. ඒ වාගේම එකම වස්තුවේ එකම සිතේ කි‍්‍රයාකාරීත්වයන් විවිධාකාරයෙන් සිදු වෙනවා.

    අපි පහනට නම් දෙකක් කියනවා. එළිය පතුරුවන අර්ථයෙන් පදීපෝ, පජ්ජෝතෝ කියනවා. අඳුර නසන අර්ථයෙන් තමෝනුදො, තමංසි කියා කියනවා. පහන් පිදීමේ ගාථාවෙන් කියවෙනවනෙ දීපෙන තමධංසිනා (අඳුර නසන මේ පහනින්) කියල. එවිට එකම පහනට ඇයි මේ නම් දෙකක් කියන්නෙ ඒකෙ කි‍්‍රයාකාරී දෙකක් තියෙන නිසා. ඒකට අට්ඨකථාවල කියන්නේ යථාවසරලසක්ෂණ කියල. යථාවසරසලක්ෂණ කියන්නෙ හිත ඇති හිත නැති සෑම දෙයකම තියෙනව ස්වභාවලක්ෂණ පඨවි ධාතුවෙ තද ලක්ෂණය, තේජෝ ධාතුවේ සීතල, උෂ්ණ ලක්ෂණ, වායෝ ධාතුවේ සෙලවෙන පිම්බෙන ලක්ෂණ තියෙනවා. යථාවසරසලක්ෂණය කියන එකේ කෙටිම තේරුම එහි ස්වභාවය අනුව නම් තැබීම කියන එකයි. එබඳු ස්වභාව අනුව සිතට යෙදෙන නම් දහයක් තිබෙනවා.

    චින්තනාර්යෙන් චිත්තං කියෙනවා. අරමුණු මැන ගන්නා අර්ථයෙන් මනො කියනවා. මනසං කියෙන්නෙත් ඒ අර්ථමයි. අදහස් දරන අර්ථයෙන් හදයං. පිරිසිදු අර්ථයෙන් පණ්ඩරං, ආයතනාර්ථයෙන් මනායතන, අරමුණු ගැනීමේ ප‍්‍රධාන අර්ථයෙන් මනිÁද්‍රියං, අරමුණු විශේෂයෙන් දන්නා අර්ථයෙන් විඤ්ඤාණං, අරමුණු විශේෂයෙන් දැනගන්නා රැසක් නිසා විඤ්ඤානක්ඛන්ධො, අරමුණු ආදී දැනගන්නා රැසක් නිසා විඤ්ඤානක්ඛන්ධො, අරමුණු ආදී ප‍්‍රත්‍යයන්ට සාධාරණ නිසා තජ්ජාමනොවිඤ්ඤාණ ධාතු කියා, මෙසේ සිත හඳුන්වන නම් දහයක් තියෙනවා. චිත්තං, මනො, මනසං, හදයං, පණ්ඩරං, මනො මනායතනං, මනිÁද්‍රියං, විඤ්ඤාණං, විඤ්ඤානක්ඛෙන්‍ධා, තජ්ජාමනො විඤ්ඤාණධාතු කියන කොයි නම කීවත් සිත සිතමයි. මෙසේ මේ එකම සිතට නම් දහයක්ම ලැබුණෙ යාථාවසරසලක්‍ෂණය නිසා. ප‍්‍රඥාවට එසේ ලැබෙන නම් තිහක් තිබෙනවා. ඒ වාගේ කුසලය හා පින කියන වචන දෙකින් එකම සිතේ කි‍්‍රයාකාරී අර්ථ දෙකක් හඳුන්වනු ලබනවා.

    ‘කුස සංඛතේ පාපකේ අකුසලේ ධම්මේ සලයන්ති චලයන්ති කම්පෙන්ති විද්ධංසෙන්තීති කුසලං’ පාප ධර්මයන්ට කියනවා කුස කියල නින්දිතාර්ථයෙන්. අනික සැපය කපාදමන අර්ථයෙන් ද කුස කියා කියනවා. සියලු සම්පත් විනාශ කරන අර්ථයෙන් ද පාපයන්ට කුස කියනවා. කුස නම් වූ අකුසල කර්ම කපා දමන්නේ සොලවා දමන්නේ, කම්පා කරන්නේ, සුනු විසුනු කරන්නේ යම් ධර්මතාවක්ද එය කුසල කියා හඳුන්වනවා. සිතේ පහළවීමට තියෙන අකුසල් නසන අර්ථයෙන්ද කුසල් නම් වෙනවා.


    නා උයනේ
    අරියධම්ම හිමි
    එතකොට පුඤ්ඤ හෙවත් පින් කියන එකේ තේරුම මෙහෙමයි. හදයං පුනාතීති පුඤ්ඤං චිත්ත සන්තානය පිරිසුදු කරන අර්ථයෙන් පින කියල කියනවා. සමහරු මේක තෝරනවා සිත පිනවීම පිනය කියලා. එසේ තේරීම වැරැදියි. හදයං පුනාතීති පුඤ්ඤං කියන්නෙ පිනවීමක් ගැන නෙමෙයි. සිත පිරිසුදු කරන අර්ථයෙනුයි පින කියන්නෙ.

    පිනවන අර්ථයක් මෙහි තියෙනවා නම් පීනේතීති පුඤ්ඤං වෙන්න ඕනනෙ. සිතේ හට ගන්න තියෙන ලෝභ, ද්වේෂ, මෝහාදී ක්ලේශ ගති දුරුවීම කුසල නම් වන අතර සිත පිරිසුදු වීම පින් නමින් හඳුන්වනු ලබනවා. එකම වෙලාවෙ එකම සිතින් මේ දෙකෙම කෙරෙනවා. අර එළිය වැටීමයි අඳුර නැසීමයි වගේ, සිතේ පහළවීමට තිබෙන ලෝභාදී උපක්ලේශයෝ පහළ නොවෙන කොට සිත පිරිසිදු වෙනවා. මළ බැඳෙන අපිරිසිදු පිත්තල භාජනයක් යම් කිසි දෙයකින් පිරිසුදු කරනවා. එවිට මොකද වෙන්නෙ කහට දුවිලි පැල්ලම් ඔක්කොම ඉවත් වෙලා පිරිසුදු වෙනව දීප්තිමත් වෙනවා. ඒ වගේ කුසල් සිතෙන් ඔය කි‍්‍රයාකාරි දෙකම සිදු වන බැවින් ඒකට කියනවා පිනය, කුසලය කියලා. ඒක නම් දෙකක් මිසක් ධර්මතා දෙකක් නෙමෙයි.

    දැන් සමහර කෙනෙක් ලෞකික සම්පත් උදෙසා කරන යහපත් දේ පිනයි, දස කුසලධර්ම කුසලයි කියල ඔහොම තෝරන්න යනව. දාන සීල, භාවනා, අපචායන, චෙය්‍යාවච්ච ඔය ඔක්කොම සම්මුති නාම පමණයි. ඒවට දස පුන්‍යකි‍්‍රයා කීවට එතැන කුසල අර්ථය තියෙනවා. දානෙ දෙන විට සිත පිරිසිදු වෙනව. එනිසා පින, දානය දෙන විට සිතේ කෙලෙස් නැති වෙනවා. එක කුසලය, භාවනාව උනත් එහෙමයි. භාවනා කරන්න කරන්න සිත පිරිසිදු වෙනවා, කෙලෙස් නැති වෙනවා.

    එවිට එතැන කුªසල අර්ථය සහ පින් අර්ථය තියෙනව. අනිත් ඒවත් එහෙමයි. පානාතිපාතා වේරමණි කියන විට දස කුසල ධර්මයෙන් එකක්. සතුන් මැරීමෙන් වළකින්නෙමි යි කියන විට සිත පිරිසුදු වෙනවා. කෙලෙස් නැති වෙනවා. එය පිනක් කියන්නත් පුළුවන් කුසලයක් කියා කියන්නත් පුළුවන්. ඉතිං ඔය අර්ථ විග‍්‍රහයකරනවා විනා මේක දෙකක් හැටියට ගන්න ගියොත් එය මිථ්‍යාවක් වැරදීමක් බව අප තේරුම් ගන්න ඕන. එසේම මෙය අන් අයට නිවැරැදිව ප‍්‍රකාශ කරන්නත් ඕන. සිත පිරිසුදු කරන අර්ථයෙන් පින කියනවා. කෙලෙස් නැති කරන අර්ථයෙන් කුසල කියනවා. පින කීවත් කුසලය කීවත් ධර්මතා වශයෙන් එකක් මිස දෙකක් නෙමෙයි.

    ප‍්‍රශ්නය : කෙනෙකු රැස් කළ පින් අන් අයට අනුමෝදන් කිරීම අප අසා පුරුදු දෙයක්. දස පින් කිරියවත් පිළිබඳ කතා කිරීමේදී පත්තිදාන යනුවෙන් එය හඳුන්වනවා. පින් අනුමෝදන් කිරීමට අනුමෝදන් වීමට පිළිවන්වන්නාසේම පාපයත් අනුමෝදන් කිරීමට සහ අනුමෝදන් වීමට හැකිද ?

