පිහි ඈනුම (වැරදීමක් නොවේ)

sujeewahms

Well-known member
  • Nov 27, 2008
    1,811
    765
    113
    Narammala
    පිහි ඈනුම (වැරදීමක් නොවේ)

    පිහි ඈනුම (වැරදීමක් නොවේ)



    මේක සංවේදී කතාවක් නෙමේ. කපටි කතාවක්. හැබැයි සිද්ධිය ඇත්ත.


    මං කැන්ටිමට ගියෙ රෑ කෑම කන්න. ඒත් එතන ලොකු කළබලයක්. එකෙක් පිහියක් වන වන මොනවද දොඩවනවා. හෙන සෙට් එකක් ඌව අල්ලගෙන. මාත් හොස්ස දාලා බැලුවා මොකද වෙන්නේ කියලා. එතන හිටිය එකෙක් කිව්වා, "ඊයේ හා කිව්ව මුගේ කෙල්ල අද වෙන එකෙක් එක්ක ගිහින්, මූ උන්ට පිහියෙන් අනින්න හැදුවා."
    පිහියෙන් අනින්න ගිය එකා මම දන්න ඩයල් එකෙක්. මගේ ෆැකල්ටියෙම වෙන උපාධි පාඨමාලාවක් කරන එකෙක්. මගේ වේදිකා නාට්‍ය කණ්ඩායමේ නළුවෙක්.
    කට්ටිය මිහිහව හොස්ටල් එකට අරගෙන ගියේ තර්ජන ගර්ජන කෝටියක් එක්ක කුණුහරුපෙන් බැන බැන.
    රෑට කෑම කාලා මාත් හොස්ටල් ගියා.
    පීඨ ශිෂ්‍ය නායක විදියට මම ඌට අවවාද කරන එක හොඳයි කියල හිතුන නිසා පොරගේ කාමරයට ගියා. ඒ යනකොට පාඩුවේ ඉන්න ඕනෑ කියලා අනිත් උන් එළවගෙන.
    මම දීර්ඝ බණ දේශනයකට ලෑස්ති වුනා.
    "දැන් බලපන්. උබ කැම්පස් එවලා උබේ දෙමව්පියෝ කොච්චර බලාපොරොත්තු තියාගෙනද ඉන්නේ. ඔබ මෙහේ පිස්සු කෙළිනවා. යමක් කරන්න කලින් පොඩ්ඩක් ඉස්සරහට හිතපන්. දැන් බලපන් උබ ඒ වැඩේ බැරිවෙලාවත් කරා නම් ජීවිත කීයක් විනාශද? උබටත් වෙන්නේ හිරේ වැටිලා චාටර් වෙන්න. කිසිම තේරුමක් නැති වැඩක්නේ.....බ්ලා..බ්ලා...බ්ලා....."

    මුගේ කතාවෙන් මට ඇඩ්‍රස් නැතිවිය.
    "පිස්සුද මචන්. මම එහෙමත් කරනවද? මට එච්චර පිස්සු නෑ. මට ඇත්තටම අනින්න ඕනෙනම් මම කරුවලේම ගිහින් අනිනවනේ. ප්‍රසිද්ධියේ අනින්න ගියේ උබලා මාව අල්ලගන්න බව දන්න නිසා..!!"


    බලාගෙන ගියාම ඒක පිහි ඇනුමක් නොවෙයි. ඈනුමක්.

    ජංජාලේ එහෙ මෙහෙ ඇවිදිනකොට දැක්ක. උබලව මතක් වෙලා ගෙනත් දැම්ම.

    Source :- http://jbasnayaka.blogspot.com

    රිපොස්ට් නම් කෑ ගහන්න දෙයක් නෑ.

    හොඳයි නම් බම්ප් එකක්වත් දාල පලයල්ලා.


     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,982
    1
    9,801
    113
    Gampaha
    දැන් ඉන්න ගොඩක් එවුන් ඔහොම තමයි.. බේරනවා කියලා දැන දැන ගහන්න යනවා වීරයා වෙන්න
    ඇයි මේ ලගදිත් එකෙක් මැරෙන්න යනව කියලා මහවිගඩමක් නැටුවෙ. මේකෙ ඉන්න උනුත් සිරා අරන් ඇඩ්රස් නැති වෙලා හිටියෙ.. :lol::lol::lol:
     

    sujeewahms

    Well-known member
  • Nov 27, 2008
    1,811
    765
    113
    Narammala
    ඇයි මේ ලගදිත් එකෙක් මැරෙන්න යනව කියලා මහවිගඩමක් නැටුවෙ. මේකෙ ඉන්න උනුත් සිරා අරන් ඇඩ්රස් නැති වෙලා හිටියෙ.. :lol::lol::lol:


    :lol::lol::lol::lol::lol::lol::lol::lol: