පිළිතුරු ගී හොයමුද ???

janakaaj

Member
Oct 10, 2008
4,860
694
0
පිළිතුරු ගී හොයමුද ???

සිංහල ගීත සාහිත්‍යයේ තිබෙනවා පිළිතුරු ගී කියලා ලියැවුනු ගීත නිර්මාණයන්, මොනවද මේ පිළිතුරු ගී කියන්නේ යම් කිසි ගීතයක කියවෙන අර්ථයට පිළිතුරක් ලෙස හෝ එහි ප‍්‍රතිවිරුද්ධ අර්ථය ගෙනදෙන නිර්මාණයක් හෝ මුල් ගීතයේම දිගුවක් ලෙස ලියවෙන ගීතයක් පිළිතුරු ගීතයක් ලෙස හඳුන්වන්න පුලූවන්. ඇතැම් අවස්ථාවක මේ ගීත දෙකම එකම පදරචකයෙකු විසින් රචනා කරලා තිබෙන්න පුලූවන්. ඇතැම් ඒවා ගීත රචකයන් දෙදෙනෙකුගේ වන අවස්ථා තිබෙනවා.

මෙම පිළිතුරු ගීත කැසට් පට රැල්ලක් ලංකාවේ 90 දශකයේ දැඩිව පැවතුනා. මෙලෙස තරඟයට පිළිතුරු ගීත කැසට් පට නිකුත් කලේ සංජීවනි වීරසිංහ හා පුන්සිරි සොයියා විසින් ඔවුන් විසින් ගායනා කරන ලද ගීත මා ඉහත සඳහන් කල පිළිතුරු ලෙස හදුන්වන්න අපහසුයි. මොකද මොවුන් පිළිතුරු ගීත කියලා ගායනා කලේ ජනප‍්‍රිය ගීත වල වචන වෙනස් කර ගායනා කිරිමක් පමණයි. මා මුලින් සඳහන් කල පිළිතුරු ගීත වල එවැනි චවන වෙනස් කිරිමක් නෑ. එකිනෙකට වෙනස් පදමාලා දෙකක් තමයි තිබෙන්නේ

උදාහරණයක් ලෙස මම පිළිතුරු ගීත යුගල දෙකක් දාන්නම්, මේ ගීත හතරේ විශේෂත්වයක් තිබෙනවා. මේ ගීත හතරම රචනා කර තිබෙන්නේ එකම පදරචකයෙක්, ඔහු තමයි ප‍්‍රවීණ ගීත රචක රත්න ශ‍්‍රී විජේසිංහ මහතා

ඉන්දීවරි අබේවර්ධන ගායනා කල "සළු සෝදනා මම ලෙංචිනා" මේ ගීතය දැන් නම් ගුවන් විදුලියෙන් ඇහැන්නේ නැතිතරම් සංගීතය ඔස්ටින් මුණසිංහ


http://www.ananmanan.lk/free-sinhal...lenchina-indeewari-aberathne-sinhala-mp3.html


මේ ගීතයේ පිළිතුරු ගීතය


ගායනය සුනිල් එදිරිසිංහ
සංගීතය රෝහණ වීරසිංහ





ගායනය හා සංගීතය ගුණදාස කපුගේ

කපුගේ මහතා ගායනා කල ගීතයේ පිළිතුරු ගීතය



ගායනය නන්දා මාලනී
සංගීතය සරත් දසනායක
මේ වගේ ගීත ගැන කතාකරන මගේ වෙනත් ත්‍රේඞ් එකක්
http://www.elakiri.com/forum/showthread.php?t=1548175

කට්ටිය තමන් දන්න මේ වගේ සිංහල පිළිතුරු ගී අනෙක් අයට දැනගන්න දාන්න
 

janakaaj

Member
Oct 10, 2008
4,860
694
0
patta wade machan +

එළ
11.gif
මතක් කරලා දන්න සිංහල සින්දු දාලා සහයෝගය දෙන්න අනිත් අයටත් බලාගන්න
 

janakaaj

Member
Oct 10, 2008
4,860
694
0
අද ඉදිරිපත් කරන්නේ ලූෂන් බුලත්සිංහලයන් අතින් ලියවුන එකම කතාව කාන්තා පාර්ශවයේ ප‍්‍රකාශණයත්, පිරිමි පාර්ශවයේ ප‍්‍රකාශණයත් බොහො දෙනා දන්නේ නෑ මේ ගීත දෙකේ සහ සම්බන්ධය

මේ නේරංජලා සරෝජනී ගායනා කරන මුල් ගීතය



නේරංජලා සරෝජනී ගායනා කරන ගීතයේ සංගීතය H.M. ජයවර්ධනගේ කියලා තමයි මගේ මතකයේ තියෙන්නේ එහි යම් වෙනසක් තියෙනවා නම් දන්න කෙනෙක් නිවැරදි කරන්න.

නේරංජලා සරෝජනිගේ ගීතයේ පිරිමි ප‍්‍රකාශණය



රෝහණ වීරසිංහයන් ගායනා කරන මේ ගීතයේ තනුව හා සංගීතය පිළිබඳව පොඩි ගැටලූවක් තියෙනවා. මෙහි තනුව හා සංගීතය දෙකම පුණ්‍යසිරි මහවත්තයන්ගේ හෝ තනුව හා සංගීතය මොවුන් දෙදෙනා අතරේ බෙදි යා යුතුයි

 

lostlife

Member
Sep 29, 2013
202
39
0
පැහැදිලි මදි මචෝ උඹගේ අදහස[/QUOTE]

oh sorry bro mata issella thread eka hariyata kiawanna bari wuna mage MB iwara wuna nisa.by the way, meka niyamama wadak bro. rep ++
 

janakaaj

Member
Oct 10, 2008
4,860
694
0
පැහැදිලි මදි මචෝ උඹගේ අදහස

oh sorry bro mata issella thread eka hariyata kiawanna bari wuna mage MB iwara wuna nisa.by the way, meka niyamama wadak bro. rep ++[/QUOTE]

11.gif
11.gif
ස්තූතියි මිත‍්‍රයා තව මං දන්න සිංදු තියෙනවා පස්සේ දාන්නම්