පිලිපීන කියන්නේ හරිම අවාසනාවන්ත රටක් බන්.උන්ගේ රටට හැම අවුරුද්දෙම මේ කාලෙට සුළි කුණාටු එනවා..ඒවා පොඩි ඒවා නෙමෙයි පැයට කිලෝමීටර් 200කට වැඩිය හයියෙන් එන කුණාටු.එහෙම ආවහම උන්ගේ ගෙවල් වගාවල් සෑහෙන්න විනාස වෙනවා.දැන් බලපන් යට තියෙන පික් දෙක.ඊයේ පෙරේදා එකක් ආවා ඒ වගේ වේගෙකින්.ගෙවල් එක්ලක්ෂ ගාණක් කැඩිලා.කරුමේ කියන්නේ අනිද්දට ආයෙත් ලොකු සුළි සුළගක් එනවා කලින් ආපු ට්‍රැක් එක ලගින්ම.උන්ගේ රට පෝසත් වෙන්නෙත් නැත්තේ ඔන්න ඔය හේතුව නිසා.ඒ අතින් අපි මොන තරම් වාසනාවන්ත රටකද ඉන්නේ.ඒත් දේශපාලුවොන්ට වගේම අපේ මිනිස්සුත් රට විනාස කරනවා.ගස් කපනවා,කැලෑ ගිණි තියෙනවා.අපේ රටට ඔය වගේ සුළි සුළන් එන්නේ නැහැ.අපිට ගංවතුර වගේ ප්‍රශ්නත් ඇවිත් තියෙන්නේ අපේම වැරැද්දෙන් මිසක් රටේ වැරැද්දෙන් නෙමේ.අපේ රට තියෙන්නේ හොද පිහිටීමක.ඒත් අපේ රට මොකක්හරි හේතුවක් නිසා දියුණු වෙන්නේ නැහැ.ප්‍රශ්නත් එන්න එන්නම වැඩි වෙනවා.මතකනේ ගිය පාර ආපු ගංවතුර.
අපිට අපේ රටේ අගේ තේරෙන්න මෙන්න මේ වගේ රටක ඉන්න ඕන.අපේ මිනිස්සු හරිම මෝඩයි.



