පිය සෙනෙහස

chinsara

Member
Mar 3, 2012
562
137
0
තම වැඩිමල් සොහොයුරාද කරකාර බැඳ තම මහළු පියා හා තමා තනිකර දමා ගොස් සතියකි. පුරුදු පරිදි ගොවිතැන් සඳහා පිටත් වීමට සූදානම් වූ ඔහු හා තම පියාද ඒමට සූදානම් වූයේ ඔහු නොසිතූ ලෙසය. තමාට තනිව නිවසට වී සිටීමට නොහැකි යැයි පවසමින් ඔහු හා නිවසින් පිටවූ පියා තමා පුරුදු පරිදි කුඹුරේ වැඩ කරමින් සිටියදී අසන්නා වූ දහසකුත් ප්‍රශ්න ඔහුට ගෙන ආවේ කෝපයකි. කිහිප වරක්ම බැන වැදුනද පියා අසන්නා වූ ප්‍රශ්න වල අවසානයක් නම් නොවීය.

වැඩ නිමකර නිවසට පැමිණි මොහු සිතන්නට වූයේ තම මහලු පියාගෙන් කෙසේ හෝ ඉවත් වී තනිව ජීවත් වන ක්‍රමයකි. ඊට කදිම උපායක් සිතූ ඔහු පසු දින පියා හා කැලයට ගොස් පියා වනයේ අතරමං කර ඒමට සිතා ඉක්මනින් නින්ඳට යන ලදී.

පසු දිනට එළිවිය. එදින තමා හා කැලයට යෑමට එන්න යැයි පියා හට කතා කල සැනින් පියා ද ඉතා උනන්දුවෙන් සූදානම් වී නිවසෙන් එළියට පැමිණ නැවතත් නිවස තුළට ගොස් පිහියක් අතින් ගෙන පුතු හා එක්ව කැලය තුළට ගමන් කරන්නට විය. මෙසේ යන අතර තුරදී මුණ ගැසෙන කුඩා උණ පඳුරු වලට පිහියෙන් පහරක් ගසමින් ගමන් කරන තම පියාගේ මේ ක්‍රියාව පුතු හට ප්‍රශ්නයක්ම විය.

"මොකද තාත්තේ වෙලා තියෙන්නේ, පිස්සු හැදිලද මේ ගස් කප කප එන්නේ?"

"නෑ පුතේ, උඹ ආයෙත් ගෙදර යනකොට අතරමං වුනොත් මේ කපල දාලා තියෙන පඳුරු වල පිහිටෙන් උඹට ගෙදර සොයා ගෙන යන්න පුළුවන් වේවි. ඒකයි මම මෙහෙම කරන්නේ..."

තමා කරන්නට ගිය පව්කාර ක්‍රියාව ගැන එවිට තරුණ පුතා හට වැටහිණි.
"මට සමාවෙන්න තාත්තේ" යැයි තම පියා වැලඳ ගත් ඔහු නැවතත් පියා කැටුව නිවස වෙත ගොස් ඉන්පසු තම පියා මිය යන තෙක්ම ආදරයෙන් රැක බලා ගන්නා ලදී.

තාත්තලගේ ආදරෙත් අම්මලගේ ආදරේට දෙවැනි නෑ නේද?
:angry::angry::angry::angry::angry::angry::angry:
:rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:
 

teshan_1994

Well-known member
  • Dec 26, 2008
    2,170
    211
    63
    32
    melbourne
    lovedad2.png