පිටස්තර ලෝකයෙන් ඈත්වී වෙසෙන හුදෙකලාම ජන ක
දුරකතනයක් පරිගණකයක් තියා පිටස්තර ලොව සමාන කිසිම සම්බන්ධයක් නැති ජන කොට්ටාස තවමත් වර්තමාන ලෝකයේ ජීවත් වෙනවා කිව්වොත් ඔබ තවමත් පුදුම වේවි. අද අපි කියන්නට යන්නේ එවැනි ජනාවාස 11 ගැන තොරතුරුයි.
1. Old Believers
isolated tribes in the world
Source – sputniknews.com
Old Believers යනු වෙනම ගෝත්‍රයක් නොවේ. ඔවුන්ව මෙයට දීර්ඝ කාලෙකට කලින් සමාජයෙන් ඉවත් වී හෝ ඉවත් කර දැමුණු කොට්ටාශයක්. එක්තරා මිනිසුන් කණ්ඩායමක් 1666 දී රුසියානු ඕතඩොක්ස් පල්ලියේ ධර්මය ඇදහීමෙන් ඉවත් වෙනවා. ඒ පැට්රියාඃ නිකොන් ගේ ඉගැන්වීම් වලට විරුද්ධවයි. මේ විරුද්ධතාවය හේතුවෙන් ඔවුන්ව සිරගත කිරීමට හෝ මරාදැමීමටද අණ ලැබෙනවා.
ආගමික විශ්වාස සහ මේ තර්ජන නිසා එකල පවතින සමාජයෙන් වෙන වෙසෙන්නට තීරණය කරන ඔවුන්ව සමාජය විසිනුත් කිසිදු සම්බන්ධයක් නොමැති කොටසක් ලෙසින් සලකන්නට පටන් ගන්නවා. මේ හේතුව නිසාම අවට ලෝකය අනාගතය වෙත පිය නැගුවත් මේ Old Believers කණ්ඩායම 17 වන සියවසේ ම “හිරවෙනු” ලබනවා. ඔවුන්ට අවට ලෝකයෙන් බලපෑම් එල්ල වුවොත් කරන්නේ තමන්ගේ වාසස්ථාන වෙනස් කිරීම පමණයි. එහිදී බ්රසිලයටත් චීනයටත් ඔවුන්ගේ වාසස්ථාන 17 වෙනි ශතවර්ෂයේ සිට වෙනස් කරගනු ලැබ තිබෙනවා. තවත් විටෙක ඔවුන්ට දේශගුණයෙන් පවා කරදර එල්ල වෙන්නට ගත් නිසා ඔවුන් සිය වාසස්ථාන වෙනස් කරන්නට පෙළඹී තිබෙනවා.
වර්තමානය වෙන විට එක Old Believers කණ්ඩායමක් තමන්ගේ වාසස්ථානය ලෙසින් හුදෙකලා ඇලස්කා කෙනායි අර්ධද්වීපය තෝරාගෙන එහි කල් ගෙවනවා.
2. බටාක් ගෝත්‍රය
isolated tribes in the world
Source – city-data.com
වසර 2500කට පමණ ඉහතදී ජනතාව සිය වාසස්ථාන සොයමින් එක කොනක සිට තවත් කොනකට ආසියාකරයේ ගමන් කරනවා. එහිදී ඔවුන්ට පිලිපීනය හමුවෙනවා. ඔවුන් සිය වාසස්ථාන සලසා ගන්නේ එහියි. ඔවුන් ගේ නම බටාක් ජනවාසින්. කුඩා සිරුරු සහිත අඳුරු පැහැති සමකට උරුමකම් කියන බටාක් ගෝත්‍රිකයින් බොහෝ කාලයක සිට රටේ වෙනස් වීම් වලට උපේක්ෂාවෙන් මුහුණ දෙමින් තම සිරිත් විරිත් නොවෙනස් කරමින් පවත්වා ගෙන එනවා.
නමුත් ගෝත්‍රයේ සමහර සාමාජිකයින් අවට ලෝකය සමග සම්බන්ධතා පැවැත්වුවත්, ප්‍රමාණයෙන් අඩු වුවත් නිකැළැල් බටාක් ගෝත්‍රිකයින් තවමත් වෙසෙන්නේ කිසිවෙකුත් බලපෑමක් එල්ල නොකළ හැකි හුදෙකලා “පලාවන්” දූපත තුලයි.
