පිඟාන

Evo X

Awrudu Games 2017 - Winners
  • Sep 5, 2008
    6,123
    509
    113
    ║▌CmB™ HoMe tOwN║▌
    ඔන්න ඉතින් දැන් ඇම්ඩ හරි හොඳ කොලුව, කැම්පස් ගිහින් දැන් ඉන්නෙ බෝඩිමක., බෝඩිමේ එහා කාමරේ ඉන්නෙ පට්ට කෑල්ලක්., අම්ම ඉතින් ඉඳල හිටල එනවා මූව බලන්න., ඔන්න ඉතින් දවසක් ඇම්ඩගෙ අම්ම බෝඩිමට ආව මූව බලල යන්න., අර කෑල්ල ඉතින් කොයි වෙලෙත් ඇම්ඩෝ ගා ගත්ත ගමන්මයි,. අම්මට ඉතින් වැඩේට සැකයි මුන් දෙන්නගෙ මොකක් හරි හුටපටයක් තියෙනව කියල., ඉතින් තුන් දෙනත් එක්ක වාඩි වෙලා කද්දි අම්ම හිතන දේ ඇම්ඩටත් මීටර්., අම්ම මොකවත් අහන්න කලින්ම මූ හඬ අවදි කරල කිව්වා..
    "අම්මෙ , අම්ම හිතන දේ මට තේරෙනව, එහෙම මොකවත් දෙයක් අපි අතරෙ නෑ අම්මෙ., අපි නිකන්ම නිකන් යාලුවො විතරයි.,

    ඔන්න අම්ම ගිහින් දවස් දෙක තුනකින් විතර අර කෑල්ල ඇවිත් ඇම්ඩට කියනවා,.
    "අපේ අර ලස්සන සිල්වර් පාට පිඟාන කෝ අනේ, ඔයගෙ අම්ම ආපු දවසෙ ඉඳන් ඒක නෑනෙ., අම්ම අරන් ගිහිල්ලවත්ද?..

    දැන් ඇම්ඩටත් වැඩේට අප්සට් හින්ද.. මු ගැහුව අම්මට ඊමේල් එකක්..

    ආදරනීය අම්මේ,
    අම්මාගෙ සුව දුක් කෙසේද?? අම්මා බොරු නොකියන බව මම දනිමි., අම්මා සොරකම් කරන බවක් මම නොකියමි. එහෙත් අල්ලපු කාමරේ සරලාගේ(අර කෑල්ලගෙ නම ) සිල්වර් පිඟාන අම්මා පැමිනි දා සිට නැති බව ඇය කියයි., එය වැරදිලා හෝ ගෙන ගොස් ඇතිද දැන ගැනීමට මම මෙය අම්මාට එවමි.,
    ආදර ඇම්ඩන් පුතා..

    ඊමේල් එක සෙන්ඩ් වෙන්න වුන් නෑ, මෙන්න අම්මගෙන් පටස් ගාල රිප්ලයි එකකුත් ආවෙ නැතැයි.,

    ආදර ඇම්ඩන් පුතේ,
    මම සුව සේ සිටිමි., මම මගෙ පුතාද බොරු නොකියන බව දනමි., සරලා ඔබ සමග නිදා ගන්නා බවක්ද මම නොකියමි. එහෙත් සරලා ඇයගෙ ඇඳේ නිදා ගන්නේ නම් මේ වන විට ඇයට සිල්වර් පිඟාන හම්බ වී තිබිය යුතුය, මම පිඟාන සරලාගෙ කොට්ටය යට දමා ආවෙමි..

    දඩ බඩාස්........... ඇම්ඩට පොඩි කලන්තෙකුත් ආවලු.....

    ඇඩ්‍රස් නෑ,,, අම්මත් ඉතින් ඇම්ඩගෙම අම්මනෙ.....


    හොදයිනම් දන්නවානේ ;)
     
    • Like
    Reactions: sandaru1rox