මචන් එහෙම කියන එක වැරදියි. අනික් රටවල් වලට වඩා අපේ රටේ බුද්දාගම ඔය තියන විදිහ 100%ක් හොදයි බං. අනික් රටවල් බටහිර සංස්කෘතියත් එක්ක මිශ්ර වෙලා උන්ට නිකන් කරන්න තියන නිසා කරන දෙයක් බවට බුද්දාගම පත්වෙලා තියෙන්නේ. අනික ලංකාවේ තරම් පිරිසිදු බුද්දාගමක් ලොකේ කොහේවත් නැ. යකෝ මස් කාලා ඒක බුද්දාගම අනූව හරිගස්සන එක වැරදියි බං. නිකමට හිතපං අපි කොච්චර දේවල් වලින් අයින් වෙලාතියන්වද පවු වලට බයේ. ඔහොම ගියොත් අපිත් ඕනි හුත්තක් කරයි ඒක දර්මෙන්ම පිං වලට convert කරගෙන..
මස් කන එක වැරදි නෑ,
ඔහොම තර්කයක් හදලා කිව්ව පළියට යමක් හරි වෙන්නේ නෑ. බෞද්ධාගම කියන්නේ බුදුන් දෙසපු ධර්මයයි. එතකොට අපි පිළිගන්න ඕනේ ඒ ධර්මය මිසක් නැතුව අපි තර්ක කරලා නිගමන වලට ධර්මයක් නෙවෙයි. බුද්ධාගමේ තියෙන්නේ මේකයි. මට ආයි බොරුවට තර්ක කරන්න ඕනේ නෑ මචන්, උබ මේක බොරුවක් කියලා ඔප්පු කරොත් මම පිළිගන්නම් උබ කියපු එක හරියි කියල නමුත් ඒක බෞද්ධ පොත පතින්ම වෙන්න ඕනේ නැතුව උබේ තර්කයෙන් නෙවෙයි.
බුද්ධාගමේ තියෙන්නේ මෙහෙමයි. ඒ කාලේ හිටියා සිහ සේනාපති කියලා කෙනෙක් ,මෙයා නිගන්ඨනාත පුත්තගේ ප්රධාන දායකයෙක්. ඔහොම ටික කාලයක් ගියාම, සිහ සේනාපති බුදුන්ගෙන් බණ අහලා ඒ ගැන පැහැදිලා, පසුවදා බුදුන් ප්රමුඛ සංගයාට දානයක් දෙන්න ඕනේ කියලා හිතලා තියෙනවා, එහෙම හිතලා, තමන්ගේ ප්රධාන සේවකයාට කියලා තියෙනවා, කඩේට ගිහින් පවත්නා මසක් ගේන්න කියලා, මෙතන පවත්නා මසක් කිව්වේ, ත්රීකෝටික පාරිශුද්ධ මාංශයටයි. පස්සේ මේකට නිගන්ඨනාත පුත්තට කේන්ති ගිහින්, එයා හැම තැනම ප්රචාරය කරලා තියෙනවා මේ විදියට සිහ සේනාපති බුදුන් වෙනුවෙන් සතෙක් මරලා අන්න ගෙදර කනවා කියලා, පස්සේ බුදු හාමුදුරු කරේ එදාම හවස තමන්ගේ අනුගාමික භික්ෂූන් රැස් කරලා. මෙහෙම කිව්වා.
‘න භික්ඛවේ ජානං උද්දිස්ස කතං මංසං පරිභුංජිතබ්බං යො පරිභුඤ්ජිතබ’ බං ආපත්ති දුක්කටස්සාතී අනුජානාමි භික්ඛවේ තිකෝටි පාරිශුද්ධ මච්ඡ මංසං අදිට්ඨං අසුතං අපරිසඛිතංති.’
ඒ කිව්වේ, යම් භික්ෂූවක් ත්රිකෝටික පාරිශුද්ධ මාංශයෙන් පිට වෙන මාංශයක් පිළිගත්තේ නම් ,එම පුද්ගලයා දුකටම පත්වෙන බවයි.
එතකොට ත්රිකෝටික පාරිශුද්ධ මාංශය කියන්නේ මොකක්ද?
1 අදිට්ඨං, 2 අසූතං ,3 අපරිසංඛිතං.
මේවා පිළිවෙලින්, තමන් වෙනුවෙන් මැරු බව නොදුටු, නොඇසූ, සැකයක් නොමැති කියන එකයි.
ඒ වගේම බුදුන් කියලා තියෙනවා, චේතනාහං භික්ඛවේ කම්මං වදාමි. චේතයිත්වා කම්මං කරෝති කායේන වාචාය මනාසා”
මේක කියලා තියෙන්නේ නිබ්බේධික සූත්රයේ, ඒ කියන්නේ, චේතනාව තමයි කර්මයට හේතු වෙන්නේ, ඒ කියන්නේ උබ ගිහින් සතෙක් මැරුවොත්, උබ කාට හරි කිව්වොත් එහෙම කරන්න කියලා එතකොට තමයි ඒක කර්මයක් වෙන්නේ.
මීට අමතර ලෙස ශ්රමණයන්ගේ පහසුව, ආරක්ෂාව, ඒ කාලේ සමාජය උදෙසා භික්ෂූන්ට, තව මස් වර්ග 10 කන්න තහනම් කරලා තියෙනවා. ඒක තියෙන්නේ මහාවග්ග පාලියේ.
ඒවා තමයි, මිනිමස්, අලි මස්, අශ්ව මස්, බලු මස්,සර්ප මස්,සිංහ මස්, ව්යාඝ මස්, දිවි මස්, වලස් මස්, තරස් මස්.
ඔන්න ඕක තමයි බුද්ධාගම.