You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
අද ගීතය දයා ද අල්විස් මහත්මිය රචනා කල ගීත යුගලයක් සංගීත නිර්මාණය සනත් නන්දසිරි මහත්මයා
මේ ගීත යුගලය නෑනා සහ මස්සිනා අතර වන සංවාදයක් මුලින්ම නිර්මාණය වුනේ මස්සිනාගේ පාර්ශවයෙන් ගැයෙන ගීතය එයට පිළිතුරු ගීයක් ලෙස මල්කාන්ති නන්දසිරි මහත්මිය විසින් නෑනාගේ පාර්ශවයේ ප‍්‍රකාශණය ගායනා කලා
ගායනය / සංගීතය : සනත් නන්දසිරි
ගායනය : මල්කාන්ති නන්දසිරි
සංගීතය : සනත් නන්දසිරි
මල්කාන්ති නන්දසිරි ගායනා කරන ගීතය සජිවි ප‍්‍රසංගයකදි ගායනා කරන ලද ගීතයක්, මුල් ගීතයේ පැහැදිලි ඔඩියෝ පිටපතක් මං ලඟ නෑ. රසවින්දනයට සිදුවන අපහසුතාවය පිළිබඳව මගේ කණගාටුව
අද ඉදිරිපත් කරන පිළිතුරු ගීතයේ විශේෂත්වයක් තිබෙනවා. ගීත දෙකටම නිර්මාණ කරුවන් තිදෙනෙක් සම්බන්ධ වෙනවා.
මහඇදුරු සුනිල් ආරියරත්නයන් නීලා වික‍්‍රමසිංහ වෙනුවෙන් ගීතයක් ලියනවා. එම ගීතය සංගීතවත් කරන්නේ පණ්ඩිත් අමරදේව ශුරින්, පසුව සුනිල් ආරියරත්නයන් තමන් මුලින් ලියු ගීතයට පිළිතුරක් ගීතයක් රචනා කරනවා. එම ගීතය ගායනා කරන්නේ මුල් ගීතය ගායනා කල නීලා වික‍්‍රමසිංහ සමඟ පණ්ඩිත් අමරදේව ශුරින්
පණ්ඩිත් අමරදේව කොතරම් දක්ෂ නිර්මාණකරුවෙක්ද කියනවා නම් මුල් ගීතය හා පසු ගීතය පද රචනා දෙකක් වුනාට මේ ගීත දෙකම එකම සංගීත රිද්මයකට නිර්මාණය කරලා තියෙනවා.
මේ ගීත දෙක බොහෝ දෙනා ඇසුවත් ගීත දෙකක් කියලා තේරුම් යන්නේ නෑ. ගීත දෙකේම පද රචනා හා සංගීතමය ආකෘතිය එක වගේ නිසා, එහි නිර්මාණාත්මක ගෞරවය පණ්ඩිත් අමරදේව හා සුනිල් ආරියරත්නයන්ට ලැබිය යුතුයි.
අද පිළිතුරු ගී වලින් ගෙන එන්නේ ටිකක් වෙනස් කතාවක් ඔබට මතකද මේ නම් දෙක "නොරිකෝ සං", "දෙවෙන්දොරා සං" අපේ නවකතා කියවන යාලූවන්ට මේ නම් දෙක නම් ආගන්තුක නෑ. එදිරිවීර සරත්වන්දයන්ගේ මළගිය ඇත්තෝ, මළවුන්ගේ අවුරුදු දා කතා යුගලයේ එන වරිත දෙක තමයි මේ.
මේ නවකතා දෙක ඇසුරින් නව පරපුරේ දක්ෂ ගීත රචකයෙකු වන රවී සිරිවර්ධන ගීත දෙකක් ලියනවා. එකක් නොරිකො සං ගේ ප‍්‍රකාශය අනෙක දෙවෙන්දොරා සං ගේ ප‍්‍රකාශය
ජිවත්වන වන නොරිකෝ සං මිය ගිය දෙවෙන්දොරා සං ගැන තම ආත්මිය කථනයට හඬ මුසු කරන්නේ නන්දා මාලනිය, සංගීත නිර්මාණය රෝහණ වීරසිංහ
ආදරය හදෙහි පුරවාගෙන මිහිදන් වු දෙවෙන්දොරා සං ගේ ආත්මිය කථනයට හඬ මුසු කරන්නේ අමල් පෙරේරා, සංගීතය සුරේෂ් මාලියද්ද