පියුමි බොතේජු ඒ කාලේ......

Pink panther

Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    පියුමි බොතේජු ඒ කාලේ......

    PUNCHI-DAWASWALA-12.jpg


    ගමේ අය නම් එයාට පුංචි කාලේදී කතා කළේ ‘මල්ලි’ කියලා. අයියලාත් එක්ක දඟ වැඩ කරන්නේ හරි හරියට. තුන්දෙනා සෙල්ලම් කරන්න එකතු වුණාම ගොඩාක් වෙලාවට කරන්නෙම පාරේ යන මිනිස්සුන්ව බය කරන වැඩක්මයි.එක දවසක් රබර් කෑල්ලක නූලක් ගැට ගහලා රබර් කෑල්ල පාරේ තියලා.


    පාරේ යන කෙනෙක්ට රබර් කෑල්ල පේන්නේ හරියට සර්පයෙක් වගේ. අයියලා දෙන්නගෙන් කෙනෙක් කවුරු හරි පාරේ එනවා නම් සංඥාවක් දෙනවා.

    නංගි තාප්පෙ අස්සෙ හැංගිලා නූලෙන් රබර් කෑල්ල අදිනවා. මට අද වගේ මතකයි එක දවසක් රබර් නයාට බය වෙච්ච එක් කෙනෙක් ගෙදරටම ඇවිත් හොඳටම කෑ ගැහුවා.කළ දඟකම් නිසා ගමේ අය ‘මල්ලි’ කිව්වාට ඇය පද්මිණී බොතේජු මහත්මියගේ ආදරණීය බාල දියණියයි. ගමේ අය ‘මල්ලි’ කියූ යොවුන් රංගන ශිල්පිනී පියුමි බොතේජුගේ පුංචි දවස්වල ගැන ඔබට කියන්නේ පියුමිගේ සෙනෙහෙබර මෑණියන්.

    දුව පුංචි කාලේ හරියට කොල්ලෙක් වගේ. පුංචි කාලේ අඳින්නෙම කලිසම්, ටී ෂර්ට්, ෂර්ට් විතරමයි. ගවුමකට කියලා ඇන්දෙ ඉස්කෝලේ යුනිෆෝම් එක විතරමයි. දවසක් දුවව මම ඉස්කෝලේ ඇරිලා එක්කගෙන එන්න ගියා.

    එක පාරටම දරුවන්ගේ අම්මලා දෙතුන් දෙනෙක් මං ළඟට ඇවිත් ඇහුවා ‘ආ . . . ඔයාද මෙයාගේ අම්ම. මේ ළමයා අපේ ළමයින්ගේ බෑග් හැමදාම අරලිය ගස්වල එල්ලනවා’ කියලා චෝදනා කළා. කෙල්ලගේ හැටි මම දන්න නිසා හිනා වෙලා කතා කළා.ඒ නිසා වැඩිදුර ප්‍රශ්නය ඇදුණේ නෑ. වැඩේ කියන්නේ, දුව අරලිය ගස්වල බෑග් එල්ලන්නෙම පිරිමි ළමයින්ගේ.

    මෙයා ගහට නැගලා තියෙන උසම අත්තෙ තමයි බෑග් එල්ලන්නේ. අනේ ඉතින් අර ළමයි හැමදාම දෙමව්පියෝ එනකන් බෑග් ගන්න බැරුව අඬ අඬ ඉන්නවා. ඉස්කෝලේ දෙක වසරෙදි දුව පිරිමි ළමයෙකුට බිම දාගෙන ගැහුවා.

    පියුමිගේ පුංචි කාලේ ගැන කතා කරන කොට කරපු දඟ වැඩ රෑ එළි වෙනකන් වුණත් කියන්න පුළුවන්. ඉස්සර අයියලා නංගිලා හවසට කැරම් ගහනවා. කොහොම හරි මමයි මහත්තයායි ගෙදර නැති වෙලාවක තුන්දෙනා කැරම් ගහලා. දෙවෙනි පුතා පරාද වෙලා රණ්ඩු වෙලා. අපි ගෙදර එනකොට අයියයි නංගියි දෙවෙනි පුතාව ගස් බැඳලා.

    පියුමි පුංචි කාලෙ බල්ලෙක් කෑවලු නේද?
    අපොයි ඔව්. නිකන් බලලෙක් නෙවෙයි, ඌ පිස්සු බල්ලෙක්. ඒ සිද්ධිය වෙන කොට දුවට අවුරුදු 6 ක් විතර ඇති. දූ පුංචි කාලේදී විතරක් නෙවෙයි, අදටත් සත්තුන්ට හරිම ආදරෙයි. පාර අයිනේ හරිම හුරු බුහුටි පුංචි බලු පැටියෙක් හිටියා. මෙයා ඉතින් දඟ මල්ලනේ. ඌත් එක්ක සෙල්ලම් කරන්න පටන් ගත්තා. ටික වෙලාවකින් බලු පැටියා දුවව හැපුවා. අපි ඒ වෙලාවේම ඩොක්ටර් කෙනෙක් ගාවට එක්ක ගෙන ගියා. දුවව හපලා තියෙන්නේ පිස්සු බල්ලෙක් බව දැනගත්තාම නම් හොඳටම බය වුණා.

    එදත් අපි බය වුණාට එයා නම් බය වුණේ නෑ. කාටවත් බය නැති මගෙ චණ්ඩි පැටියා දවසක් ඉංග්‍රීසි වචන දෙක තුනකට හොඳටම බය වුණ. එතකොට දුවට අවුරුදු හතයි. එයාගේ පුංචි හිටියේ ඩුබායිවල. දූ පුංචි එනකන් මඟ බලාගෙන හිටියේ.

    පුංචි ගෙදරට එනකෙට දූ හිටියේ අල්ලපු ගෙදර. පුංචි ගෙදරට ආව බව දැනගෙන දෝණි දුවගෙන ආවේ විදුලි වේගෙන්. පුංචි ‘හෙලෝ බේබි හව් ආර් යූ?’ කියලා කතා කළා විතරයි කෙල්ල ආවට වඩා වේගෙන් ආපහු හැරිලා හිටපු ගෙදරට දිව්වේ අඬාගෙන. පියුමිට පුංචි දවස්වල ඉංග්‍රීසි පෙන්නන්න බෑ. දැන්නම් එහෙම නෑ. ඒ කාලෙ කොල්ලෙක් වගේ හිටපු මගේ දෝණි දැන් නම් සුන්දර ලලනාවක්.

    PUNCHI-DAWASWALA-01.jpg


    PUNCHI-DAWASWALA-04.jpg


    PUNCHI-DAWASWALA-10.jpg


    PUNCHI-DAWASWALA-09.jpg


    PUNCHI-DAWASWALA-02.jpg


    PUNCHI-DAWASWALA-03.jpg


    PUNCHI-DAWASWALA-05.jpg


    PUNCHI-DAWASWALA-06.jpg


    PUNCHI-DAWASWALA-11.jpg


     
    • Like
    Reactions: jeffli

    geforcelk

    Member
    Dec 18, 2011
    408
    55
    0
    උඩින් ඔපේ. යටින් හපේ
    මුනේ අතුල්ලන් ඉන්න පාප්ප තට්ටු වලට රැවටෙන්න එපා:no: