පින් කිරීමෙන් නිවන් දැකිය හැකිද?

lashan M

Well-known member
  • Sep 16, 2010
    2,243
    269
    83
    Meegoda
    ගොඩාක් වටින post එකක්. මමත් මේ දවස් වල රේරුකානේ චන්දවිමල මහා නාහිමිහියන්ගෙ පොත් කියවනවා.

    තව බලන්ගොඩ ආනන්ද මෛත්‍රීය නායක හාමුදුරුවන්ගේ, නාඋයනේ ශ්‍රී අරියධම්ම හාමුදුරුවන්ගේ පොත් එහෙමත් හොඳයි කියවන්න.

    ඒව කියවල ඒ කරුණු පිලිපැද්දම අපේ ගොඩක් ප්‍රශ්න වලට විසඳුම් හොයාගත්තැකි. ඒ වගේම මනුෂ්‍ය ස්වභාවය, සිතේ ස්වභාවය, ලෝකයේ ස්වභාවය අවබෝධ කරගන්න පුලුවන් පහසුවෙන්ම. අපිට ලෝකය වෙනස්ම විදියකට දැකලා මාර්ගඵල ලබාගෙන නිවන් අවබෝධ කරගන්නත් පුලුවන්.
     
    Last edited:

    zigzag69

    Member
    Feb 14, 2018
    359
    31
    0
    උන්වහන්සේගේ පාරමිතා ප්‍රකරනය පොත කියවනව. මාර්ගපල ලැබීමට ත්‍රිහේතුක ප්‍රතිසන්ධියක් අවශ්‍යයි. කොතෙක් භාවනා කලද ත්‍රිහේතුක ප්‍රතිසන්ධියක් නැතිනම් මාර්ගපල ලැබෙන්නෙ නෑ. නමුත් භාවනාව අපතේ යන්නෑ එය ඊළඟ භවයේ ත්‍රිහේතුක ප්‍රතිසන්ධියක් ලැබීමට කුෂලයක් වෙනව
     
    • Like
    Reactions: chinmak

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    ගොඩාක් වටින post එකක්. මමත් මේ දවස් වල රේරුකානේ චන්දවිමල මහා නාහිමිහියන්ගෙ පොත් කියවනවා.

    තව බලන්ගොඩ ආනන්ද මෛත්‍රීය නායක හාමුදුරුවන්ගේ, නාඋයනේ ශ්‍රී අරියධම්ම හාමුදුරුවන්ගේ පොත් එහෙමත් හොඳයි කියවන්න.

    ඒව කියවල ඒ කරුණු පිලිපැද්දම අපේ ගොඩක් ප්‍රශ්න වලට විසඳුම් හොයාගත්තැකි. ඒ වගේම මනුෂ්‍ය ස්වභාවය, සිතේ ස්වභාවය, ලෝකයේ ස්වභාවය අවබෝධ කරගන්න පුලුවන් පහසුවෙන්ම. අපිට ලෝකය වෙනස්ම විදියකට දැකලා මාර්ගඵල ලබාගෙන නිවන් අවබෝධ කරගන්නත් පුලුවන්.

    Elakiri
     

    Chaulan

    Active member
  • Oct 28, 2013
    599
    63
    28
    Gedara
    මේ ධර්ම දානය නිසාවෙන්,
    ඔබට ආයුෂ, වර්ණ , සැප, බල, ප්‍රඥා සම්පත් ලැබී,
    මේ පිනම උතුම් වූ චතුරාර්ය සත්‍ය අවබෝධ වීමටම හේතු වේවා වාසනා වේවා
     
    • Like
    Reactions: funkyguy89

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    මේ ධර්ම දානය නිසාවෙන්,
    ඔබට ආයුෂ, වර්ණ , සැප, බල, ප්‍රඥා සම්පත් ලැබී,
    මේ පිනම උතුම් වූ චතුරාර්ය සත්‍ය අවබෝධ වීමටම හේතු වේවා වාසනා වේවා

    ඔබටත් තෙරුවන් සරණයි ..
     
    • Like
    Reactions: Chaulan

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    රාවණ බල හිමි 2020 ජනපති කව්ද?


    ඉවර වෙනකන් අහන්න..





     

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    පින් කරන්නේ අවිද්‍යාවෙන් කියලා ත්‍රිපිටකයේ සදහන් වෙනවා.... නිවන් දකින්න කුසල් වැඩිය යුතුයි.. කුසල් කියන්නේ දිව්‍ය මනුශ්‍ය බ්‍රහ්ම වැනි උප්පත්ති වලට හේතුව වෙන අවිද්‍යාව සහ තෘෂ්ණාව පැහැදිලිව දැන එයින් මිදිමට ගන්න වෑයම....

