පිළිකාව බෝවන ලෙඩක්ද?

Edition

Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    පිළිකාව බෝවන ලෙඩක්ද?


    චාවෙස්ගේ මරණයෙන් අලුත් රහසක් හෙළි වෙයි:eek:

    111230_EXP_HugoChavez-EX.jpg.CROP_.rectangle3-large.jpg

    (හියුගෝ චාවෙස්)

    ලෝ
    කයේ පෙරැළිකාර රාජ්‍ය නායකයකු මියගිය හැමවිටකම එම මරණය පසුපස ඇදී එන කුමන්ත්‍රණ න්‍යායයක් තිබේ.ඒ වැනිසියුලාවේ ජනාධිපතිව සිටි නැසීගිය හියුගෝ චාවෙස් පිළිබඳ ගොඩනැගෙමින් පවත්නා න්‍යායයි.සතුරන් විසින් චාවෙස්ට පිළිකාවක් බෝකල බවට සැකයක් චාවෙස්ගේ රජයේ නිලධාරින්ට තිබේ.පිළිකාව බෝවන රෝගයක් නොවන බවට මතයක් මෑතක් වනතුරුම තිබිණ.එහෙත් අළුත්ම සොයා ගැනීම වී ඇත්තේ පිළිකාව බෝවන බවය.

    images

    (
    ටස්මේනියන් ඩෙවල්)


    උදාහරණයක් වශයෙන් ටස්මේනියන් ඩෙවල් නැමති කැන්ගරු වර්ගයේ මාංශ භක්ෂක සත්ව විශේෂයෙහි මුහුන මත හටගන්නා පිළිකාව දැක්විය හැකිය.(ටස්මේනියන් ඩෙවල්ගේ සිංහළ නම සැසිපොව්වාය.)එය බෝවන පිළිකාවකි.එය වැළදීම නිසා ඔස්ට්‍රේලියන් වනගහනයේ සිටින ටස්මේනියන් ඩෙවල් (Tasmanian Devil) ගහනයෙන් 70% ක්ම මේ වනවිට මියගොස් ඇත.හියුගෝ චාවෙස්ට අග්න්‍යාශයේ පිළිකාවක් ගටගෙන තිබූ අතර ඔහු මියගිය හේතුව හෘදයාබාධයක් බව ප්‍රසිද්ධියට පත්කරන ලදී.අවසාන මොහොතේදී චාවෙස්ට කතා කරගැනීමට බැරි වු නමුත් ඔහු මෙසේ මුමුණන ලදැයි දැනගන්නට තිබේ ''මට මැරෙන්නට යන්න ඔනෑ නැහැ.මට මියයන්න ඉඩ දෙන්න එපා..'' චාවෙස් පුරා වසර 02ක් පිළිකාව සමඟ සටන් කළේය

    වසර 2011 දී තමා පිළිකා රෝගයෙන් පෙළෙන බව සොයාගන්නා ලද අවස්ථාවේදී චාවෙස් කියා සිටියේ මේ මාරන්තික රෝගය සතුරන් විසින් තමාට බෝ කරන ලද බවය..ඔහු මේ ගැන වැඩිපුරම සැක කලේ ඇමරිකාවය.පසුගිය වසර කිහිපය තුලදී චාවෙස් සමග එක්ව ඇමරිකන් ව්‍යාප්තවාදයට විරුද්ධව සටන් කල ලතින් ඇමරිකන් ජනාධිපතිවරුන් සිවුදෙනෙකුට පිළිකාව වැළඳිණ.1946-1948 කාලය තුළදී ලතින් ඇමරිකන් රටක් වු ගෝතමාලා රාජ්‍යයේ රූකඩ ආණ්ඩුවක් පවත්වාගෙන ගිය එක්සත් ජනපදය ලිංගාශ්‍රිත රෝග බෝ කිරීම පිළිබධ පර්යේෂනයක් කළ බවත් ඒ සඳහා ලතින් ඇමරිකන් මිනිසුන් හා ගැහැණුන් යොදාගත් බවත් චාවෙස් කියා සිටියේය.වසර 50කට පෙර තත්වය එය නම් අද වනවිට ජනාධිපතිවරුන්ට පිළිකාව බෝ කිරීමේ තත්වයකට ඇමරිකන් තාක්ෂනය වර්ධනය වීම නොවැළැක්විය හැකි බවද ඔහුගේ මතය විය.එහෙත් ඇමරිකන් රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් චාවෙස්ගේ ප්‍රකාශය වහාම ප්‍රතික්ෂේප කරන ලදී.

    මෑතක් වනතුරුම ජීව විද්‍යාත්ම න්‍යායන්ට අනුව පිළිකාව බෝකල නොහැකි රෝගයකි.එහෙත් ශරීරයට ඇතුලුවන රසා‍යනික ද්‍රව්‍යයක් හෝ විකිරණයක් නිසා සෛලවල හටගන්නා විකෘතියක් මගින් පිළිකාවක් හටගන්නේය.එහෙත් ටස්මේනියන් ඩෙවිල් සතුන්ට බෝවන පිළිකාව නිසා පිළිකා රෝගය බෝ නොවන්නේය යන තැනින් නික්මීමට ජීව විද්‍යාඥයන් සහ පර්යේෂකයන් තීන්දු කර තිබේ.

    බෝ වන පිළිකාවක් යනු කුමක්ද?

    මනුෂ්‍ය ශරිරයේ සෑදෙන ඇතැම් ඉන්නන් පැපිලොමාවයිරස් (Pappilomavirus) නමැති වෛරස් වර්ගයකි.මෙය අහිංසක ස්වරූපයේ ගැටිත්තක් වුවද පිළිකාවක තත්වයට වර්ධනය විය හැකිය.මේ වෛරසය බෝ වෙයි.Human Pappilomavirus යන්න හැදින්වෙන කෙටි නම HVP ය.මේ වෛරසය නිසා කාන්තාවන්ට ගැබ් ගෙළ පිළිකාද පිරිමින්ට ලිංගාශ්‍රිත හෝ ගුද මාර්ගය ආශ්‍රිතව පිළිකාවද වැළදෙයි.සිගරට් දුමටද,කාබන් මොනොක්සයිඩ් වායුවටද,රසදියවලට ද මනුෂ්‍යන් තුළ පිළිකාව ඇතිකල හැකිය

    බෝවන පිළිකා විශේෂයක් සුනඛයන්ට වැළඳේ.මෙය ලිංගාශ්‍රිත පිළිකාවක් වන අතර ලිංගික සම්බන්ධතා නිසා වැළදෙයි.CTVT ලෙස හැඳින්වෙන මෙය අදාළ ප්‍රදේශයේ ගන්ඩයක් ලෙස වර්ධනය වෙයි.ටස්මේනියන් ඩෙවල් පිළිකාවේදී එම සතාගේ මුඛය සහ මුහුණු ප්‍රදේශයේ සුවිශාල පිළිකා තත්වයක් හටගනී.මෙම පිළිකා සෛල තවත් සතකුට බෝවන්නෙ සතුන් අතර ඇතිවන සටන් වලදීය.පිළිකාව තිබෙන සතා නීරෝගි සතා සපාකන විට පිළිකා සෛල නීරෝගී සතාගෙ මස තුලට කා වදියි.මෙම පිළිකාව බෝවන්නෙ ටස්මේනියන් ඩෙවිල් වර්ගයේ සතුන් අතර පමනි.එයට හේතුව එම සතුන් අතර හටගන්නා ප්‍රතිශක්තීකරණය සමාන වීමය.මේ අනුව මිනිසාගේ ප්‍රතිශක්තීකරණ පරාසය සමග ගැලපෙන වෛරස් හදුන්වා දීමෙන් බෝවන පිළිකා මට්ටමක් ඇතිකල හැකිය.



    පැපිලෝමා වෛරස් පිළිකාවක් හැරුනු විට වෙනස් පිළිකා වර්ග මනුෂ්‍යන්ට බෝ නොවන්නේ ඇයි?

    එයට හේතුව අපේ ප්‍රතිශක්තීකරණ පද්ධතිය සතු දැනුවත් භාවයයි.මනුෂ්‍ය සංහතිය තුළ කොතරම් වෙනස් ජාන අනුක්‍රම තිබුනද සිරුර තුළට ඇතුළු වන ආගන්තුක වස්තුවක් හෝ පිළිකා සෛලයක් හඳුනා ගැනීමට ප්‍රතිශක්තිකරණ පද්ධතියට පුළුවන.එවැනි සෛලයක්,වෛරසයක් හෝ බැක්ටීරියාවක් ලෙස සිරුරට ඇතුළු වු වහාම මරා දැමීමට අපේ ප්‍රතිශක්තීකරණ පද්ධතියට හැකිය.

    ඉතින් බද්ධ කිරීමේදී එක පවුලේ අයගේ ඉන්ද්‍රියන් බද්ධ කිරීමට වඩා සුදුසු වන්නේ මේ නිසාය.බද්ධ කරන ඉන්ද්‍රියයෙහි සෛල අගන්තුක නම් එවා වහාම ප්‍රතික්ශේප කිරීමට ප්‍රතිශක්තීකරණ පද්ධතිය පටන් ගනී.එක පවුලේ අයගේ සෛල අතර සමානතා පවතින නිසා එම සෛල ප්‍රතික්ශේප කිරිමට ප්‍රතිශක්තීකරණ පද්ධතිය උනන්දු වන්නෙ නැත.


    images

    (පිළිකා සෛල)

    පිළිකාවක් එක් පුද්ගලයකුගෙන් තව පුද්ගලයකුට මාරුවන දුර්ලභ අවස්ථා නොතිබේද?

    එබඳු අවස්ථා ඉතා විරලය.උදාහරණයක් වශයෙන් මව තුළ ඇති පිළිකා තත්වයක් කළලයකට වැළදීමට ඉඩ ඇත.විශේෂයෙන් චර්ම පිළිකා වැනි දේ දරුවන්ට මවගෙන් මාරුවීමට ඉඩ ඇත.සමහර විට ඉන්ද්‍රියයන් බද්ධ කල විටද එම ස්ථානයේ සෛල විශේෂයක් හටගෙන පිළිකාවක් ඇතිවීමට ඉඩ තිබේ.

    (Scientific american වෙබ් අඩවිය ඇසුරෙනි)

    create.php


    රෙප් එකක් බම්පියක් දාලම යමල්ලා:frown:.කොටන්නම හුඟක් වෙලා ගියා.:angry: