පිකාසෝගේ උපත

Alipak

Well-known member
  • Jun 4, 2012
    1,293
    273
    83
    On Earth
    පිකාසෝගේ උපත



    උපන් මොහොතේ දී පිකාසෝගේ ජීවිතය බේරී ඇත්තේ අනූනමයෙනි. ඔහු උපන් මොහොතේ මළ දරු උපතක් සේ සලකා වින්නඹුව ඔහුගේ බිලිඳු සිරුර ප‍්‍රසූත මේසය උඩ තිබිය දී එතැනින් ඉවත්ව ගොස් ඇති අතර හදිසියේ එතැනට පැමිණි ඔහුගේ මාමා කෙනකු වූ සුරුට්ටු උරණ වෛද්‍යවරයකු මුවට මුව තබා කළ පිඹීමෙන් ලද සුරුට්ටු දුම සහිත හුස්ම පොද නිසා ඔහු මෙලොව එළිය දකින්නට වාසනාවන්ත විය. පැබ්ලෝ පිකාසෝ නම් ලෝපතල සිත්තරාගේ විස්මිත සිත්තම් දකින්නට අපට ද වාසනාව ලැබිණ.

    මාසේ විභාගය එක් දිනකින්

    ස්පාඤ්ඤයේ බාසිලෝනා ලලිත කලා ඇකඩමියේ සිසුනට තරගකාරී චිත‍්‍රකර්ම විභාගය සඳහා වූ නිර්මාණය කරන්නට මාසයක කාලයක් දෙනු ලැබීය. ඒත් 15 හැවිරිදි වියේ සිටි පිකාසෝ එක් දිනක් තුළ ඒ විභාගය සම්පූර්ණ කළා පමණක් නොව එවර විභාගයට සහභාගි වූ වැඩිහිටි සිසුන් පරදවා ඉන් ප‍්‍රථම ස්ථානය දිනා ගත්තේය.

    විස්තර සඳහා බලන්න විකිපීඩියා විශ්වකෝෂයෙහි [FONT=&quot]PabloPicasso[/FONT]