මන්ද මානසික..

66000V

Well-known member
  • Jan 6, 2013
    2,253
    1,219
    113
    මන්ද මානසික, පරපීඩා කාමුකත්වයෙන් පෙළෙන විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් යැයි කියා ගන්නා තිරිසනුන් පිරිසක් විසින් ඔවුන් කියනා පරිදි අලුතින් පැමිණි තම සහෝදර ශිෂ්‍යයන්ගේ පෞරුෂ වර්ධනය කිරීමට ගත් තිරිසන් ත්‍රස්තවාදී උත්සාහයකට එක් උදාහරණයක් පහත දැක්වේ..
    මේ සියළු සිදුවීම් සත්‍ය හා නිවැරදි ඒවා වන අතර එය පැවසූ අයගේ ජීවිතය ඉදිරියේදී විනාශ නොවීමේ අරමුණින් මෙහි යම් තොරතුරු ප්‍රසිද්ධ කර නැත..

    ඔහු හමු වූ අවස්ථාවේ කී ලෙසම එය ඔහුගේ වචනයෙන් මෙසේ සටහන් කරමි..

    "
    මේකයි මචන් සිද්ධිය

    මට සෙට් උනේ ############ කැම්පස් එක... හැබැයි faculty එක මොකක්ද කියලවත් දාන්න එපා. මොකද එහෙම උනොත් ඉන්න අපේ අනිත් උන්ට මාර වදයක් දෙයි.

    මම ########## ෆැකල්ටි එකට ගියා. පටන්ගත්ත දවසෙම හවස අපිව hostel වලට අරන් යන්න බාර දුන්නේ senior උන්ට. හරියට නරියට කුකුල්ලු බාර දුන්නා වගේ. අපිව හොස්ටල් වලට දැම්මා විතරයි කුනුහරපෙන් කෑගහගෙන් මුන් ආයේ ආවා. කොන්ඩේ වැඩි උන්ට ගහගෙන ගියා.

    දෙමල කොල්ලෙක් හිටියා. උගෙන් අහනවා ඇයි හුත්තෝ තොට සිංහල බැයිද කියලා.
    ඌට වචනයක්වත් බෑ.

    ඌ ඔලුව හෙල්ලුවාම බෑ කියලා

    "තෝ හෙට වෙද්දී සිංහල ඉගෙනගෙන ඉන්න ඔනේ නැත්නම් තෝ ආපු දිහාටම පලයන් ""කියලා අමු කුණුහර්පෙන් බැන්නා. බැනලා කනට ගැහුවා..
    මේ අනාගතේ ####### උන් වෙන්න ඉන්න උන් කියද්දිත් අවුල් බං...
    ලැජ්ජයි බන් ඒවා හිතද්දිත්. ඇතුලේ ඉන්න හැම එකාමත් හොදට උදව් කරනවා රැග් එකට.
    මොකද ඒ ඔක්කොම කරන වෙලේ non academic warden හිනා වෙවී එතන. තර්ජනය කරන එක තමයි කරන්නෙම. නැති ගෞරවයක් හදාගන්න නොකරන දෙයක් නෑ උන්. හවස් වෙනකොට අපිට කිව්වා කෑම අරන් එන්න canteen එකට යන්න කියලා. එක තට්ටුවකින් 10ක් විතරයි යන්නේ කියලා කිව්වා. කොහොමහරි අපිත් සල්ලි දුන්නා කෑම ගේන්න කියලා.




    ඒ අතරේ තව එකෙක් ඇවිත් කාමර ගානේ ඇවිත් එකා එකා ගානේ අරන් ගියා. මාවත් අරන් ගියා. කැලයක් වගේ මැද්දෙන් යන්න ඕනේ hostel එකට. එතන නවත්තගෙන විස්තර ඇහුවා. මට පට්ට බැනිල්ලක බැන්නා පලවෙනි දවසේ car එකේ එන්නෙ ලොකුද කිය කිය. ඊට පස්සේ කැන්ටිමට අරන් ගියා. එතනත් එකා එකා ඇවිල්ලා මේසෙට ගගහා බොරුවට මොකක්හරි කිය කිය කෑගැහුවා. අපිව බය කරන්න. මගේ ලගට ඇවිත් තොගේ නම මොකක්ද කියලා බැන්නා. තොපිට මේකේ ඉන්න බෑ. පාවා දෙන්න එපා හුකන්නා කිය කිය. අපි අලුත්ම නිසා උන්ට ඕනේ උනේ බය කරගන්න වගේම උන්ගේ මේ scene පිටට ගිහින් අවුලක් වෙන එක නවත්තගන්න..

    අනිත් එවුන්ගෙත් සල්ලි එකතු කරගෙන කෑම ගත්ත උන්ට පුදුම වදයක් දුන්නා එක එකාට කඩේ යන්න එපා යකෝ කිය කිය. එතන තනිකරම තිබ්බේ මානසික අවුලක්. උන්ම බනින්න පුලුවන් විදියට මුලින් තට්ටුවකින් 10ක් යන්න කියල උන්ම මේ දැන් බනින්නව අපිට. ඊට පස්සේ අපිට යන්න කිව්වා. යන අතරමග ආයේ කැලේ වගේ කිසිම එලියක් නැති අදුරු තැනක නවත්තගෙන මගෙන් විස්තර අහලා 3 දෙනෙක් වට උනා. ඊට පස්සේ මට බනින්න පටන් ගත්තා තෝ මේකට එන්නත් කලින් #### කරලා එන්නේ ලොකුද පකෝ කිය කිය. සල්ලි තියෙනවනම් මේවට එන්න එපා පලයන්කෝ private කියලා.

    ###### තියෙනවා කියන්නේ added qualification එකක්. මට තව තියෙන්නේ ###### complete කරන්න. ඒකයි උන්ට වැඩිම අවුල. අනිත් එක අපේ අප්පච්චිගෙ රස්සාව අහලා උනු ඒකත් කියලා බැන්නා..

    මට ඔහොම තර්ජනය කරලා කොලර් එකෙන් අල්ලලා මට ගහන්න හැදුවා. මම කිව්වා මගේ කකුලේ ඔපෙරේශන් එකක් කරලා තියෙන්නේ කියලා. ඒ නිසා යන්න දුන්නා.

    ඒ සේරටම පස්සේ එදා රෑ 2ට විතර හැමෝගෙම කාමර වලට ගහලා ඇහැරෙව්වා අපේ උන් සින්නො කිව්වා කියලා.. උන් හොස්ටල් එකට එන්න දෙන්නැති හින්දා phone එකෙන් කතා කරලා එක එකාට බැන්නා... Loudspeaker දාලා තිබ්බේ. මට ඒ වෙලාවෙත් දිගටම තර්ජනය කලා. හෙට උදේ තොට ඉන්න දෙන්නේ නෑ අපි බලාගමුකො කිව්වා.

    දැන් අපිට excuse letters ලියගෙන එන්න කියනවා lectures cut උනා කියලා. Batch එකේ හැමෝම ලියාගෙන යන්නම ඕනේ. ඒක කරන්නේ lectures කට් කරවලා "පැදුරු" වලට ගන්න ලමයින්ව. පැදුරු කියන්නේ බන් hostel room එකක් හරි bording හවුස්`එකකට හරි කොල්ලෝ ටිකක් අරන් යනවා. ඇතුලට යනකොටම යන්න ඔනේ ඇඳුම් ගලෝලා.. ඇතුලේ කොල්ලන්ගේ batch fit එක හැදෙන්න කියලා සමලිංගික ක්‍රියාකාරකම් වලට ආසන්න ක්‍රියා කරවනවා බලෙන්. බෑ කිව්වොත් බල්ලන්ට වගේ බිම දාගෙන ගහනවා. ( ලිංගික අවයව ස්පර්ශ කිරීම්. පහර දීම් ඇතුළු කරන ලද ශාරීරික හා මානසික හිංසා ප්‍රසිද්ධියේ කීමට නොහැකි තරම් විකෘති නිසා ඒවා නොලියමි ) මගේ කොන්ද තාම රිදෙනව එහෙම ගහපු වෙලාවක වැදුණු පාරවල්වලින්. මට සිහි නැති උනා.
    මේවා කතාකරද්දී අප්පිරියම කාරනේ මේ ඔක්කොම ####### වෙන්න ඉන්න උන්. රටේ අනාගතේ ගැන කල්පනා කරද්දී ලැජ්ජයි බන්.. උඹ ඕක ලියලා දාපන් මචං කවුරුහරි එකෙක් දැනගනියිනෙ.. මට දැන් නහයට එරිලා ඉන්න වෙලාවෙ ඔලුවෙන් වතුර ගියත් එකයි..

    ""
    කතාව ඕකය...

    මේ එක් සිදුවීමක් පමණි.. තව දහසක් සිදුවීම් විශ්වවිද්‍යාල භූමි තුල නොවරදවාම තවමත් සිදුවෙමින් ඇත..
    ගැහැණු ළමුන්ට ද මෙසේම හිංසා සිදුවෙයි..
    නිදහස් අධ්‍යාපනේ රකින මුර දේවතාවුන් ලෙස හඳුන්වාගන්නේ මොවුන්වය..
    රටේ ජනතාවගේ ජාතික ධනය වැය කර නොමිලයේ උගන්වන්නේ මේ තිරිසනුන්ටය.. රටේ අනාගතය භාර ගැනීමට උපාධි දරා පිටතට පැමිණෙන්නේ මේ මානසික ව්‍යාධි වලින් පෙළෙන පරපීඩා කාමුකයන්‍ ය.. රටේ ඉහළ පුටු හොබවන්නට සුදුසුකම් ලබන්නේ මේ විකෘති ජීවීන්‍ ය..

    දරුවන් විශ්වවිද්‍යාලයට යන්නේ මේ තිරිසනුන්ට පෑගී අධ්‍යාපනය ලැබීමටද..?
    නවක වදය අපි කරන්නේ අහවල් පෞරුෂය නංවාලීමට හෝ බැච් ෆිට් එක නැංවීමට යැයි කියන මේ තිරිසන් කාලකන්නින් විසින් කුණුහර්පෙන් බැන පහරදීමෙන් පෞරුෂය නංවන්නේ කෙසේදැයි නොදනිමි.. ඇඳුම් ගලවා ලිංගික අතවර වලට ලක් කර බැච් ෆිට් ඇති කරන්නේ කෙසේදැයි නොදනිම්..

    දහසක් බලාපොරොත්තු සමග මේ රටේ ජීවන අරගලයට මුහුණ දෙන්න විශ්වවිද්‍යාලයට පැමිණෙන සමහර සිසුන් එදාවේල සොයා ගන්නේද ඉතා අමාරුවෙනි.. ඒ දරුවන් ඇතුළු පැමිණෙන සියළු තම බාල සහෝදර සිසුන්ට මේ ආකාරයෙන් වධ දී නාසිවාදයක් ක්‍රියාත්මක කිරීමට තරම් මොවුන් කොතරම් ත්‍රස්තවාදී මානසිකත්වයක සිටිය යුතුද..

    ජාතිවාදී පදනමෙන් සිසුන්ට දෙමළ වීම නිසා හිංසාවට ලක්කිරීම කොතරම් ලැජ්ජාසහගත පහත් ක්‍රියාවක්ද...
    ලිංගිකව හිංසනයට ලක් වන සිසුන්ගේ මානසිකත්වය කෙසේ බිඳවැටීමකට ලක් වෙනවා ඇත්ද.. ඔවුන්ගේ ඉදිරි අධ්‍යාපනය කෙසේ වෙතත් මේ සිදුවීම සමස්ථ ජීවිත කාලයම විඳවීමට සිදුවන එකක් විය හැක..

    රෙදි ගලෝන උපසංස්කෘතිය , පහර දෙන පෞරුෂ වර්ධනය හෝ උඹලාගේ නල්ලමලේ බැච් ෆිට් අපට අදාල නැත..
    තම සහෝදර ශිෂ්‍යමේන්ගේ අධ්‍යාපන සුදුසුසුකම් අසා පහර දීමට තරම් මොවුන් කොතරම් කුහකවිය යුතුද..ඊර්ෂියාකාරයෝ විය යුතුද...

    නැතහොත් මොවුන්ගේ ආදර්ශ ගන්නා මීළඟ පරම්පරාවද මෙවැනිම දේ සිදු කර තවත් විකෘති ජීවීන් පිරිසක් ලොවට එක්වීම නොවැලැක්විය හැකි වනු ඇත..

    බොහෝ සිසුන් මේවා පිටතට නොදෙන්නේ තව සිව් වසරක් මේ කාලකන්නි සමග සිටිය යුතු නිසාය.. පෞද්ගලික අධ්‍යාපනයට යොමුවීමට වත්කමක් නැති දරුවන්ට මේ තිරිසනුන් සමග සිටිනවා විනා වෙනත් විකල්පයකට යාමට නොහැක.

    එමෙන්ම රැග් ප්‍රතික්ෂේප කරන ඉහල වසරවල සිසුන්ද පහරදීම් වලට නිතර ලක්වෙයි..

    එබැවින් තවත් අහිංසක ජීවිතයක් මේ පාදඩයන් නිසා නැතිවීමට ප්‍රථම වගකිවයුත්තන් මේ පිළිබඳ පියවරක් ගැනීම වහා සිදුකළ යුතුය..
    රැග් කරන්නාද
    රැග් සාධාරණීකරණය කරන්නාද
    ඒ වෙනුවෙන් පෙනී ඉන්නාද මානසික රෝගීන්‍ ය..

    පොත් ඔලුවේ තියාගෙන යන සුන්දර රැග් දැන් හීන වී ඇත.. එය මානසික රෝගීන් පිරිසක් විසින් අසරණ සිසුන් පිරිසකගේ ජීවිත මත පරපීඩා කාමුකත්වය පිටකරන කාලකන්නි සිදුවීමක් බවට පෙරළී ඇත..

    ඔවුන්ගෙන් තවත් හිංසා විමට ප්‍රථම වහා වෙන් කර මානසික ප්‍රතිකාර දි යුතු අතර මෙය දිගින් දිගටම සිදුවීම වැලැක්වීමට කඩිනම් සාධනීය වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කළ යුතුය..
    ඔවුන් පියවර නොගන්නේනම් කවුරුන් හෝ මෙයට විරුද්ධ විය යුතුමය.. අප නිහඬව සිටින තාක් සිදුවන්නේ තවත් අහිංසක ජීවිත අකාලයේ විනාශවී යාම පමණි..

    රැග් වලට ලක් වන සිසුන්ගෙන් හා ඊට විරුද්ධ සැමගෙන් ඉල්ලමි..
    අපි එකතුවෙමු මේ තිරිසන් ක්‍රමේට විරුද්ධව.. ඊළඟ පරම්පරාවවත් නිදහසේ ඉගෙනගනියි..


    ( 1.මේ සිදුවීම් ඔප්පු කිරීමට සියළු සාක්ෂි ඇත.. සියළු දේට නිසි පියවර ගැනීමට හා පසුව සිදුවන හිංසන වලින් වැලැක්වීම සහතික කරන වගකිවයුතු බලධාරියෙක්ට පමණක් ඒවා ලබා දෙන අතර සංවාදයක් කළ යුත්තේ මානසික රෝගීන් සමග නොවන නිසා ඊනියා රැග් පෞරුෂ වර්ධකයන් පැමිණ ලිංගික අතවර හෝ පහර දීම් සාධාරණීකරණය කර ප්‍රසිද්ධියේ පරපීඩා කාමුකයන් වීමෙන් වළකින්න..

    2. මම විශ්වවිද්‍යාලයට ගොස් නැති 8 පාස් එකෙකි. මම පෙනී ඉන්නේ මිනිසුන් වෙනුවෙන් නිසා හා පළමු වසරේ සිසුන් සින්නන්ගේ වහලුන් හෝ නොවන නිසා ඔයා කැම්පස් ගිහින්ද ඔය කතා කරන්නෙ කියා මෝඩ ප්‍රශ්ණ ඇසීමෙන් වළකින්න

    3. විශ්වවිද්‍යාල තුල ත්‍රස්තවාදී නවකවදය බැහැර කරන සැබෑ ගෞරවනීය සිසුන්ට හිස නමා ආචාර කරමි..

    4. හැමදාම කියන පරිදි අහවල් දේශපාලන ඉත්තා කතා කීමෙන්ද වළකින්න.. මට දේශපාලනයක් අදාල නැත. උඹලා පාරේ ගුටි කෑ විට මා කවි ලියා ඇත.. ඒ ලිව්වේද මිනිසුන් යන තර්කයෙන් විනා දේශපාලනයක් අදාල කරගෙන නොවේ.. )


    - චමල් අකලංක පොල්වත්තගේ


    https://18sanniya.blogspot.com/2017/01/blog-post.html?m=1