පිදුරංගල හොයද්දි මේක සෙට් උනා

Helpone

Banned
  • Jan 6, 2017
    203
    18
    18
    පිදුරංගල හොයද්දි මේක සෙට් උනා

    උඹලත් මේ ගැන දන්නවද?
    පොඩ්ඩක් ඔළුව දාල බලපල්ල


    Code:
    http://8916898.blogspot.com/2013/03/chapter-3-of-detailed-photo-essay-on.html
     

    Helpone

    Banned
  • Jan 6, 2017
    203
    18
    18
    hin nulen spam parak danawa neda lokka

    මම මොකටද ස්පෑම් කරන්නෙ කියපන්කො :angry:
    මට කහන්නෙ නෑ බන් ඕව කර කර ඉන්න
    මම පිදුරංගල ට්‍රිපක් යන්න ගූගල් සර්ච් කරාම පොටෝ වලට ගිහාම මේක සෙට් උනේ
    ස්ටාර් ගේට් අනම් මනම් හෙන හෑල්ලක් ලියල තියෙනව
    මේකෙ ඉන්න අයටත් වැදගත් වෙයි කියල හිතල දැම්මෙ
    මේක ලියන එකා නම් යුක්රේන් ජාතිකයෙක් කියල කියන්නෙ
    එත් ෂුවර් නෑ ඉතින්​
     

    comx

    Well-known member
  • Jun 11, 2015
    2,512
    1,079
    113
    srilanka
    ITN Wanasa balanna......

    රාවණා රජුගෙ ඉතිහාසය හා විස්තර ගැන ලියවුනු වර්ගපුර්ණිකා විතරක් නෙමෙයි තියෙන්න. තව ග්‍රන්ථ 5 කට ආසන්න ගණනක් තියෙනවා

    අපේ
    ඉතිහාසය අපිම වලදාන්න හොදනැහැ ඒ ගැන හොයන්න අවශ්‍යයි
     

    Helpone

    Banned
  • Jan 6, 2017
    203
    18
    18
    සිංහල පරිවර්ථනයක් නැද්ද?

    නෑ බන් මමත් අහම්බෙන් දැක්ක එකක්

    ITN Wanasa balanna......

    රාවණා රජුගෙ ඉතිහාසය හා විස්තර ගැන ලියවුනු වර්ගපුර්ණිකා විතරක් නෙමෙයි තියෙන්න. තව ග්‍රන්ථ 5 කට ආසන්න ගණනක් තියෙනවා

    අපේ
    ඉතිහාසය අපිම වලදාන්න හොදනැහැ ඒ ගැන හොයන්න අවශ්‍යයි
    :)
    translate karala dapu 1k nedda bn?

    නෑ බන් මමත් අහම්බෙන් දැක්ක එකක්
     

    r runner

    Member
    May 12, 2015
    2,396
    781
    0
    Human memory is short, but so did the short memory of mankind. Oblivion is a most terrible curse, seal of which humanity bears on itself...

    මෙන්න මේක ඇත්ත බන් අපිට පුදුම සහගත ඉතිහාසයක් තිබිලා තියෙනවා එක්කො කවුරුහරි උවමනාවෙන් ඒව මකලදාලා තියෙනවා නැත්තන් කෙටිකාලින මතක ශක්තියේ කථාව හරි.. කොහොම හරි අපිට මහා වැළලුන අතීතයක් තියෙනවා කියන එකනම් පිළිගන්නම වෙන දෙයක්.. රාම රාවනා ගැටුමෙදි පිටසක්වළ තාක්ශණයක් භාවිතා කරපු බවට සාක්ශි එක්ක ගිය ඩිස්කවරි වැඩසටහනකුත් මන් කලින් බලලා තියෙනවා සමහර විට මේ වගේ දේවල් ඇත්ත වෙන්න තියෙන සම්භාවිතාවය ගොඩක්ම වැඩියි කියන එක තමයි මගෙත් මතය කරුමෙ කියන්නෙ ඉතිහාසය හාරඅවුස්සන්න කවුරුත් නැතිකමයි...:(
    :(
     

    channaq4

    Well-known member
  • Jun 30, 2008
    3,322
    1,053
    113
    නොදනි(Unknown)
    Human memory is short, but so did the short memory of mankind. Oblivion is a most terrible curse, seal of which humanity bears on itself...

    මෙන්න මේක ඇත්ත බන් අපිට පුදුම සහගත ඉතිහාසයක් තිබිලා තියෙනවා එක්කො කවුරුහරි උවමනාවෙන් ඒව මකලදාලා තියෙනවා නැත්තන් කෙටිකාලින මතක ශක්තියේ කථාව හරි.. කොහොම හරි අපිට මහා වැළලුන අතීතයක් තියෙනවා කියන එකනම් පිළිගන්නම වෙන දෙයක්.. රාම රාවනා ගැටුමෙදි පිටසක්වළ තාක්ශණයක් භාවිතා කරපු බවට සාක්ශි එක්ක ගිය ඩිස්කවරි වැඩසටහනකුත් මන් කලින් බලලා තියෙනවා සමහර විට මේ වගේ දේවල් ඇත්ත වෙන්න තියෙන සම්භාවිතාවය ගොඩක්ම වැඩියි කියන එක තමයි මගෙත් මතය කරුමෙ කියන්නෙ ඉතිහාසය හාරඅවුස්සන්න කවුරුත් නැතිකමයි...:(
    :(

    oita wada kochara dewal thiyanwada bn minisunta dan hara ausanna.duka thama bro
     

    vass_sam

    Active member
  • Dec 2, 2006
    592
    71
    28
    පිදුරංගල ගැන බොහොමයක් දෙනා දන්නවා වෙන්න පුළුවන්. නොදන්නවනම් පිදුරංගල කියන්නේ සීගිරියට ආසන්නයෙම මම හිතන්නෙ කිලෝමීටරයක් විතර දුරකින් තියෙන ශේෂ කන්දක්. සීගිරියට නැග්ගොත් හරි නැත්නම් ලගට ගියත් මේ තැන බොහොම ලේසියෙන් හදුනගන්න පුළුවන් මොකද සීගිරිය අයිති වෙන්න ශ්‍රී ලංකාවේ පහත රට තැනිතලාවට නිසා ඒ ආසන්නයේ තියෙන්නේ එකම කන්ද පිදුරංගල නිසා

    පිදුරංගල ඉතිහාසය අවම වශයෙන් සීගිරියේ කාශ්‍යප රජතුමා රජකම් කරපු කාලය දක්වා දිව යනවා. සීගිරිය ගොඩනැගුවේ කාශ්‍යප රජතුමා කියලා පිලිගත්තට, සීගිරිය කියන්නේ ඊට වසර දහස් ගානකට කලින් ඉදලා යක්ශ ( රාවනා පරපුරේ ) ගෝත්‍රිකයන්ගේ වාසස්ථානයක් කියලා පිලිගැනීමක් තියෙනවා. ඒකට ඇතැම් සාධක ඉතිහාසය ගැන විශ්ලේෂනාත්මකව බැලුවොත් හොයාගන්න පුළුවන්. ඒ ගැනත් කියන්නම්, නමුත් අද මාතෘකාව පිදුරංගල නිසා මම මුලින් පිදුරංගල ගැන කතා කරන්නම්.
    කලින් කිව්වා වගේ පිදුරංගල ඉතිහාසය හුගක් පැරණි වෙන්න පුළුවන් කියලා කියන්න හේතුවක් තමයි දැනටත් මතයක් තියෙනවා සීගිරි චිත්‍ර වල ඉන්නේ පිදුරංගල විහාරය වදින්න මල් අරන් යන කශ්‍යප රජතුමාගේ අන්තංපුරයේ කුමාරිකාවන් කියන එක. මම ඉතිහාසය විශයක් විදිහට හදාරන්නේ නැති නිසා හරියටම කියන්න බෑ. නමුත් සීගිරි කුරුටු ගී ගැන හෙව්වොත් සමහරවිට මේ ගැන තවත් සාක්ශි හොයාගන්න පුළුවන් වෙයි. ඊට අමතරව භික්ෂුන්ට වාසස්ථාන වුන ගල් ලෙන් රාශිය තිබීම හා ඒවායේ කොටන ලද කටාරම් වලින් ( බ්‍රාහ්මීය අක්ශර වලින් ) මේ පුදබිම ක්‍රි.පූ 3 - 1 සියවස් දක්වා පැරණි ඉතිහාසයකට උරුම කියන බවට ලිඛිත සාක්ෂි සපයනවා.
    කොහොම වුනත් ඒ අපි පිදුරංගල ගැන සාමාන්‍යයෙන් දන්න දේ. නමුත් මේ ලිපියෙන් කියන්න යන්නේ ඊට වඩා පිදුරංගල ගැන වෙනස් දෙයක්. මේවාට හුගක් සාක්ශි සපයන්න නොහැකි වුනත් මේ මතයනුත් නිකම්ම බැහැර කරන්න බෑ. ඒ ගැන තීර්ණය කරන එක කියවන ඔබ සතුයි.

