පිටරට ඉන්න උඹලා වයසට ගියාම අපහු එනවද?

dfgrendezvous

Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    ලංකාවේ සල්ලි හම්බ කරන්න අමාරු හින්ද නේ ගොඩක් උන් පිටරට යන්නේ. ඉතින් ඉන්න රටක සල්ලි හම්බ ක‍රල retire වුනාම අපහු ලංකාවට එනවද? සමහර සුද්දෝ ලංකාවට එනවා නේ retire වෙන්න. උන්ට උන්ගේ රටවලින් හොඳ pension එකක් හම්බෙන හින්ද, ලංකාවේ සුපිරියට ඉන්න පුළුවන්. retire වෙන්න විතරක් නෙමෙයි online රස්සාවල් කරන digital nomad උනුත් එනවා ලංකාවේදී ලාබෙට ආතල් එකේ ඉන්න පුළුවන් හින්ද. ඉතින් උඹල මොකද කරන්නේ?

    එන්න හේතු:
    1) උඹට හිටපු රටෙන් හොඳ pension එකක් හම්බෙනවා නම් (dollar , euro , yen , pound වලින් ), ඒ රටේ සාමාන්‍ය විදියට ඉන්නේ නැතුව ලංකාවේ රජෙක් වගේ ඉන්න පුළුවන් වියදම අඩු හින්ද.
    2) ඒ රටේ ඉඳල ඇති වෙලා තියෙන්න ...
    3) යාලුවෝ, නෑදැයෝ නැතුව ඉන්න පාලුයි වයසට ගියාම
    4) මොන අවුල තිබ්බත් ලංකාවට ආදරෙයි.

    නොඑන්න හේතු:
    1) ලංකාවේ නීතියක් නැහැ. වල් වැදිලා.
    2) හරිහමන් infrastructure එකක් නැහැ. එන්න ආස වුනාට එන්න අමාරුයි.
    3) නෑදැයෝ චාර්ටර්. උන්ගෙන් ඈත් වෙලා ඉන්න එකමයි හොඳ.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,328
    30,105
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මැරෙන්න කිට්ටුවෙලා එන්න හිතන් ඉන්නේ. සීතලේ මැරෙන්න ආස නෑ. ඒත් ඉතින් කියන්න දන්නේ නෑ, ඒ කාලෙට ළමයින්ට අපිව ඕන වුනොත් මෙහෙම මැරිලා යනවා. ඇත්තම කිව්වොත් ලංකාවේ කාපු පරිප්පු හැටියට වැලලෙන්න කැමති මේ රටේ.
     
    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,645
    5,722
    113
    4) මොන අවුල තිබ්බත් ලංකාවට ආදරෙයි.
    1) ලංකාවේ නීතියක් නැහැ. වල් වැදිලා.
    මෙන්න මේ කාරනා දෙක තමයි මූලිකම දේ.

    විශ්‍රාම ගියාම ලංකාවට පදිංචියට යාමට මම හිතාගෙන හිටපු කාලයක් තිබුනා. ඒ සඳහා අවශ්‍ය දේවල් සියල්ලමත් සුදානම් කළා. නමුත් දැන් ඒ කරපු වියදම් සහ ඒ අදහස අත හැර දාලා ඔස්ට්‍රේලියාවේම ප්‍රාදේශීය නගරයක විශ්‍රාම දිවිය ගත කරන්න දැන් කටයුතු සුදානම් කළා. තව වසර නමයකින් (වයස 67 දී ) මම විශ්‍රාම යනවා. මගේ ජීවිතයෙන් අවරුදු 28 ක් ලංකාවෙත්, 30 ක් ඕස්ට්‍රේලියාවෙත් ජීවත් වෙලා තියනවා. ඉහතින්ම දක්වා තියන කරුණ ( මොන අවුල තිබ්බත් ලංකාවට ආදරෙයි.) කියන කරුණ මගේ හිතෙන් කිසිදා වෙනස් වෙන්නේ නැහැ. නමුත් ඊළඟ කරුණ (ලංකාවේ නීතියක් නැහැ. වල් වැදිලා.) නිසා තමයි ලංකාවට නොඑන්නේ.
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ

    :lol: අනේ පලයං බං යන්න..ලංකාවට අාදරේ මඟුලක් නෙමෙයි..උඹලට නාකි වෙලා ඔහෙ කරන්න දෙයක් නෑ..හම්බ කරපු සල්ලි ටික කාල බීල රෙන්ට් ගෙවල ඉවර උනහම හිඟා කන්න තමා වෙන්නෙ.:lol:.ලංකාවට අාවහම ඒ සල්ලි බැංකුවෙ දාල හරි පොළියෙන් ජීවත් වෙන්න පුළුවන්නෙ..ඔය රටවල ඵහෙමවත් බැහැනේ..බැංකු වල සල්ලි දැම්මට පොලියක් නෑ..:lol:
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    අපේ නැන්දල මාමාල, මලයල සෙට් එකක්ම ඉන්නව ඔ සී සිටිසන්, මම නම් මලාට හිතන්නේ නෑ උන් ලන්කාවට එයි කියල, ලොකු ලක්සරි ලයිෆ් එකක් නම් පේන්න නෑ ඒත් මම හිතන්නේ හිතේ නිදහස වැඩි එහේ, හොර මැර, අසික්කිත දේසපාලනය මිනිස්සුන්ට ජීවිතේ එපා කරවනව,
     
    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,645
    5,722
    113
    :lol: අනේ පලයං බං යන්න..ලංකාවට අාදරේ මඟුලක් නෙමෙයි..උඹලට නාකි වෙලා ඔහෙ කරන්න දෙයක් නෑ..හම්බ කරපු සල්ලි ටික කාල බීල රෙන්ට් ගෙවල ඉවර උනහම හිඟා කන්න තමා වෙන්නෙ.:lol:.ලංකාවට අාවහම ඒ සල්ලි බැංකුවෙ දාල හරි පොළියෙන් ජීවත් වෙන්න පුළුවන්නෙ..ඔය රටවල ඵහෙමවත් බැහැනේ..බැංකු වල සල්ලි දැම්මට පොලියක් නෑ..:lol:
    බැංකු වල සල්ලි දැම්මට පොලියක් නොලැබෙන එක නම් ඇත්තයි. ඒ උනාට තමන්ගේ විශ්‍රාම දිවිය සැප පහසුවෙන් ගත කිරීමට තරම් ආදායමක් ලැබෙන ආයෝජන කරලා නැති නම්, රජයේ විශ්‍රාම වැටුපෙන් ජීවත් වෙන්න වෙනවා. කිසිම ආදායමක් නැති ජෝඩුවකට විශ්‍රාම වැටුප සතියකට A$ 711 (ගෙවන්නේ සති දෙකකට ඩොලර් 1422 හැටියටයි) ක්. ටැක්ස් නැතිව ලැබෙන ඒ මුදල සහ විශ්‍රාමික වරප්‍රසාද එකතු උනාම සුව පහසු දිවියකට හොඳටම සෑහෙනවා. එහෙම නැතිව අතේ තියන සල්ලි ඉවර වෙලා හිඟා කන්න වෙන්නේ නම් නැහැ. නාකි මිනිසුන්ට කරන්න දෙයක් නැහැ කියන එක නම් හිනාවට කාරණයක්. වැඩියෙන්ම විනෝද වෙන්නෙත්, වැඩියෙන්ම සංචාරය කරන්නෙත් Grey Nomads ලෙස හඳුන්වන නාකි මිනිසුන් තමයි.