    පිළිතුර : පින් අනුමෝදන් කරන්න පුළුවන් වගේම පාපයත් අනුමෝදන් කරන්න පුළුවන්. දැන් බලන්න අපේ සමහර පැරැණි අය කියනවා මං ඉසේ කෙස් ගානට ගෝණ්නු මරල තියෙනව. මම ඉසේ කෙස් ගානට රා බීල තියෙනව. ඒක අහන තවත් වෙන මනුස්සයෙක් හරි මිනිහෙක් තමයි කියල බොහොම සතුටු වෙනව. අන්න අකුසල් අනුමෝදන් වුනා. ගාථාවකුත් ඕන නම් හදා ගන්න පුළුවන්. කෙනෙක් කියනව මම අර මිනිහට හොඳ පාඩමක් අද ඉගැන්නුවා. ගහල ඇට කටු කුඩුවෙන්න තරම් දඬුවම් දුන්නා කියල. ඒක අහන ;කනා කියනව බොහොම හොඳයි. එයාට ඔහොම කරල මදි මරන්නයි වටින්නෙ මමත් හිටිය නම් දෙකක් අනිනව කියල. අන්න පව අනුමෝදන් වුණා. ත‍්‍රස්තවාදියෙක් වෙඩි තියල මරල දැම්ම කිව්වම අපේ සිංහලයො බොහොම සතුටුවෙලා අර පාපය අනුමෝදන් වෙනවා. අනවබෝධය නිසා අද බොහෝ දෙනෙක් පින් අනුමෝදන් වීමට වඩා කරන්නෙ අනුන්ගෙ පව් අනුමෝදන් වීම.

    බෝසතාණන් වහන්සේ පෙර ජාතියක මාළු මරණ කුලයක උපන්නා ගඟක් අයිනෙ. එක දවසක් තවත් ළමයි සමඟ මාළු මරණව බලන්න ගියා. ගිහින් බැලුවාම එදා එම ගමේ නෑයෝ පෙර දවසෙ ගඟට වස වගයක් දාලා විශාල ප‍්‍රමාණයක් මාළු ගොඩ දාල. ඒ දැකල මේ බෝසත් දරුව කියනව අද නම් හරිම හොඳයි ලොකු මාළු ගොඩක් ගොඩදාල කියල. අන්න පාපය අනුමෝදන් වුණා. ඒ පාපය අනුමෝදන් වීම නිසා බුදු බවට පත්වීමෙන් පසුවත් හිස රදයක් පැවති බව ධර්මයේ සඳහන් වෙනව. මෙසේ අකුසලය අනුමෝදන් වෙන්න ඕන තරම් පුළුවන්.

    කුසලය නිසා කුසල් සිද්ධ වෙනව. අකුසලය නිසා අකුසල් සිද්ධ වෙනව. ඒ වගේම අකුසලය නිසා කුසල් සිද්ධ වෙනව. අකුසලය නිසා අකුසල් සිද්ධ වෙනව. ඔය ක‍්‍රම හතරම ලෝකෙ පවතිනව.

    යම්කිසි පුද්ගලයෙක් දානයක් දෙනවයි කියල හිතමුකො. තවත් කෙනෙක් එය බලා අනේ සාදු සාදු කොච්චර වටිනා පිනක් ද කෙළේ කියල සතුටු වෙනව. අන්න කුසලයෙන් කුසලය සිද්ධවුණා. එබඳු පින්කමක් දැකල තව සමහර විට කෙනෙක් අපොයි ඔය උපාසකයගෙ හැටි මම දන්නව දැන් ඔය පන්සල් ගියාට එයා මහ කපටියෙක්, පව්කාරයෙක්, මහා බොරුකාරයෙක් සල්ලිකාර කමට මාන්නෙට කරන වැඩ කියල හිත නරක්කර ගන්නවා. අනුන් කරන කුසලය නිසා තමා අකුසලයක් කර ගන්නවා.

    තව කෙනෙක් අපි හිතමු. යම් අකුසලයක් කරනව. එය අහන්න දකින්න ලැබුනම අනේ ඒ මනුස්සය මොනතරම් අපරාධයක්ද කෙළේ. මේ උදවියට කල්‍යාණ මිත‍්‍ර ආශ‍්‍රය ලැබී ධර්මය අවබෝධ වී මේ අකුසල් වලින් මිදේවා. සුගති මග නිවන් මග ලැබේවා යනාදී වශයෙන් ඒ උදවියට මෛතී‍්‍ර කරල මම නම් කවමදාවත් මෙබඳු පාපයක් කරන්නෙ නැහැ. සසර වසන තුරු මගෙන් මෙබඳු පාපයක් සිදු නොවේවා. කියල හිතල අනුන්ගෙ අකුසලයෙන් තමා කුසලයක් සිදු කරගන්නවා. අකුසල් කරන දුසිරිතේ හැසිරෙන කෙනෙක් පිළිබඳ අහන්න දකින්න ලැබුනම අර මුලින් කීව වාගෙ හරිම වටිනව බොහොම හොඳයි එහෙම කරපු එක මමත් හිටියනම් ඒකමයි කරන්නෙ කියල අනුන් කළ දේ අනුමත කරනව. එයින් අනුන්ගෙ පාපයට තමනුත් සම්බන්ධ වෙනවා. පාපයෙන් පාපයක් සිදු කර ගන්නවා.

    දිනමිණ
     
    Last edited: