පිටරට වයිරස්

2osama

Well-known member
  • Oct 25, 2010
    81,528
    72,737
    113
    මාලඹේ
    ලංකාවේ උන්ගේ රට යෑම, ලගේජ් සහ තවත් කතා😅

    3-Screen-Shot-2019-04-21-at-190341.jpg


    මේකනම් කියන්නම ඕන කතාවක්

    සාමානෙන් ගුවන් සේවයකින් ටිකට් එකක් ගන්න අවස්තාවේ ඉදන් ටිකට් එකට යනකන් සදහන් කරනවා ගෙනියන්න පුලුවන් උපරිම බර ප්‍රමානය. ඒ තිබිලත් අපේ අයියලා අක්කා වට්ටක්කයි කරෝලයි විතරයි පැක් කරගෙන එන්නේ නැත්තේ. සමහර උන් හාල් පවා අරන් එනවා. ඇවිල්ලා පෝලිමේ ඉන්න එකෙක් ටිකක් පොඩි බෑග් එකක් අරන් ඉන්නවා දැක්කොත් වැලපෙනවා බඩු ටිකක් දාලා දෙන්න කියලා.

    පලවෙනිදේ තමා කොච්චර අවංක අහිංසක පෙනුමක් තියෙන කෙනෙක් උනත් අනුන්ගේ පාර්සල් ගන්න එපා. දානකොට කොහොම දැම්මත් බාරගන්නකොට යටත් වෙන්නේ අදාල රටේ නීතියට. බැරි වෙලා හරි ඕකේ තහනම් භාන්ඩයක් තිබ්බොත් හැඥේ හුඥේ නෑ සොරිම තමා. මැදපෙරදිගනම් තුන්වේල බිරියානි කෑවහැකි සෑහෙන කාලයක්.. බිරියානි කන්න තියෙනවනවන්ම් හොදයිනේ නේ? හොද උනාට කොයි රටේ හිරේ ගියත් අවසානේ වෙච්චදේ පැහැදිලි කරන්න වෙන්නේ කොලේක චූටි රවුමකුයි ලොකූ රවුමකුයි ඇදලා😂

    මම නිතර ලංකාවට එන නිසා (කොරෝනා වලට කලින්) හුගක් වෙලාවට බැක් පැක් එක විතරයි ගේන්නේ.. ඉතින් හැමදාම මොකෙක් හරි එකෙක් සෙට් වෙනවමයි වැලපෙන්න. දවසක් ඔන්න අංකල් කෙනෙක් ඇවිල්ලා වැලපෙනවා. කොච්චර බෑ කිව්වත් අහන්නෑ. ඉතින් සුපුරුදු ගන දෙවි නුවන පහල කරන් පොඩ්ඩක් වටපිට එහෙම බලලා කනට කරලා කිව්වා අංකල් බෑග් එකේ බඩු වගයක් තියෙන්නේ මාට්ටු උනොත් අංකල්ටත් වැඩේ හරි කැමතිනම් ඔයාගෙ බඩු දෙන්න කියලා😂😂😂 මේ යකා සුස් ගාලා වාස්ප වෙලා පෝලිමේ පස්සටම ගියා

    ආයේ දවසක් ඇන්ටිලා දෙන්නෙක් වැලපෙනවා. බෑ කිව්වහම පිටිපස්සේ උන්න මැලේශියන් කාරයෙක්ගෙන් ඇහුවා. ඌ පැන්න ගමන් හා කිව්වා. මට ඉතින් කියනවත් ඇහුනා අපේ එකෙක් තමා අපිට උදව් කරන්නේ නැත්තේ කියලා මුමුනනවත්.රෑ 11:30ට දුබායි වලින් එන ෆ්ලයිට් එක ලංකාවට ගිහින් මැලේශියා යනවා. අර ඇන්ටිල මුගේ නමට බඩු ටික දාලා උදේ මම දැක්කා බඩු ටික බෙල්ට් එකේ එනකන් බලං ඉන්නවා තාම නෑ කියල.. ඇන්ටිල දෙන්න ලංකාවෙන් බැස්සට බඩු ටික මැලේශියා ගියා.. 😂(අවංකෙන්ම මම දැක්කනම් කලින් කියනවා පව් නිසා)🥺🥺

    images-1.jpg


    සාමානෙන් අපේ රටේ සමහර අයගේ තියෙන හෙන කැත පුරුද්දක් අනුන්ට වදයක් වෙන එක.. අපේ අයගේ කටේම තියෙන දෙයක් තමා "පොඩි උදව්වක් ඕන/ උදව්වක් කරන්න" ඇත්තටම බැලුවහම පොඩි නෙමේ අරූගේ පලුවක් යන වැඩකට තමා ටෝක් කරන්නේ. කෙනෙක් කැමැත්තෙන් උදව්වක් කරනඑක වෙනයි. ඒත් මේ කාරනේදී විතරක් නෙමේ ජීවිතේ හැමදේකදිම අන්ත අසරන අවස්තාවක හැර කැළනි හිගන්නෙක් නොවී හැකිතාක් ස්වාදීන මිනිහෙක් වෙන්න , දෙපයින් අල්ලන් ඉන්න බලන්න. ඇත්තටම ඒක තමන්ගේ ආත්මාභිමානයට හුගාක් වැදගත් දෙයක්

    ඕකෙම අනික් පැත්ත තමා සමහර අය ඉන්නවා මොකෙක් හරි ලංකාවට යනවා කියල ඇහුනොත් උගෙ ආච්චිට බුලත් විටක් හරි යවන්න ඕන වෙන. අන්තිමට අර වැකේශන් යන එකා ලැබුන සීමිත බර ඒ වෙනුවෙන් කැපත් කරලා ඒ පාර්සලෙත් උස්සන් ගිහින් ඒක ගෙනිහිල්ලත් දෙන්න ඕන.

    කතෘ අයිතිය :කෝසල එදිරිසිංහ (FB)
     
    Last edited:

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,433
    25,679
    113
    ශැංහයි Airport එකේ ඉද්දී, චීන ගෑණියෙක් ෆෝන් එක දුන්නා, ලංකාවේ එකෙක් කියනවා අඳුර අක්කා කෙනෙක් ලු, බඩු ටිකක් ගන්න ලු. මම කිව්වා " මට කක්කා බරක් තියෙනවා චීනිට ඒක ගන්න කියන්න, මම තෝගේ බඩු ටික ගන්න" කියලා, අරකි වටේ ම එවුන් ටෝර්ක් කරලා නාකි චමින්දයෙක් සෙට් කරගත්තා.

    😂 අපේ බූරුවෝ පිටරට වලදිත් හොයගන්න පුලුවන්
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    මොකෝ උඹ මේ දවස්වල ඇදයට හැංගිලද ඉන්නෙ? අර වෛරස් ත්‍රෙඩ් එකට වරෙන් පොන්නයෙක් නොවී @2osama