3. නූකැක් ගෝත්‍රය
isolated tribes in the world
Source – holychildcharity.org
කොතරම් සමාජයෙන් ඈතට වෙලා සිටින්නට සිතුවත්, නූකැක් ගෝත්‍රය වෙත ආපු සමාජය ඔවුන්ට දුන්නු එකම දායාද වුයේ ලෙඩ රෝග පමණයි.
ගස් කපන්නන් සහ කොකා වවන්නන් ඔවුන්ගේ ප්‍රදේශ ආක්‍රමණය කිරීමෙන් පසු අවට සමාජය හා සම්බන්ධ වෙන්නට උත්සහ කිරීමේදී ඔවුන්ගේ සමස්ත ජනතාවගෙන් 50% පමණ ලෙඩ රෝග වැළඳීමෙන් මිය ගියා. මේ නිසා ඔවුන්ට කල හැකි එකම දෙය වුයේ සමාජයෙන් ඉවත් වෙලා වන ගත වෙලා විසීම පමණයි.
වර්තමානය වෙනකොට කොලොම්බියානු වනාන්තර තුල සිටින කොකේන් ජාවාරම් කරුවන් නිසා නුකැක් වරුන්ට ඔවුන්ගේ නිජ භුමි වලිය ඉවත් වන්නට සිදු වෙලා. වර්තමානයේ ඔවුන්ට ජීවත් වන්නට සිදු වී ඇත්තේ සැන් හුසේ (San Josel) හියි. තමන්ගේ උරුම බිම් කරා යාමේ සිහිනයෙන් පසුවන නුකැක් ගෝත්‍රිකයන් මේ වන විට මහ පොළවෙන් මැකී යන්න ආසන්න ජන කොටසක් හැටියටයි සැලකෙන්නේ.
4. ඊතල දරන්නෝ (Arrow people)
isolated tribes in the world
Source – dailymail.co.uk
බ්‍රසීල- පෙරුවියානු මායිමේ ජීවත් වෙන මේ ඊතල දරන්නන් සිටින්නේත් වනගත වෙලා සාමාන්‍ය ජනතාවගෙන් ඉවත් වෙලා. ඔවුන් එක්තරා ආකාරයකට අද්භූත ජනතාවක් කිව්වොත් ඒත් නිවැරදියි. මෙයට හේතුව වෙන්නේ, ඔවුන්ව මෙතෙක් කල් දැක හෝ කැමරා කර ඇත්තේ මානව විද්‍යාඥයින් ගුවන් යානයකින් යත්දී පමණයි. රතුපැහැ සායම් ගතේ තවරාගෙන සිටි මේ ගෝත්‍රිකයන් ගුවන් යානය වෙතට තර්ජනාත්මක ප්‍රතිචාරයක් තමයි පලකරල තියෙන්නෙ.
5. අකුන්සු ගෝත්‍රය
isolated tribes in the world
Source – survivalinternational.org
අපි මෙතෙක් කල් කියූ ගෝත්‍ර වලට ජනතාවක් සිටියත් මේ කියන්නට යන ගෝත්‍රය සිටින්නේ ගෝත්‍රයක ජනගහනයක් නොව පවුලක ජන ගහනයකුයි. අකුන්සු ගෝත්‍රය තුල මේ වෙනකොට ජීවත් වෙන්නේ 7 දෙනෙක් පමණයි, මුළු ලෝකයේ ම. මෙසේ අඩුවන්නට හේතු වෙලා තිබෙන්නේ බ්‍රසීලියානු ගවයින් දඩයම් කරුවන් විසින් ඔවුන්ව සමුල ඝාතනය කිරීම තමයි. එයිනුත් දෙදෙනෙක් විවිධ හේතුන් මත මිය ගියා. දැන් සිටින්නේ 5 දෙනයි. සිටිනා ප්‍රමාණය අඩු වන්න වන්නට ඔවුන් පිටස්තර ලෝකය සමඟ සම්බන්ධතා තදින් ප්‍රතික්ෂේප කරනු ලබනවා. තව ටික කාලයක් යන විට අකුන්සු ගෝත්‍රය මතකයක් පමණක් වේවිද කියලා දෙවියන් තමයි දන්නේ.
6. කොරෝවැයි ගෝත්‍රය
isolated tribes in the world
Source – documentarytube.com
ඉන්දුනීසියාවේ පැපුවා හි ජීවත් වෙන කොරෝවැයි ගෝත්‍රයේ විශේෂත්වය වෙන්නේ ඔවුන් ජීවත් වෙන්නේ පොළොවෙන් අධික උසකින් යුතු ගස් වල පැලවල් තනාගෙන වීම. මානව විද්‍යාඥයින්ටවත් ඔවුන් ගැන තොරතුරු සොයා ගන්නට නොහැකි නිසා ඔවුන් ගේ ගෝත්‍රය කොතරම් වයස් ගත දැයි කිසිවෙකුත් දන්නේ නැහැ. 1970 තරම් මෑත කාලයක් වෙනකම් කිසිදු සම්බන්ධයක් නැති කොරෝවැයි ගෝත්රයගැන තොරතුරු මුලින් ම එලි දක්වන්නේ මානව විද්‍යාඥ පීටර් වෑන් අර්ස්ඩේල් විසිනුයි. කතෝලික මිෂනාරි වරුන් සහ මාධ්‍ය කණ්ඩායම් වෙතට මොවුන් ගැන වාර්තා කරන්නට ඉඩ ලැබුනේ මේ වාර්තාව පළවූ පසුවයි. ඒ වසර 2000 දී.
7. අවා-ග්වජා ජනතාව
isolated tribes in the world
Source – crystalinks.com
අවා-ග්වජා ජනතාව බ්‍රසීලයේ ඇමසෝන් වැසි වනාන්තර පාදක කරගෙනයි. අවා-ග්වජා ජනතාව ප්‍රමාණයෙන් 300ක ජනතාවක් ඉක්මවන්නේ නැහැ. එයිනුත් 100ක් පමණ පිටස්තර ලොවත් සමඟ කිසිදු සම්බන්ධයක් නැති පිරිසක්. දක්ෂ දඩයම් කරුවන් වන මේ ගෝත්‍රිකයන්ගේ ජීවිත වලටත් ගස් කපන්නන් වැනි ජාවාරම්කරුවන් නිසා අභාග්‍යසම්පන්න කාලයක් තමයි උදාව තිබෙන්නේ.
1982 දී බ්‍රසීලයේ සංවර්ධන කටයුතු වලට ලෝක බැංකුව සහ යුරෝපියානු පදනම විසින් ඩොලර් මිලියන 900 මුදලක් ලබාදෙනවා. එහිදී ඔවුන් පනවන එක රෙගුලාසියක් වන්නේ තර්ජනයට ලක්වී ඇති ගෝත්‍ර වලට නිදැල්ලේ ඔවුන්ට වෙසෙන්නට හැකි ඉඩක් ලබාදෙන ලෙසයි.
8. සුර්මා ගෝත්‍රය
isolated tribes in the world
Source – pinterest.com
මේ ගෝත්‍රය ගැන නම් ඔබ සමහර වෙලාවට අහලත් ඇති. අධික ලෙස ආභරණ සහ සිරුරු සිදුරු කිරීම් කරගන්නා ජනතාවක් වෙන මේ සුර්මා ගෝත්‍රය වඩාත්ම කැපී පෙනෙන්නේ කාන්තාවනුයි. ඔවුන්ගේ යටි තොල් සිදුරු කරමින් තැටියක් පළඳින අතර, එකිනෙකාගේ ධනය සහ අයත් වෙන ගවයින් ගණන අනුව තැටියේ ප්‍රමාණය වෙනස් වෙනවා.
ගෘහ පාලනය කාන්තාවන් විසින් කරන අතර කෘෂිකර්මයෙන් දිවි ගෙවන ගෝත්‍රයක් ලෙසට සුර්මා ගෝත්‍රය ප්රකටයි. ප්‍රකට වුවත් වර්තමානය වෙන විට ජනතාවගෙන් ඈත්වී සිටින්නේ ඔවුන්ට රිසි සේ ඔවුන්ගේ සම්ප්‍රදායන් කරන්නට ඉඩ හසර නැති බව කියමිනුයි.
9. මශෝ-පිරෝ ගෝත්‍රය
isolated tribes in the world
Source – survivalinternational.org
2015 වසරේ මැයි මාසයේදී මාධ්‍යවේදියෙකු වෙන ලියනාඩෝ පෙරේස් ගුවනෙන් ගමන් ගනිද්දී ඊතලයක් වැදීමෙන් මිය යනවා. ඒ වගේම මෙයට වසර 4කට පෙර සංචාරක මග පෙන්වන්නෙකු වන පේරු දේශයේ ශාකෝ ෆ්ලොරෙස් ට කඩු ප්‍රහාරයක් එල්ල වෙන්නේ පේරු හි වනාන්තරයකට යත්දී.
ඒ වෙන අන් කිසිවෙකුගෙන් නොව පේරු වනාන්න්තර වල සැඟවී ජීවත් වෙන මශෝ-පිරෝ සාමාජිකයෙක් විසින්. ඔවුන්ව අවට ලෝකයට දැකගන්නට ලැබෙන්නේ ඉතාම අඩුවෙන්. විටෙක වෙරළට කැස්බෑ බිත්තර සහ මත්ස්‍ය දඩයමට එන මොවුන් තමන්ගේ කාර්ය කරගත් වනම වහාම වනගත වෙනවා.
කිසිදු ආකාරයක පිටස්තර සම්බන්ධතාවක් නොපවත්වන ඔවුන්ට එරට රජය කිහිප වතාවක් ම උදව් කරන්නට උත්සහ කලත් ඒවා සාර්ථක වුනේ නැහැ. කෙසේ වෙතත් මෑතක පටන් හිටිවනම ඔවුන් පිටත ලෝකය සමග සම්බන්ධතා පැවැත්වීමට උත්සාහ දරමින් සිටින බවකුයි පැවසෙන්නේ.
10. සෙන්ටිනේලුන්
isolated tribes in the world
Source – vikasacharya.wordpress.com
ලොව සිටින හුදෙකලාම ජන කොට්ටාශය කවුරුන්දැයි ඇසුවොත් ඔබ බය නැතිව සෙන්ටිනල් දුපතේ ජීවත් වන්නන් කියලා කියන්න. ඔවුන් එතරම්ම පිටස්තර ලෝකය සමග සම්බන්ධ වන්නට බයයි. අනෙකුත් ගෝත්‍ර ජීවත් වෙන්නේ වනාන්තර බිම් වල වුවත් මොවුන් ජීවත් වෙන්නේ සෙන්ටිනෙල් දුපතෙයි. බෙන්ගාල බොක්කේ අන්දමන් දුපත් ආශ්‍රිතව පිහිටලා තිබෙන සෙන්ටිනෙල් දුපතට 2004 දී සුනාමි නිසා ආධාර රැගෙන ගිය ඉන්දියානු හෙලිකොප්ටරයත් ආපසු යවා ඇත්තේ, වෙරළට පැමිණි සෙන්ටිනෙල් වැසියෙක් විසින් අනතුරු ඇඟවූ ඊතලයක් හෙළිකොප්ටරය වෙතට එල්ල කිරීමෙන්.
ප්රමානත්වයෙන් විශාල දුපතක් වෙන සෙන්ටිනෙල් දුපත තුල පවතින දේශගුණික සහ පාරිසරික තත්ත්වය ගැන තවමත් කිසිම කෙනෙක් දැනුවත් නැහැ, මෙයට හේතුව වෙන්නේ සෙන්ටිනෙල් දුපත් වාසින් සිය දුපත වෙතට ගොඩ බසින්නට කිසිවෙකුට ඉඩ නොදීමයි. අනවසරයෙන් මේ දූපත අසල මසුන් මරන පුද්ගලයන්ව පවා මරාදමන්නට මේ ජනතාව පසුබට වන්නේ නෑ.
11. වල්පොලමුල්ල
isolated tribes in the world
silumina.lk
මේ කියන්නේ ලංකාවේ ම ගමක් ගැන. කාලෙකට කලින් මේ ගමේ මිනිසුන් ජීවත් වෙලා සිටියත් වර්තමානය වෙනකොට ජීවත් වෙන්නේ එකම එක අයෙක් විතරයි. මේ නිසා ඔවුන් වල්පොල මුල්ලට කියන්නේ කුඩාම ගම කියලායි.
මාතලේ දිස්ත්‍රික්කයේ ලග්ගල උඩසියපත්තුවේ දුෂ්කර පරිසරයක පිහිටලා තිබෙන වල්පොලමුල්ල මෙයට වසර 3-4 කලින් පවුල් 7ක් 8ක් ජීවත් වුවත් ඔවුන්ගේ දරුවන් සහ හිතවතුන් පිටගම් ගොස් ඇති නිසා ගමේ ජීවත් වූ අයද අද සිටින්නේ වල්පොලමුල්ල ගමේ එපිටයි. ගමේ තවමත් ජීවත් වෙන්නේ එකම එක පවුලකුයි ඒ වල්පොල මුල්ලේ කපිලරත්න මාමා ඇතුළු පවුලේ අය පමණයි. මාපා මුත්තා නමින් හඳුන්වන අතීත විරුවෙකුගෙන් පැවතෙන පවුල් කිහිපයක් වෙන වල්පොල මුල්ලේ ජනතාව ගෙන් අද ඉතිරි වී සිටින කපිලරත්න මාමා ඒ අතීත කතාව රසකර කියන්නට දක්ෂයෙකි.
http://www.aniwa.lk