මචංලා මට දෙමළ පිල්ම් එකක් හොයා ගන්න උදව්වක් ඕන. මට කතාවේ මතක ටික විතරක් දාන්නම්. පොත් ලියන පොරක් ඉන්නව. ඌ ලියන්නේ මිනිමැරුම් ගැන පොත්. දවසක් මු ගෑනිත් අරන් ටුවර් එකක් යනව. මගදි මුංගේ කාර් එක කැඩෙනවත මහ රෑ. ඒ මදිවට වරුසාවේ. ඒ සැරේ මුං දෙන්න වත්තක් මැද තියෙන ගෙදරකට යනව. (හැබැයි මේ ගෙදර ඌගේමයි. ඌ ගෑනිට ඒ බවක් කියන්නේ නෑ) මුං ගෙදර යනකොට ඒ ගෙදර මිනිහෙක් ඉදං දොර අරිනව. ඊට පස්සේ ඒ ගෙදර තිබිල මරපු ගෑනියෙකුගේ මිනියක් හම්බ වෙනව. ඊට පස්සේ කොහොම හරි පොත් ලියන පොර ඌගේ ගෑනියි අර ගෙදර හිටිය මිනිහයි මරනව. ඔය ටික තමා මතක . මොකක්ද මචං මේ පිලුම. දන්න එකෙක් හොයා ගන්න උදව්වක් දෙන්න