    නමුත්, සුමණාවෙනි දන් දිය යුතුමය පින් කල යුතුමය පුණ්‍ය යන නම තෙල සුඛයට නමෙකි කියා සදහන් වෙන්නේ... නිවන්ස දකින්ස තුරු සසර ගමන යන තෙක් පොකට් මනී විදියට පින් අවශ්‍ය නිසා වෙන්න ඇති.


    :yes::yes::yes::yes::yes:
     

    kasunacrox

    Active member
  • May 29, 2010
    956
    59
    28
    කෙටිම පිළිතුර වෙන්නේ "නැත" යන්නයි. දැන් කට්ටිය දුවගෙන එන්න එපා, 'නිවන් දකින්නට පින් මදි වෙන්නැති - ඒකයි තවමත් සංසාරේ' කියාගෙන.. :D


    ලංකාවේ බෞද්ධ අපි, බුදුදහම ගැන දන්නේ මොන තරම් අල්ප මාත්‍රයක් ද කියල තේරෙන්නේ ඊට අදාළ පොතපත අහම්බෙන් අපේ පෙර වාසනාවට කියවන්න ලැබුනට පස්සේ. ඇත්තටම මම උනත් මේක තමයි බුදු දහම කියන්නේ කියල හිතන් හිටියේ මේ අවුරුදු ගණනාවටම, දහම්පාසලෙන් අවුරුදු 4ක් විතර ලබපු ඉතා ස්වල්ප දහම් අධ්‍යාපනයයි, හාමුදුරු කෙනෙක් බණකට කියන ටිකයි, internet එකේ ඉදල හිටලා කියවන ලිපි දෙකතුනකුයි, පත්තරෙක් දකින article එකක අඩංගු සරල දහම් කරුණුයි විතරයි.

    නමුත් බුදුදහමේ ඇතුලාන්තය හෙවත් සම්පූර්ණ හරය ඇතුලත් වෙලා තියෙන්නේ "අභිධර්මය" කියන කොටසේ කියන එක මං පොඩි කාලේ ඉදල අහල තිබුනත්, ඒ ගැන ඉගෙනගන්න ආසාවක් වත් නොලැබෙන විදිහට වැඩ සිද්ධ උනේ අපේම ඇතැම් හාමුදුරුවරු, ගුරුවරු සහ යාළුවො, ඒ ගැන දක්වපු ආකල්පය නිසා.. මොකද "අභිධර්මය" කියල කියන්නේ ඉතා ගැබුරුයි, ඒක සාමාන්‍ය ගිහියෙක්ට අනවශ්‍යයි, තේරුම් ගන්න බෑ, ඒක හොද හාමුදුරුවන්ට වගේ අදහස් අදත් ඉතා සුලභව සමාජයේ තියෙනවා.. මේ මතය සමාජගත උනේ කාගේ උවමනාවකටද කියල කියන්න නම් මං දන්නේ නෑ.

    නමුත් පෙර වාසනාවකට මට අහම්බෙන් හම්බුනා රේරුකානේ චන්දවිමල හිමියන් අභිධර්මය ගැන ඉතා සරලව ලියපු පොතක්.. ඒ තමයි "අභිධර්මයේ මුලික කරුණු" කියන පොත. ඒ පොත කියවන යද්දී මට තේරුනා, බුදුදහම ගැන කෙස් පැලෙන තර්ක එළකිරියේ වගේම වෙනත් එදිනෙදා කතාබහේදී අපි කරන්නේ, සුත්‍ර පිටකයේ අන්තර්ගත කරුණු උඩින් පල්ලෙන් අතගාල කියවන එක මිසක් සැබෑ බුදුදහමේ අන්තර්ගතය ගැන 1% ක් වත් දැනගෙන නෙමෙයි කියන දේ.

    බුදුන්වහන්සේගේ අසූ හාරදාහක් ධර්මස්කන්ධයෙන්,

    සුත්‍රපිටකයේ ධර්මස්කන්ධ 21,000
    විනය පිටකයේ ධර්මස්කන්ධ 21,000
    අභිධර්ම පිටකයේ ධර්මස්කන්ධ 42,000

    මේ පිටක 3 න් , අභිධර්ම පිටකයේ තියෙන කරුණු වල ගැබුරු බව ඔයාලට පෙන්වන්න, චන්දවිමල හිමිගේ පොතේ සංඥාපානයෙන් ගත්තු එක පිටුවක් දාන්නම්



    10-5803befe05.jpg



    මේ පොතේ විශේෂත්වය වෙන්නේ බුදුන්වහන්සේ විසින් දේශනා කරන ලද ගැබුරු ධර්මය, ඉතාම සරලව පාලි භාෂාව නොදන්නා කෙනෙක්ට උනත් තේරුම් ගන්න පුළුවන් විදිහට ලියල තිබීම. මට නම් ඇත්තටම මේ පොතේ පලවෙනි පිටු 10 කියවගෙන යනකොට මම බුදුදහම ගැන මේ දක්වා දැනගෙන හිටියේ මොනවද කියල හිතුනා. ඒ වගේම මගේ හිතේ තිබුන යම් යම් ප්‍රශ්න වලට උත්තර සියල්ලම මේ අභිධර්ම පිටකයේ ලියලා තියෙනවා කියල මට තේරුණා.. අපි ධර්මය ගැන සැක සංකා ඇති කරගන්නේ අපේම මෝඩකමට මේ දේවල් නොකියව, නොඅසා සිටීම නිසා නේද කියල හිතුනා.ඉතින් මං ඒ අදුරු වලාකුලෙන් මිදුනා වගේම, ඇත්තටම අභිධර්මය කියන්නේ ගිහියන්ට අවශ්‍ය නොවෙන කොටසක් කියන මිත්‍යා මතයේ ඉන්න මං වගේ අයට හරි පාර කියල දෙන්න තමයි මං මේ පොස්ට් එක දාන්නේ.

    අපේ සිත, භවය, නැවත උපතක් ඇති වෙනකොට සිත සකස්වෙන ආකාරය ගැන මේ තරම් පැහැදිලිව කරුණු කාරනා කියල නැතුව ඇති වෙන කිසිම පොතක. ඒ නිසා download කරන හැමෝම, මේ පොත කියවල බලන්න කියල කාරුණිකව ඉල්ලලා සිටිනවා..

    මං මේ පොතේ පිටු කීපයක් මේකේ share කරන්නම්.


    21-e2e95d4ea9.jpg



    සමහරවිට මේ කියල තියෙන කරුණු එක පාරටම නිරවුල් ව අපේ ඔලුවට යන එකක් නෑ. ඒ වෙලාවට ඒ කොටස නැවත කියවල බැලුවොත් ඒ කරුණ තේරුම් ගන්න පුළුවන් වෙයි.


    39-2b678c4e75.jpg





    පහතින් දාන්නේ සත්වයාගේ භවය ඇති වීමට අදාළ කරුණු..


    49-b3ed0f1691.jpg



    50-50e83ac8c6.jpg



    51-653d1347c9.jpg





    මේ ටික කියවද්දී මාර හැගීමක් එනවා මචන්, අපේ මනස ගැන යතාර්ථය වෙන කිසිම කෙනෙක්, කිසිම විදිහකට කියල නැති නිසා.. මේ දේවල් ගැන තමයි බුදුදහම පිළිගන්න සුද්දෝ ඇවිත් ඒ රටවල් වල ඉන්න හාමුදුරුවන්ගෙන් අහන්නේ. ඒකට අපේ රටේ ඉන්න බෞද්ධයෝ කරන්නේ අසවල් හාමුදුරුවන්ගේ කාර් එකේ වර්ගය වගේ දේවල් හොයා හොයා එක එකා වාද කර කර ඉන්න එක.


    මං දැක්ක කිරිබත්ගොඩ ඥානානන්ද හාමුදුරුවෝ ඉතා තරයේ කියල තියෙනවා, මේ යුගයේ රහතන් වහන්සේලා මේ ලෝකේ ඉන්න කිසිම ඉඩක් නෑ කියල. ඉතින් මේ වගේ ප්‍රසිද්ධ හිමි නමක් ඔහොම දෙයක් කිව්වම, අර සුත්‍ර පිටකය ගැන විතරක් දන්න 99% ක් බෞද්ධයෝ ඒ කීම විශ්වාස කරනවා. නමුත් නිකමට වත් නුවනින් විමසලා බලන්නේ නෑ, බුදුන් වහන්සේගේ ධර්මය අකාලික නම්, උන් වහන්සේගේ නිවන් මාර්ගය අකාලික නම්, උන්වහන්සේ පිරිනිවන්පාල අවුරුදු 500 ක් ගියාට පස්සේ රහතන් වහන්සේලා පහළවෙන එක නැවතෙන්නේ කොහොමද කියල..


    මේ ගැන හොදට විස්තර කරලා තියෙනවා රේරුකානේ චන්දවිමල හාමුදුරුවන්ගේ "විදර්ශනා භාවනා ක්‍රමය" කියන පොතේ..


    19-9107701d3f.jpg



    කැමති අයට මේ පොත download කරගන්න පුළුවන් පහලින්..


    විදර්ශනා භාවනා ක්‍රමය



    සෑහෙන වෙලාවක් අරන් ලියපු මේ post එක, නිවන් මාර්ගය අනුගමනය කරන්නට වෙර දරන සියලුම පුද්ගලයන්ට ප්‍රයෝජනවත් වේවා, කියල අන්තිමට මේක ඉවර කරන්නම්..

    pin karala hariyanne na.. kusal wadanna ona.. kusal saha pin athara loku wenasak thiyanwa..