ඕක ගොඩක් වෙලාවට වෙන්නේ, අපේ උන්ට එහේ පොලිටික්ස් ගැන කතා කරන්න බැරි වීම නිසා නොදන්නෙ දෙමළෙට ගිහින් වරිගෙ නහගන්නේ නැතුව පාඩුවෙ ඉන්න එකෙන්. "ලන්කාවෙන් ගිහින් පී ආර් සිටිසන් ගන්න උන් ඇයි එහේ පොලිටික්ස් කතා නොකරන්නේ" වගේ මාතෘකාව වෙනස් උනා නම් ගොඩක් හොඳයි.
Home Sickness
හෝම් සික් එක ගොඩක් පිටරට යන උන්ට හැදෙන දෙයක්. එහේ පරිසරය නුහුරුයි. ලන්කාවේ වගේ නෙවෙයි ගොඩක් දේවල් වෙන්නේ. ඒකත් එක්ක ගොඩක් උන්ට තමුන් ඒ රටේදී සෙකන්ඩ් ක්ලාස් සිටිසන් වගේ හිතිලා ඒ රටවල දේශපාලනේ ගැන කතාකරන්න අයිතියක් නෑ වගේ හිතෙන්න ගන්නවා. ඉතින් ගොඩක් උන් ඒ නිසා ලන්කාවේ පොලිටික්ස්ම කතා කරනවා සහ, උන්ට හුරු වෙලා තිබ්බ පරිසරය නැති වුන එක ගැන ඇති වෙන කණගාටුවත් එක්ක ලන්කාව මිස් වෙලා, ලන්කාවට එක පාරටම ආදරේ හිතෙනවා.
Better System than the system in Sri Lanka
ගොඩක් උන් ලන්කාවේ ඉද්දී ඕව ඔහොම තමයි, මොනවා කරන්නද? කරුමේ තමයි, කළු ගලේ ඔලුව ගහගන්න ඕන නෑ නේ කියල හිත හදාගෙන ඉන්නවා සහ ඒක සධාරණීකරණය කරනවා. ඒ විදියට ලන්කාවේ පද්ධතියත් හැදිලා තියෙන නිසා ඒ වැරදි, අඩුපාඩු ලන්කාව ඇතුලේ සාමාන්‍යකරණය වෙලා තියෙන්නේ. ඒක අසාමන්යයි කියල ගොඩක් උන්ට හිතෙන්නේ එහෙම නැති රටකට ගියාම. එහෙම උනාම එක පාර ටිපර් වෙනවා. "මෙච්චර කල් මුන් අපිට ඇරියා නේද" කියලා හිතෙන්නේ එදාට.
English Illiteracy
ගොඩක් උන් උඩ දාගෙන රට ගියාට ඉන්ග්‍රීසි බෑ. ඒ වගේම ලන්කාවේ උන් රොත්ත එක්ක සෙට් වෙලා වැඩ කරාම ඉන්ග්‍රීසි හැදෙන්නෙත් නෑ. ඒකත් එක්ක ගොඩක් උන්ට ඉන්ග්‍රීසි කවදාවත් හැදෙන්නේ නෑ. යස්, නෝ විතරයි ගොඩක් උන් දන්නේ, හරි උත්තරේ දෙන්න බැරිනම් පොඩියට බයාදු හිනාවක් දාල ශේප් වෙනවා. ලන්කාවෙන් පිටරට යන යූටියුබර්ස්ලවත් නෑ කිසි උදව්වකට. උනුත් අත නොතියපු සබ්ජෙක්ට් එකක් තමයි, පිටරට පොලිටික්ස්. උනුත් එහෙ ගිහින් "හායි ගායිස්, කොහොමද ඔයාලටා...." කියාගෙන පෙන්නන්නේ සුපර්මාකට් වල තියෙන චිකන් කිලේ එකක ගානයි, ලන්කාවට වඩා ගණන් අඩු කාර් වල ගානයි විතරයිනේ. ඉතින්, ඉන්ග්‍රීසි බැරි උන් සදා අනාතයි. බෝරින්ග් උනාම ඒත් කතාකරන්න ඉතිරි වෙන්නේ ලන්කාවේ පොලිටික්ස් විතරයි.
Sudden change in living standards and feel like being in heaven
ගේ දොර උකස් තියලා රට යන උන්ට එහේ ගිහින් චිකන් කෑල්ලක් එක්ක බත් කාලා කාර් එකක් ගත්තම එක පාර ජීවන මට්ටම උසස් වෙනවා වගේ දැනෙනවා. ලන්කාවේ වගේ පාරවල් වල ඇවිදගෙන යනකොට එන චූ ගඳ, කුණු ගොඩවල් පේන්න නැති උනාම, නෙළුම් කුලුණ වගේ උසම උස බිල්ඩින්ග් 100ගානක් එක යායට දැක්කම එක පාරටම එනවා "මම මේ ඉන්නේ දිව්‍ය ලෝකෙක" වගේ ෆීලින්ග් එකක්. එයාපෝට් එකේ ඉඳන් පලවෙනි පාර ලන්කාවේ ඉඳන් එන එකෙක්ව සිටි එක මැද්දෙන් එක්කන් ආවොත් ඇස් දෙකෙන් බලාගන්න පුළුවන් ගහගන්න ෆොටෝස් සෙට් එකෙන්ම. ඒකත් එක්කම සම හරක්ට ( හැමෝම නෙවෙයි ) ලන්කාවේ උන් එක්ක කම්පෙයා කරලා තමුන් ලන්කාවේ ඉන්න හැම එකාටම වඩා උසස් කියලා හිතෙන්න ගන්නවා. ලන්කාවේ තියෙන පුහු හීනමානෙම තමයි. පදින වාහනේ අනුව බුද්ධිය තීරණේ කරන ගොබ්බයෝ නේ ලන්කාවේ ඉන්නෙ ( උදා: ත්‍රීවීල් කාරයෝ, බයික් කාරයෝ මෝඩයි, දුප්පත්. ඒකයි උන් ඒ වගේ පොඩි වාහන පදින්නේ. ප්‍රාඩෝ එකේ යනගමන් වැගන් ආර් පදින්නේ ගොබ්බයෝ කියලා හිතනවා ) . වෙනස් දේවල් අත්දකින්න අවස්ථාව අඩු වුන දූපතක ඉපදීමේ සාපේ එතනම පල දීලා කටුස්සගේ කරේ රත්තරන් බැන්දා වගේ වෙනවා. එතකොට ඉතින් ලන්කාවේ ආචාර්ය උපාධි ගහපු උන්ටත් වඩා ලොකු එකෙක් කියලා තමයි හිතෙන්න ගන්නේ. එහෙම වෙන උන් තමයි ඔය පිටරටවල කුණු නෑ, පිටරටවල වැඩකරන්නේ මෙහෙමයි, පිටරටවල ප්‍රාඩෝ එකක් ගන්න ලේසියි කිය කිය මෙහේ උන්ට දියුණු වෙන්න ඕන නම් රට විරුවොන්ගෙන් උපදෙස් ගන්න ඕන කියලා වැලලෙන්නේ. ගොඩක් උන් ලන්කාවේ උන්ට තමුන් ඉන්න රටේ වටිනාකමේ පම්පෝරිය ගහන එකත් එක්ක තමුන් දැන් උසස්, වැදගත් මිනිහෙක් කියලා අඟවන්නේ ලන්කාවේ, පොලිටික්ස් ක්‍රිටිසයිස් කරලා. හැබැයි ඒකත් හොඳයි. මොකද ඉස්සර වගේ නෙවෙයි, ලන්කාවේ ප්‍රශ්න ගොඩක් හයිලයිට් වෙනවා.
Politics in Developed countries are boring and policy based
ලන්කාවේ පොලිටික්ස් කියන්නේ ඉන්දියාවේ මේ ටෙලියක් වගේ. හැඟීම්බර කතා, විනාඩි ගානක් ස්ලෝ මෝශන් වදින කනේ පාරවල් වගේ චෝදනා, ලේලි දේපළ ටික ලියාගන්න ඕනවට පවුලේ ඇතිකරන අසමගිකම් වගේ ලේසියෙන් තේරුම් ගන්න පුළුවන් කතා තමයි ලන්කාවේ දේශපාලනේ වැඩිහරියක් තියෙන්නේ. ගොඩක් දේශපාලන මාතෘකා පුද්ගලානුබද්ධයි. අරයා මෙච්චර හොරාකෑවා, මෙයාට හොර ගෑනු, මෙයා ලයිට් බිල් ගෙවන්නෑ වගේ, "පොඩ්ඩක් හිතල බලන්න" ලේසි මාතෘකා තමයි ලන්කන් පොලිටික්ස් වල තියෙන්නේ. දියුණු රටවල එහෙම නෑ. කවුරු හරි මිනිහෙක් වටේ ගොඩනැගුනු දේශපාලන කතාවල් හරි අඩුයි. දියුණු රටවල ගොඩක් වෙලාවට කතා කරන්නේ ඒ රටේ කරන ප්‍රතිපත්තිමය වෙනස්කම් ගැන. උදාහරණ හැටියට ගත්තොත් ආණ්ඩුව විසින් උද්දමනය පාලනය ගත්තු ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ගයක්, එහෙමත් නැත්තන් එන්න තියෙන ආර්ථික අවපාතයක් වලක්වගන්නවා නම් කරන්න ඕන ආර්ථික විද්‍යාත්මක දේවල්. මේ වගේ දේවල් තේරුම්ගන්නත්, කතාකරන්නත් ඒව ගැන පොඩ්ඩක් හරි අහල කියවලා ඉගෙනගන්න ඕන. ඒක අර දේසපාළුවෙක් රෑට කුඩු ගහන්නේ කාත් එක්කද කියලා කතාකරන වොයිස් රෙකෝඩින් එකක් අහනවා වගේ ආතල් නෑ. ඒ නිසා අපේ උන්ට එහේ පොලිටික්ස් ලොවෙත් ඕන නෑ. මොකද ඒවා පට්ට බෝරින්ග්. ඒව ගැන කතා කරන ප්‍රෝග්‍රෑම්ස් මෙහෙයවන උනුත් පොඩ්ඩක් ඇත්තන් පැනික් වෙන චමුදිත වගේ ට්‍රැක් ඩයල් නෙවෙයි. වැදගත් විදියට හිමින් කතා කරන, වැඩියෙ ෆේශල් එක්ස්ප්‍රෙශන්ස් නැති බෝරින්ග් පොරවල්. එහෙම උන්, එහෙම කතා අපේ උන්ට බෝරින්ග්. එතකොට ඉතින් අන්තිමට එහේ ඉන්න ලන්කාවේ යාළුවා සෙට් වුනාම කතා කරන්න ඉතුරු වෙන්නෙත් ෆයිල් මිටිය ගැන විතරයි.
කොහොම හරි ලන්කාවෙ ඇතුලේ ඉන්නෙත් ඔය සෙට් එකටම ගැලපෙන සෙට් එකක්. ඉතින් අපේ උනුත් ආසයි එහේ සැප ජීවිත දිහා බලලා එහේ යන්න හීන මවන්න. ගොඩක් වෙලාවට ලන්කාවේ ප්‍රශ්න න්‍යායාත්මකව කතාකරන සාකඡ්චාවකට වඩා, රට ඉන්න අයියා දෙන පොර ටෝක්ස් අහන්න මල්ලිලා ආසයි. එහෙම හරි එකෙක් කියන දේවල් අහලා ලන්කාවේ ප්‍රශ්න තියෙනවා කියලා මෙහේ උන් තේරුම් ගන්නවා නම් රට ඉන්න උන්ගේ පුකේ ඉන්න ඉත්තෑවගෙනුත් වැඩක් නෑ කියන්න බෑ.