    පිදුරංගල Google map එකේ බැලුවොත් මෙන්න මේ වගේ ත්‍රිකෝණාකාර විදිහකට තමයි පෙනෙන්නේ. ඊට අමතරව පිදුරංගල Google map එකෙන් බලන්න බැරි වුනත් සීගිරියෙන් පිටට ආසන්න වශයෙන් ඒකම අගයක් තියෙන කෝණයකින් ( අංශක 21 ක විතර ) ආනතියක් තියෙනවා. මේක මුළු පෘෂ්ඨය පුරාම ඒකාකාරී වෙනවා. නමුත් බෑවුමේ උඩ කොටසට වෙන්න ටොන් 5,000ක විතර අඩමානයේ, ඒ කියන්නේ අපි දන්න විදිහට සතුරු ආක්‍රමණයකදී පෙරලන්න හදපු උගුලක ආකාරයේ ගලක් ස්ථාපනය කරලා තියෙනවා. මේකේ ජ්‍යාමිතික ගණනයන් පහත් විදිහට ලබාගන්න පුළුවන්. එතකොට බලන්න ආනතිය අංශක 21 බව. ( මෙතන්දි Google Earth බොරු කියන්නෙ නෑ කියලා විශ්වාස කරන්න වෙනවා. මොකද මේ A,B,C .. ස්ථාන වල උස ගණනය කලේ ඒකෙන් )




    මේ ආනතියටම සමාන වුන නවීන දෙයක් ගැන හොයල බැලුවොත් පහතින් තියෙන ආකාරයේ අභ්‍යවකාශ වස්තු වලින් එන තරංග ග්‍රහණය කරන්න පාවිච්චි කරන රෙඩියෝ දුරදක්න ගැන සොයාගන්න ලබුනා. ( සාමාන්‍යයෙන් චන්ද්‍රිකා ඇන්ටෙනා Satalite Antena ඒ කියන්නේ ඔය Dialog TV වගේ අවස්ථාවලදි ගුවන්විදුලි මධ්‍යස්ථානයකින් / චන්ද්‍රිකාවකින් සම්ප්‍රෙශණය කරන ගුවන්විදුලි තරංග ග්‍රහණයට විවිධ ආනතීන් භාවිතා වෙනවා. නමුත් මම හරියටම දන්නෙ නෑ අභ්‍යවකාශ වස්තූන්ගෙන් එන ගුවන්විදුලි තරංග ග්‍රහණයට ඒවගේ විවිධ ආනතීන් අවශ්යයි කියලා. )

    හොදයි, දැන් මෙතන මේ ආකාරයේ තරංග ග්‍රාහකයක් / සම්ප්‍රෙශකයක් සවිකලා නම් ඒකෙන් සම්ප්‍රෙශණය / ග්‍රහණය කරන්න පුළුවන් පරාසය සොයන්න ඊට ලම්භකව අපි රේඛාවක් පෘතුවි පෘශ්ඨය දිගේ බොහෝදුරක් අදින්න පුළුවන්. මෙතනදිත් පාවිච්චි කරන්න වෙන්න Google Earth තමයි. හැබැයි සැලකිලිමත් වෙන්න ඕනේ සිදුවන කෝණයේ සුළු වෙනසකින් රේඛාවේ අනෙක් කෙළවර හුගක් ලොකු ප්‍රමාණයකින් වෙනස් වෙන්න පුළුවන්.




    දැන් මේ රේඛාව දිගේ ගියොත් බලාගන්න පුළුවන් අපිට ලෝකයේ හම්බ වෙන තැන්. මේ රෙඛාව ඊජිප්තුවේ ගීසා වල පිරමීඩ අසලිනුත් ඊට පස්සේ ක්‍රි.පූ යුගයේ ඉතා දියුණු ශිෂ්ඨාචාරයක්ව පැවතුණා වගේම ස්භාවික ව්‍යයසනයක් නිසා එක් රැයකින් මුහුදුබත් වුනා කියලා ( ග්‍රීක්යේ හෝමර් කිව්වේ ) විශ්වාස කරන "ඇට්ලාන්ටික්" නගරය තිබුණායි කියා විශවාස කරන අත්ලාන්තික් සාගරයේ මුහුදු කලාපයෙනුත් ඉන් අනතුරුව ලතින් ඇමරිකාවේ එම යුගයේම දියුණු ශිෂ්ඨාචාරයක්ව පැවතුණ මායාවරුන්ගේ ශිෂඨාචරය ගොඩනැගුණ ප්‍රදේෂයෙනුත් යනවා.
    නමුත් මේ සිදුවීමෙන් විතරක් අපිට කියන්න බෑ සමකාලීන ශිෂ්ඨාචාර වුන මේ සියල්ලම සන්නිවේදනය කරන්න මේවගේ උපක්‍රමයක් පාවිච්චි කලා කියලා. මොකද එක හරි ලෝක ගෝලයක් හරි අරන් බැලුවෙත් ඇමරිකාවත් ලංකාවත් තියෙන්නෙ හරියටම දෙපැත්තෙ කියන එක තහවුරු වෙනවා. එහෙනම් රේඩියෝ තරංගයක් ග්‍රහණය හරි සම්ප්‍රෙශණයට හරි ( මායා ශිෂ්ඨාචාරය හා ලංකාව අතර ) එක එල්ලේ කරන්න බැරි වැඩක්. එක්කෝ දැන් මේවගේ දෙයක් කරනවා වගේ මගදි තරංගය ග්‍රහණය කරලා, Amlify කරලා noises නැතිකරලා නැවත සම්ප්‍රෙශණය කරන්න ඕනේ.