පිරිසිදු දෑත කාගේද !
ජනාධිපතිතුමනි, සුභ අනාගතයක් වෙනුවෙන් ෆොන්සේකාගේ අභියෝගය පිළිගන්න. ෆොන්සේකාට දුවන්න දෙන්න
ගනුදෙනුවලදී සිදු වූ දූෂණ පිළිබඳව විපක්ෂයට චෝදනා කරන අය මෙන්ම තමන් ද (රටේ ජනතාව)මේ කරුණු පිළිබඳව හරි හැටි නො දන්නා බැවින් ඒ පිළිබඳව හොඳින් දන්නා දෙදෙනෙකු වන ආරක්ෂක ඇමති හා ජනාධිපති මහින්ද රාජපක්ෂ හා හිටපු යුද හමුදාපති හා විපක්ෂ ජනාධිපති අපේක්ෂක සරත් ෆොන්සේකා අතර ඒ විවාදය විය යුතු බව ෆොන්සේකාගේ සම මාධ්‍ය ප්‍රකාශක අනුර කුමාර දිසානායක පවසයි.
මෙම විවාදය සඳහා සරත් ෆොන්සේකා සූදානම් බව අනුර කුමාර දිසානායක පවසයි. මේ බව ෆොන්සේකා ද මීට පෙර පැවසූ මුත් ජනාධිපතිවරයා එයට ප්‍රතිචාර දැක්වූයේ නැත.
ජනාධීපතිතුමනි, අභියෝගය පිළිගන්න. මෙම කරුණු ගැන නො දන්නා විමල්ලා, රාජිතලා එවා දයාසිරි සමග කොටවාගන්නට සලස්වා ඔවුන් අමාරුවේ නො දමන්න. අභියෝගය භාරගෙන ඔබ ළඟ ඇතැයි කියන 'එකට කාපු අයගේ ෆයිල්' එළියට දමන්න. ලේ හෝ මඩ හෝ තැවරී නැති ඔබේ සුපිරිසිදු දෑත් පෙන්වන්න. ඔබට සුභ අනාගතයක්!
ප.ලි: දැනට එළියට දමා ඇති ෆයිල් පිළිබඳ පුවත්පත් දැන්වීම්වලින් පෙනෙන ආකාරයට නම් ෆොන්සේකා කර ඇත්තේ සිය බෑණාට කොන්ත්‍රාත් ලබා දීමයි. නාමල් රාජපක්ෂ 'තාත්තාට වැඩ කොරන්නැතුව මං වෙන කාට වැඩ කරන්නදැයි' අසන්නා සේ පුතාලා නැති සරත් ෆොන්සේකා බෑණාට කොන්ත්‍රාත් දෙන්නැතුව වෙන කාට දෙන්නදැයි අසන්නට ඉඩ තිබේ. මේ ඉතින් බෑණලාට කොන්ත්‍රාත් අරන් දුන් පළමු මාමංඩි නොවෙයි නේ. ලංකාවේ ගහන ගැහිලිවල හැටියට මේවා මොනවාද? මේවායින් දූෂණයක් වී තිබේ නම් එම දූෂණයේ වටිනාකම දැන්වීම් දැමීමට යන වියදමටත් අඩු ය. විවාදයට එන විට හොඳ ෆයිල් ටිකක් ගෙන එන්න.

Last edited:

මම හැමදාම මධ්‍යස්ථවයි යමක් දිහා බලන්නේ.එතකොට තමයි ඇත්ත පේන්නේ.
මේකද මේ මහ ලොකු වැරද්ද?