පිරිමින්ට වින කටින ලොකුම ලෙඩේ.

shruk khan

Banned
May 31, 2017
1,834
459
0
Fb
පිරිමින්ට වින කටින ලොකුම ලෙඩේ.

2psd-30.png


අපි කතා කරන්න ගත්තේ පිරිමින්ට හැදෙන රහස් ලෙඩ ගැනයි. මේ ලෙඩ රෝග ගැන කතා කරන්න බොහෝ පිරිමි මැලිවන නිසයි මේවා රහස් ලෙඩ හැටියට පවතින්නේ. වෘෂණය ආශ්‍රිත රෝග මෙන්ම පුරස්ථි ග්‍රන්ථිය ආශ්‍රිතවත් හැදෙන ලෙඩ රෝග තමයි පිරිමින්ට දරුණුවටම බලපාන්නේ. පිරිමි වැඩි පිරිසක් ගොදුරු වන පුරස්ථ ග්‍රන්ථිය ආශ්‍රිත ගැටලු ගැනයි මේ සවිස්තරය.

පුරස්ථි ග්‍රන්ථිය මුත්‍රාශයේ පහළ කෙළවර පිහිටලා තියෙන දොඹ ගෙඩියක් තරම් ඇති අති සුවිශේෂී ග්‍රන්ථියක්. මේ ග්‍රන්ථිය ඉදිමුණහොත් නැත්නම් ප්‍රදාහ තත්ත්වයට පත්වුවහොත් මුත්‍රා ගමන අවහිර වෙනවා. ඒකට හේතුව මුත්‍රා මාර්ගයේ මුල් කොටස ගමන් ගන්නේ මෙය හරහා නිසයි. පුරස්ථි ග්‍රන්ථි ආශ්‍රිත රෝග වැඩිපුරම හැදෙන්නේ වැඩිහිටි පිරිමින්ටයි.

විෂබීජයක් ඇතුළුවීම නිසා හටගන්නා පුරස්ථ ප්‍රදාහය (Prostatitis) පුරස්ථ ග්‍රන්ථි ඉදිමුම වගේම අද සමාජයේ පිරිමින් වැඩි ගණනක් බිලිගන්නා පුරස්ථ පිළිකාව මේ ග්‍රන්ථිය ආශ්‍රිතව හටගන්නා ප්‍රධාන රෝගයි.

පුරස්ථ ග්‍රන්ථියේ ඉදිමුම

මේ කියන තත්ත්වය වෛද්‍ය විද්‍යාවේදී හැඳින්වෙන්නේ Benign Prostatic Hypertrophy (BPH) හැටියටයි. සාමාන්‍යයෙන් අවුරුදු 50 පැන්න පිරිමි අයටයි මෙය බහුල. ඔවුන්ට මෙහිදී මූලික ගැටලුව ඇතිවෙන්නේ ලිංගික කටයුතුවලදී නොව මූත්‍රා පිටකිරීම සම්බන්ධවයි. ග්‍රන්ථිය ඉදිමීමත් සමඟ එය මැදින් ගමන්ගන්නා මුත්‍රා මාර්ගය තෙරපී සිහින් වීම නිසා මුත්‍රා ගමන් ගන්නේ හෙමින් අසීරුවෙන්ය. බොහෝවිට මූත්‍රා බර හැදී ඉක්මණින් එය අහවර කරන්නට ගියත් මුත්‍රා හොඳින් ගලායන්නේ නැත. ඒ වෙනුවට සමහර අවස්ථාවල බිංදු කිහිපයක් පමණක් පිටවන අන්දම දකින්නට හැකිය. විශේෂයෙන්ම රාත්‍රී කාලයේදී මෙය ඉතාමත් කරදරකාරී තත්ත්වයක් ලෙස බලපායි. මෙවැනි තත්ත්වයක් තිබේ නම් ඔහු වහාම පවුලේ වෛද්‍යවරයා හමුවිය යුතුයි.

එවිට වෛද්‍යවරයා ගුද මාර්ගය ඔස්සේ අත්වැස්මක් පැළැඳි දබර ඇඟිල්ල යවා පරීක්ෂාවක් සිදුකරයි. එය හැඳින්වෙන්නේ පූර්ව ගුද පරීක්ෂාව හෙවත් PR (PerRectal Examination) හැටියටය. එවිට පුරස්ථ ග්‍රන්ථිය ඉදිමී ඇත්නම් අවශ්‍ය ප්‍රතිකාර ලබාදෙනු ඇති.

සාමාන්‍යයෙන් BPH කියන මේ රෝගයට ප්‍රතිකාර වර්ග කිහිපයක්ම තිබේ. යටි බඩේ කැපුමක් දමා පුරස්ථ ග්‍රන්ථිය ශල්‍ය කර්මයකින් ඉවත් කිරීම එක් ක්‍රමයකි. මූත්‍රා මාර්ගය ඔස්සේ හැකිලුණු බැලුනයක් යවා එය පිම්බීමට ලක්කිරීම මගින් මුත්‍රා ගැලීම පහසු කිරීම තවත් ක්‍රමයකි. ලේසර් ප්‍රතිකාර මගින් පුරස්ථ ග්‍රන්ථියේ ඉදිමුණ පටක ඉවත් කිරීම තවත් ක්‍රමයකි. මේ සියල්ලට වඩා ඉදිමුණ පුරස්ථි ග්‍රන්ථිය හකුළුවන ඖෂධද අද දක්නට ලැබේ. මේ නිසා මුත්‍රා කිරීමේ අපහසුතාව පිළිබඳ මූලික ලක්ෂණ පහළ වූ වහාම සුදුසුකම් ලත් වෛද්‍යවරයකුගේ අවධානයට එය ලක්කිරීම ඉතා වැදගත්ය. අපි පුරස්ථි ග්‍රන්ථිය ආශ්‍රිත අනෙකුත් ප්‍රධාන ගැටලුව හෙවත් පිළිකාව ගැන ඊළඟට කතා කරමු.

WaDaGaTh Nam REP++++++
 

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,645
    50,012
    113
    සේදවත්ත
    සර්වාන්ගෙම පණ නැති උනා යකෝ ට්‍රීට්මන්ට් ටික කිව්වාම තාම අත වෙව්ලනවා
     

    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    mata 29i ban su yan nati seen ekak haduna doctorslata pennuwa scan kala prostate normal camera ekakuth dala baluwa ewath normal