පින දුගතියට

shammaxxy

Well-known member
  • May 21, 2011
    1,331
    347
    83
    අද මට අති පූජ්‍ය අරියඤාණ ස්වාමින් වහන්සේගේ ධර්ම දේශනයකට සවන් දෙන්න අවස්ථාවක් උදා වුණා. ඒ ස්වාමින්වහන්සේ ගැන මම කලින් අහල තිබ්බේ නැහැ... හුඟක් දෙනා කියනව උන්වහන්සේ මාර්ග පල අවබෝධ කරගත් ස්වාමින්වහන්සේ නමක් කියල... උන්වහන්සේ එක දිගට පැය 3කට වැඩිය ධර්මය දේශනා කලා, ඒ අතරතුර පැන් පානය කිරීමටවත්, වෙනත් කිසියම් දෙයකටවත් තත්පරයක නැවතීමක් උන්වහන්සේ කලේ නැහැ... එහෙම ධර්ම දේශනයකට මම සවන් දුන්නමයි... ඉතින් මේ thread එක ලියන්න ප්‍රධාන හේතුව වුනේ, මම ඒ සවන් දුන්න ධර්මයෙන් බිඳක්, එම ධර්ම දේශනාවේ හරය මට පුළුවන් උපරිමයෙන් මතක විදිහට ඔබත් එක්ක බෙදාගන්න... මම හැබැයි ලස්සනට ලියන්න දන්න රචකයෙක් නෙමෙයි... ඒ ගැන සමාවෙන්න...

    ඇත්තටම බණ අපි හැමෝම දන්නවා, අපි අහල තියෙනව හුඟක් ධර්ම කරුණු. එත් කිසිදා ධර්ම කරුණක් නැවත නැවත ශ්‍රවනය කලා කියල, එය කිසිවිටකත් අපතේ යන්නේ නැහැ... මම මෙය කිව්වේ මම මේ ඔබත් එක්ක බෙදා ගන්න යන දේවල්, ඔබ අනන්තවත් අසා ඇති... කාටහරි මෙයින් ධෂමෙක දෙයක් ජීවිතයට ගන්න පුලුවන්නම් ඒක ලොකු දෙයක්...
    උන්වහන්සේ දේශනා කරපු ප්‍රධාන දෙයක් තමයි, ඔබ කුසලයෙහි දක්ෂයෙකු වන්න... ඔබ දන්නවා ඇති, පින සහ කුසලය යනු 2ක් බව? අපි මිනිසුන් වශයෙන් අපගේ ප්‍රධාන අරමුණ විය යුත්තේ කුසල් රැස් කිරීම... අපි යම් පුණ්‍යක් ක්‍රියාවක් අනිත්‍ය මෙනෙහි කරගනිමින් සිදුකරනවනම් එය කුසයක් වෙනව... බුදුදහමේ ප්‍රධාන ඉගැන්වීමක් තමා අනිත්‍ය... ඒක කවුරුත් දන්න දෙයක්නේ... අපි පුණ්‍යක් ක්‍රියා සිදුකල පමණින් අප සුගතිගාමී වෙන්නේ නැහැ... ලබන ආත්මය දිව්‍ය ලෝකයේ හෝ මනුස්ස ලෝකයේ උපත ලබන්නේ නැහැ... ඒ සඳහා බලපාන ප්‍රධාන දෙය තමයි අපගේ මරණ මංචකයේදී අපට ඇතිවෙන චුති සිතිවිලි... එයත් ඔබ අස ඇති... උන්වහන්සේ යම් කතාවක් කිව්ව... "අපගේ කාලෙයේ හිටිය කෝටිපතියෙක්, එතුමා සුදුවතින් නිතර සැරසෙන, පින් දහම්, දාන මාන සිදුකරමින් සිටි අයෙක්... හදිස්සියේම එතුමා මියැදුනා... ගමේ ලොකු හාමුදුරුවෝ දේශණා කලාලු, මෙතුමාට පින් ලබාදීමක් සිදුකිරීමට අවශ්‍ය නැහැ... එතරම් පුණ්‍ය ක්‍රියා සිදු කල අයෙක්..., මරණ දේශනයේදී සහභාගී වූ ගමේ පුද්ගලෙකුත් කිව්ව, මෙතුමාගේ ගෙදර හිටිය කුහුබියෙක්ගෙන් ඇසුවත් කියයි, මෙතුමා කුහුබුවකුටවත් කරදරයක් කරපු කෙනෙක් නෙමෙයි කියල..." පස්සේ අපේ හාමුදුරුවෝ කිව්ව හිතවත් හිමිනමක් සමාධියට පත්වී තම ඤාණයෙන්, මියදුන පුද්ගලයා නැවත භවය ලබා ඇත්තේ කුමන ලෝකයකද කියල බැලුවලු.. එහෙත් එම පුද්ගලයා නැවත උප්පතියක් ලබා ඇත්තේ දිව්‍ය ලෝකයකවත්, මනුෂ්‍ය ලෝකයකවත් නොවේ... එතුමාගේම සන්තකයේ තිබුණු ලොකූ හිස් ඉඩමක ප්‍රේත ආත්මයක් වෙලා ඉපදිලා... (එම ආත්මයට නමක් කිව්ව, එකේ ඒකෙ නම මතක නෑ) එහෙත් ප්‍රේත අතමයකත් ලබන්න පුළුවන් හොඳ තත්වයක ඉපදී තිබෙනවා ඔහු පෙර කල පුණ්‍ය ක්‍රියා හේතුවෙන්... මෙයින් පැහැදිලි වන්නේ, අපගේ මරණාසන්න සිතුවිලි කොච්චර වැදගත්ද කියල... ඉතින් මේ මරණාසන්න සිතුවිලි හොඳ කරගන්නනම් අපි කුසලයෙහි දක්ෂයෙක් වන්න ඕනි... කුසලය හොඳට පුරුදු කරලා තියෙන්න ඕනි... මරණාසන්න මොහොතේදී අපි කරපු කුසල් නිසා අපට දිව්‍ය ලෝකයක් සිහියට එයි... එහෙත් දක්ෂයා එම දිව්‍ය සම්පත්ති වලත් තිබෙන අනිත්‍ය සිහිකරලා මාර්ග පල ලබාගනී...

    අපට මේ ලැබිල තියෙන මනුස්ස ආත්මය හුඟක් දුර්ලභ එකක්, ඒක බෞද්ධයෝ වන අප කවුරුත් දන්නා දෙයක්... තවත් දුර්ලභ වන්නෙ අපි මිත්‍යා දෘෂ්ටික නොවන බුදු දහම සජීවීව පැවතෙන කාලයක මනුස්සයකු වශයෙන් උපත ලබා සිටීමයි... තවත් බුද්ධ සසනයක් ඇතිවෙන්න තව අවම වශයෙන් අවුරුදු ලක්ෂ 25ක් වත් ගතවෙනවා... එම නිසා මෙම ආත්ම භාවයෙන්ම අපිට සෝවාන්, අනාගාමී යන මාර්ගපලයන්ට පත්වෙන්න පුලුවන්නම් එය මහත් භාග්‍යක්...

    අප දිව්‍ය ආත්මයක් බලාපොරොත්තුවෙන් මෙම ආත්මයේ පුණ්‍යක්‍රියා සිදුකර, මරණ මංචකයේදී දිව්‍ය ආත්මයක් ප්‍රර්ථනා කලොත් දිව්‍ය ආත්මයක් උපාදානය වී අපට දෙව් ලොව උපත ලබන්න පුළුවන්... එහෙත් අප සිදුකල පිං ගෙවියනවා... අපට හැමදාම දෙව් ලොව ඉන්න බැහැ... පින් ගෙවුණු පසු අප මනුස්ස ආත්මයක් ලබාවී පසුව, එහෙත් එහි තිබෙන භයානකකම නම්, දිව්‍ය ආත්මයෙන් පසුව අප මිත්‍යා දෘෂ්ටික පවුලක ඉපදුනහොත්, අපට දැනගන්න ලැබෙන්නේ නෑ බුදු දහමේ ඉගැන්වීම්, එම කාලය වනවිට බුද්ධ සාසනයක් නොතිබෙන්න පුළුවන්... එහෙයින් සැමවිටම පුණ්‍යක්‍රිය සිදුකරමින් කුසල් සිත් වඩා... එම සිදුකරගත් පුණ්‍යක්‍රියා වලින් ලැබෙන ආනිසංස වල අනිත්‍ය බව සිහිකරන්න වගබලාගන්න...

    පින දුගතියට...

    පෙර කරපු පුණ්‍යක්‍රියා හේතුවෙන් අපට මෙම ආත්මයේදී හොඳ ලස්සන රූ සපුවක් ලැබෙන්න පුළුවන්... විශයෙන්ම මෙය අදලවන්නේ නළු නිළියන්ට.. එයිනුත් කාන්තාවන්ට... තමන්ගේ රූපය නිසාවෙන් කොටි සංඛ්‍යාවකගේ කමය අවුස්සනවා කියන්නේ ලොකු පාපයක්... එම පුද්ගලයට පෙර පිනෙන් ආකර්ෂණිය පෙනුමක් ලැබුනත්, එයින් ඔහු හෝ ඇය අන් අයගේ කාමච්චන්දය අවුස්සනවානම් එය ලොකූ පාපකර්මයක්... එම නිසා ඔබ මෙම ආත්මයේදී සල්ලි කාර, මිත්‍යා දෘෂ්ටික නොවන පවුලක ඉපදිලානම් එම සැප සම්පත් ගැන තෘෂ්ණාවෙන් කටයුතු කර තමන්ගේ දුර්ලභ මනුස්ස ආත්මය නාස්ති නොකරගන්න...

    අද සමාජයේ සමහරක් දරන මතයක්නම්, අපිනම් පව් සිදුකරන්නේ නැහැ... ඒ නිසා වැඩිය පුණ්‍යක්‍රියා කිරීම අවශ්‍ය නෑ... ඒත් එහි කිසිදු සත්‍යතාවයක් නැත... අප සිදුකරගත් පුණ්‍යක්‍රියා මෙම භාවයේදී අහවර වෙමින් යනව... එම හේතුවෙන් ලබන ආත්මය මිනිස් ආත්මයක් හෝ දේව අතමයක් ලබාගැනීමට අපි අත්‍යාවශයෙන් පුණ්‍යක්‍රියා සිදුකරගත යුතුයි... එයින් අපගේ කුසල් සිත් වැඩෙනවා...

    සෝවාන් වීමට...

    1. කල්‍යාණ මිත්‍රයන් ඇසුරු කිරීම
    2. ධර්මය ශ්‍රවණය කිරීම
    3. ශ්‍රවණය කල ධර්මය මනසින් අවබෝධ කරගැනීම

    ඇත්තටම ඔබටයම් දෙයක් හෝ ලැබෙන්න ඇති මේකෙන්... මෙම කරුණම වෙන කවුරුහරි elakiri එකේ කලින් දාල තිබිල ඇති... ඔබ බෞද්ධ දර්ශනයට නැඹුරු කෙනෙකු නම් අති පූජ්‍ය අරියඤාණ ස්වාමින් වහන්සේගේ ධර්ම දේශනයකට පෙර සවන් දී නැත්තන්, මම දැක්ක youtube එකෙත් තියෙනවා උන්වහන්සේගේ ධර්ම සාකච්ඡ, ඒවා ශ්‍රවණය කරන්න...

    මගේ ප්‍රාර්ථනයනම්, ඔබල සැවොම, අනිත්‍ය මෙනෙහි කරමින් පුණ්‍යක්‍රියා වල යෙදී... කුසල් සිත් වඩා... මරණාසන්න මොහොතේදීත් අනිත්ත්‍යම මෙනෙහි කොට සංසාර ගමන අහවර කරගැනීමට හැකිවේවා යන්නයි...

    ඔබ සැමට තෙරුවන් සරණයි!
     
    Last edited:

    GT9

    Well-known member
  • Jun 22, 2013
    1,564
    167
    63
    [email protected]
    අපේ බය මාර්කට් කරන දේවල් 2ක් තමයි.

    1. ආගම්.
    2. රක්ෂණ සමාගම්.

    මමත් බෞද්ධයෙක්. ඒත් මේ ස්වාමීන් වහන්සේගේ සමහර දේවල්වලට මම පෞද්ගලිකව එකඟනෑ. ඒක මගේ පෞද්ගලික මතය. බවගාමී ජීවිතය, මෙලොව ජීවිතය සැපවත් කරන්න කියල පින් එකතු කරන එකට නම් මගේ තියෙන්නේ ටිකක් බාල හැඟීමක්. ඒකත් අන්තිමේදී බැලුවම. මොනව හරි බලාපොරොත්තුවෙන් කරපු දෙයක් වගේ :baffled:

    හිතන්න අසරණ කෙනෙක්ට උදව්වක් කරා කියල. ඒක අපි කරේ පින් බලාපොරොත්තුවෙන්නම්. මට නම් ඒක එච්චර සෙට් වෙන්නෑ :no: තමන්ගේ හිතෙන්ම මනුස්සයෙක් විදියට කිසිම ලාබ අපේක්ෂාවක් නොමැතිව උදව්වක් කරොත්නම් අන්න ඒක මතක් උන වෙලාවට වත් අමුතු සතුටක් දැනෙනව. පිනක් ලැබුනත් එකයි නැතත් එකයි.

    මගේ මතය අනුව නම්. මිනිස්සුන්ට පින් ගැන කියල ඒ මිනිස්සුන්ගේ පින් තන්හාව වැඩි කරන එක එතරම් හොඳ දෙයක් නෙමේ. හැම ස්වාමීන්වහන්සේ නමක්ම බණ කියන්න ඕන. හැම දේම අත්හරිණ්න පුලුවන් විදියට. :P

    ඔය ලස්සන, කැත කියන දේ අාගමට ගාවගන්නේ නෑ මම නම්. ඒක එක එක්කෙනාගේ විවිදත්වය. අපි ඒකට එක එක අර්තකථන දීගෙන මේක ලස්සනයි , අරක කැතයි කියල කියන නිසා තමයි මේ ප්‍රශ්න. මේක තනිකරම ස්වභාධර්මය.

    P.S : මේ රිප්ලයි එක මේ ත්‍රෙඩ් එකේ සඳහන් වීඩියෝ එක සම්බන්දව දාපු එකක් නෙමේ. මම යූටියුබ් එකේ අහපු ගොඩක් ධර්මදේෂණා වලදි මට හිතුන දෙයක්. :)
     
    Last edited:

    Lahiru75

    Member
    Oct 5, 2008
    575
    34
    0
    Mother Lanka....
    http://maharahathunwadimagaosse.org/

    mp3 වලට හරවන ලද ධර්ම දේශනාවන්/ධර්ම සාකච්ඡා
    http://waytonivana.blogspot.com/2014/01/mp3.html

    methana thiyena dharma sakaccha tika ahanna aniwarayen jiwithe heraum lakshayak wei..

    සියලු සංස්කාරයන්ගේ තිබෙන්නා වූ අනිත‍්‍යතාවය පසක් කරමින් දැන් නිර්මල බුද්ධ ශාසනයද කෙමෙන් කෙමෙන් අවරට යමින් පවතියි.ධර්මයේ අර්ථයන් ‍දිනෙන් දින ගිලිහී යයි. අබුද්ධෝත්පද්දිත කාලයක් උදාවෙමින් පවතින බවට ඉඟි පලවෙයි. සම්‍යක් දෘෂ්ඨික ‍බෞද්ධයන් ගණන දිනෙන් දින අඩු වෙයි. මිත්‍යක්දෘෂ්ඨිකයන් ගණන දිනෙන් දින වැඩි වෙයි. මිනිසුන් මෙන්ම දෙවියන්ද දිනෙන් දින ශීලයෙන් පිරිහීම නිසා වැඩි වැඩියෙන් අකුසල් රැස් කර ගනිති.
    එදුසිල්වත් බව නිසා ඔවුන‍ගේ අකුසල් විපාක දිම‍ට සුදුසුවන පරිදි ලෝකය සකස් වෙමින් පවතියි. ස්වභාවික විපත්,යුද්ධ ලෙඩ රෝග ආදිය දිනෙන් දින වැඩි වෙයි. මනුෂ්‍යයාගේ පරමායුෂ දිනෙන් දින අඩුවෙයි. කොසොල් රජු දු‍‍ටු සිහින දහසය දිනෙන් දින සැබෑ වෙන බව දැනෙයි. කිසි කලෙකත් අද‍ට වඩා හෙට හොඳ නොවෙයි. තෘෂ්ණාවේ අධිකභාවය නිසා තරඟකාරීත්වය නමැති මාර දැල‍ට හසුව කාර්ය බහුල ලෝකයක් බිහිවී මිනිසුන් දුකෙන් දුක‍ටම යන්න‍ට පාර කපා ගනිති.මාරයා, නිරයන්, දිව්‍ය ලෝක, ප්‍රේත ලෝක, අසුර ලෝක හුදෙක් සංකල්ප බව සිතති. හැකිතාක් සරලව පැහැදිලිව මුනිඳු දෙසූ ධර්මය, ඔවුන් තමන්‍ට අවැසි පරිදි විග්‍රහ කර ගනිති. මිත‍්‍යක් දෘෂ්ඨිකත්ව‍ය‍ට පත්වෙති. මිනිසෙකුගේ ජීවිතය සාර්ථක වූවා යනු පාසල්, විශ්ව විද්‍යා‍ල ගොස් විභාග ඉහලින් සමත් වී ඉහල වැ‍ටුප් සහිත රැකි රක්ෂා ලබා ත‍ට්‍ටු ගණන් නිවාස සදා විවාහ වී දරුවන් ලබා ‍ඔවුන් උස් මහත් කර නොදැනීම වයස‍ට ‍යෑම බව සිතති. පෙර ආත්මයන්හි ධර්ම දානයන්ගේ හීනබාවයන් නිසාදෝ දහම ඔවුන් අසල වුවත් දහම නොදකිති. ඉතා කලාතුරකින් උදා වන බුද්‍‍ධෝත්පද්දිත කාලයක තමා ලබා ඇති බෞද්ධ මිනිසත් බව කණ කැස්බෑවෙක් විය සිදුරෙන් අහස බැලුවාක් වන් දුෂ්කර දෙයක් බව නොවටහා ගනිති.
    කෙසේ ‍හෝ තවමත් බුද්ධ ශාසනය පරිහානිය‍ට පත්ව නැත. තවමත් ධර්මය සන්දිට්ඨිකය. තවමත් මෙලොව තුල රහතුන් බිහිවිය හැක. තවමත් ධර්ම මාර්ගය විවෘතය. නමුදු දැන් ගෙවී යමින් පවතින්නේ ‍ගෞතම බුදු සසුනේ අවසන් හෝරා කිහිපයයි. එබැවින් අප අප්‍රමාදි විය යුතුය. හිස ගිනි ගත්තෙක් ගින්න නිවාගන්න‍ට වෙර දරන්නා‍ සේ මෙ ‍‍‍ඝෝර ක‍‍ටුක භව ගින්නන් මිදීම‍ට අප අප්‍රමාදි විය යුතුය.
    අප පුණ්‍යවන්තය. දැන් සිරිලක තුල අසිරිමත් සඟ මැණිකක් වැඩ සි‍ටිති. ආරණ්‍යවාසී ස්වාමීන් වහන්සේ හුදෙකලාව, නිදහස ප්‍රිය කරන බැවින් ඒ උතුම් සමාධියට, විවේකයට බාධා නොවනු පිණිස වග බලා ගැනීමද ශ්‍රද්ධාවන්ත අපගේ යුතුකමකි. බොහෝ දෙනාට හිත සුව පිණිස වන්නා වූ මේ උතුම් සද්ධර්මයට හිත යොමු කර සතර අපායෙන් මේ ජීවිතයේදීම එතෙර වීමට සියල්ලෝ වීර්යය ගනිත්වා…! ‍සියලු සත්වයෝ මෙම ඝෝර කටුක බියජනක සංසාරයෙන් අත්මිදෙත්වා! තෙරුවන් සරණයි!
    ‘අනමතග්ගෝ භික්ඛවේ සංසාරෝ පුබ්බකොට න පඤ්ඤෝයති අවිජ්ජා නනීවරනානං තන්හා සංයෝජනං සන්දාවතං සංසරතං මමඤ්චෙව තුම්හාකඤ්ච
    අවිද්‍යා නීවරණයෙන් වැහිලා තණ්හා සංයෝජනයෙන් බැඳිලා පින්වත් මහණෙනි නුඹලාත් මමත් බොහෝ කාලයක් මේ අති දීර්ඝ සංසාරයේ සැරිසැරුවා. මේ සංසාරය අති දීර්ඝයි. මෙහි ඉමක් කොනක් පණවන්න බැහැ’
    සියල්ලෝ සංසාර බිය දකිත්වා! අප්‍රමාදී වෙත්වා!

    මේ හමුදුරුවොනම් දේශනා කලේ, පින් වල යෙදෙන්න.. එහෙත් පින් වලින් ලැබෙන ආනිශංශ අනිත්‍යයි කියල සිහිකරගෙන... මම thread එකේ මුල කියල ඇති... අපි යමක් බලාපොරොත්තුවෙන් පිං කරනවානම් එය කුසලයක් වෙන්නේ නෑ...
     
    බොහොම පින්!