පිළිකාව ලොවම වැළඳගත් මාරාන්තික රෝගයක්‌සේ බොහෝදෙනා සිතන්නකි. වසර 2000 දී ග්ලොබොකුන් (ඨකදඉදජ්බ) දත්ත අනුව ලෝක ජනගහණයෙන් මිලියන 10.1 ක් අලුතින් හඳුනාගත් පිළිකා රෝගින් ලෙසද, මිලියන 22.4 ක් පිළිකාවට ගොදුරු වී ජීවිතය සමඟ පොර බඳිමින්ද පසුවන අතර මිලියන 6.2 ක් පිළිකාව හේතුවෙන් ජීවිතක්‌ෂයටද පත්වී ඇත. මෙය වසර 1990 දී, එනම් වසර 10 කට ප්‍රථමව තිබූ දත්ත හා සසඳන කල පිළිකා වැලඳීමේ ප්‍රවණතාව 19% කින්ද, එම හේතුවෙන් සිදුවන මරණ සංඛ්‍යාව 18% කින්ද වැඩිවීමකි. පිළිකා රෝග වැළදීමට ඇති හැකියාව ඉදිරියේදී තව වේගවත් වීමට හැකි අතර එය වසර 2020 වනවිටදි 50% වැඩිවීමක්, එනම් අලුතින් හඳුනා ගන්නා රෝගි සංඛ්‍යාව මිලියන 15 දක්‌වා වැඩිවීමක් සිදුවිය හැකි බව ලෝක සෞඛ්‍යය සංවිධානය අනාවැකි පළකර ඇත.
පිළිකාවට වයස් භේදයක්, ලිංග භේදයක් හෝ සාමාජිය මට්‌ටමේ වෙනසක් නොමැත. එනමුත් අන්තර්මහාද්වීපිකව සහ අන්තර්වාර්ගිකවද, සමාජිය සහ ආර්ථික විශමතා මතද, පිළිකාවක් සෑදීමේ ප්‍රවණතාවත් , පිළිකා වර්ගවල වෙනස්‌කමත් දක්‌නට පුළුවන. ලෝක ව්‍යාප්තිය ගත්කල පෙනහළු පිළිකා ප්‍රධාන ස්‌ථානයක් ගනු ලබන අතර, පියයුරු පිළිකා දෙවනුවටත්, මහාන්ත්‍රයේ පිළිකා තෙවැන්නටත් ගත හැක. එනමුත් ශ්‍රී ලංකාව තුළ දක්‌නට ලැබෙන පිළිකා වර්ග වෙනස් ස්‌වරූපයක් ගනු ලබන අතර එය දියුණුවෙමින් පවතින අනෙකුත් රටවල ඇති පිළිකා රටාවට සමවේ.
මුඛය අවට පිළිකා ශ්‍රී ලංකාව තුළ දක්‌නට ලැබෙන ප්‍රධානතම පිළිකාවයි. දෙවැනුව පියයුරු පිළිකාය. එලෙස බලන විටදී ලෝක ජයගහණය තුළ ප්‍රථම ස්‌ථානය ගනු ලබන පෙනහළු පිළිකාවන්ද, ශ්‍රී ලංකාවේ එම ස්‌ථානය ගනු ලබන මුඛය අවට පිළිකාවන්ද දුම්කොල ආශ්‍රිතව, එනම් දුම්පානය සහ බුලත් භාවිතය වැනි පිළිකාජනක ද්‍රව්‍යයන් නිසා හටගන්නා පිළිකාවන් වේ. මෙවැනි පිළිකා ජනක භාවිතා නොකිරිමෙන්ම අපට පිළිකාව ජයගත හැකි නොවේද?
පිළිකාවක් ආරම්භ වනුයේ එක් සෛලයක ජාන විකෘති වීමක් ආශ්‍රිතවය. මෙම ජාන විකෘතිවීමට භෞතික , රසායනික සහ ජෛවීය පිළිකා ජනක හේතු බලපානු ඇත. පිළිකා රෝගින් සංඛ්‍යාව ඉහල යැමට ප්‍රධානතම හේතුව වී ඇත්තේ කිසිම මෙහෙයවීමකින් හා ප්‍රමිතිකරණයකින් තොරව මෙම පිළිකා ජනක ද්‍රව්‍යය ලොවපුරා ව්‍යාප්ත වීමයි.
පිළිකා හේතුවෙන් ජීවිතක්‌ෂයට පත්විය හැකි ප්‍රධාන රෝග ගත්කල අනුපිළිවලින් පෙනහළු පිළිකාද, ආමාශය සහ අක්‌මාව සම්බන්ධ පිළිකාද ගත හැක. මේ සියල්ලක්‌ම දුම්කොල සහ මත්පැන් භාවිතයද, ආහාරපානවල අනිසි රටාවන්හි බලපෑම් නිසාද ඇතිවන පිළිකාවේ. ලෝක සෞඛ්‍යය සංවිධානයට අනුව මෙවැනි දේ පාලනය කිරීමෙන් පිළිකාවන් 1/3 කින් අවම කරගත හැකි අතර පිළිකා කලින් හඳුනාගැනීමෙන්ද ඊට නිසි ප්‍රතිකාර කිරීමෙන්ද නිට්‌ටාවට සුවයක් ලබා, පිළිකාවන් තව 1/3 කින් අවම කරගත හැක.
පිළිකා ජනකවලින් බැහැරවීම
පිළිකා ජනක අතුරින් දුම්කොළ සහ එහි ඇති රසායනික ද්‍රව්‍යයන් ප්‍රධාන ස්‌ථානයක් ගනු ලබයි. දුම්කොල සහ දුම්වැටි භාවිතයෙන් පෙනහලු පිළිකා පමණක් නොව, මුඛය අවට පිළිකා ද, ස්‌වරාලය, අන්තස්‍රොaතය, අග්න්‍යාශය, වකුගඩු සහ මුත්‍රාශයේ පිළිකාද හටගනු ඇත. දුම්පානය හේතුවෙන් හටගන්නා පිළිකාවන්, දුම්පානය කරන ලද කාල පරිච්ඡේදයත්, එහි ඇති රසායනික පිළිකා ජනකවලට අනාවරණය වූ තීව්‍රතාවක් මත රදා පවතී. එබැවින් වයස අවුරුදු 15 දී සිට දිනකට දුම්වැටි 30 ක් පමණ භාවිත කල පුද්ගලයෙක්‌ම, අවුරුදු 25 දී සිට එලෙසම භාවිත කල කෙනෙකුට වඩා තුන්ගුණයකින් පෙනහලු පිළිකා වැළදීමේ ප්‍රවණතාවක් ඇත.
අද ශ්‍රී ලංකාව තුළ දුම්කොළ සහ දුම්වැටි භාවිතය සඳහා නොයෙකුත් නීතිරීති සම්පාදනය කර තිබුණද, බුලත් සහ දුම්කොල භාවිතය සහ එමගින් සෑදීමට හැකියාවක් ඇති මුඛය අවට පිළිකා සඳහා නිසි උපදෙසක් හෝ පාලනයක් නොමැත. මුඛය අවට ඇතිවන පිළිකාවල ප්‍රධාන පිළිකාජනක ද්‍රව්‍යයන් ලෙස පුවක්, හුණු සහ දුම්කොල බැව් පර්යේෂණ මගින් සනාථ කර ඇතත්, මෙරට මෙවැනි පිළිකාජනකයන් වෙත යොමු වී ඇති අවධානය අල්පය. මෙවන් සෞඛ්‍යයට අහිතකර බුලත් භාවිතයට එරෙහිව ඉන්දියාවේ යම් ප්‍රාන්තවල නීති සම්පාදනය කර ඇත්තේ පිළිකාවලින් ජනතාව මුදාගැනීමට නොවේද?
දුම්කොළ පමණක් නොව අනෙකුත් භෞතික පිළිකා ජනකවන විකිරණ, ඹඪ කිරණ, විද්යුත් චුම්භක ක්‌ෂේත්‍රද, රසායනික පිළිකා ජනකද, ජෛවීය පිළිකා ජනක වන නොයෙකුත් වෛරස රෝගද මැඩලීමෙන් සහ බැහැරව සිටීමෙන් පිළිකාවලින් ගැලවී සිටීමට හැකිවේ. ලෝ පුරා දැනට භාවිතාවන රසායනික ද්‍රව්‍යය බොහොමයක්‌ම කෘත්‍රිමව නිෂ්පාදිය වන අතර 1980 දී ඇමෙරිකාව තුළ 45,000 කට අධික ලේඛනගත රසායනික ද්‍රව්‍යය අතුරින් 5500 ක් පමණ පිළිකාජනක වන බැව් සොයාගෙන ඇත.
එපමණක් නොව අප ගන්නා ආහාර පානද පිළිකාවක් සෑදීමට බලපානු ඇත. මෙය බොහෝදුරට ආහාර මාර්ගය ආශ්‍රිතව හටගන්නා පිළිකා වන අතර එයට ආහාරවල සහ ආහාර සුරක්‌ෂක වල ඇති රසායනික පිළිකාජනක හේතුවේ. රසායනික පොහොර වලින් තොරව නිෂ්පාදිත එළවළු භාවිතය ස්‌වරාලය, අග්න්‍යාශය, ආමාශය වැනි ඉන්ද්‍රියන් වලද, පලතුරු මගින් මහාන්ත්‍රයේ හටගන්නා පිළිකාද අවම කරගත හැක. ලුණු සහ ලුණු ආශ්‍රිත ආහාරද, අච්චාරු වැනි ආම්ලික ආහාර වර්ගද බොහෝදුරට ආමාශයේ හටගන්නා පිළිකා හා සම්බන්ධව පවතී. සත්ත්ව මාංශ මහාන්ත්‍රයේ හටගන්නා පිsළිකා ඇතිවීමට තුඩුදෙන සාධකයකි. මෙලෙස බලනකල යෝග්‍යය පරිදි තෝරාගත් සෞඛ්‍ය සම්පන්න ආහාර ගැනීමෙන්ද, දිනපතා ව්‍යායාමවල යෙදීමෙන්ද පිළිකාවලට ගොදුරු නොවී සිටීමට හැකිවේ.
පිළිකාවක් කලින් හඳුනා ගැනීම
ලොවපුරා නොයෙකුත් පිළිකා තීර පිරික්‌සුම් වැඩසටහන් (Sජරුeබසබට චරදටර්පපැs) ක්‍රියාත්මකව ඇති අතර එමගින් ඉතාමත් හිතකර ප්‍රතිඵලද ලබා ඇත. මෙවැනි වැඩසටහන් ක්‍රියාත්මක කලයුතුවන්නේ බහුලවම දක්‌නට ලැබෙන පිළිකා සඳහා වන අතර ඇමෙරිකාව, යුරෝපය වැනි දියුණු වූ රටවල පියයුරු පිළිකා සඳහා මෙවන් වැඩසටහන් ක්‍රියාත්මක වේ. එවැනි වැඩසටහන් මගින් පිළිකාවක් කලින් හඳුනාගැනීමත්, නිසි ප්‍රතිකාර කිරීමෙන් එය නිට්‌ටාවටම සුවකර ගැනීමටත් හැකි අතර පියයුරු පිළිකා සඳහා දියත් කල වැඩසටහන් මගින් ජීවිතක්‌ෂයට පත්වන රෝගීන් ප්‍රතිශතය 30% පමණ අඩුකරගැනීමට සමහර රටවලට හැකිවී ඇත. මෙවැනි වැඩසටහන් අද ශ්‍රී ලංකාව පුරා ක්‍රියාත්මක නොවන්නේ ඊට අදාලව මූල්‍යම ඵලදායිතාවක් නොලබන හෙයින් සහ මෙවැන්නකට ඉතා විශාල මුදල් ප්‍රමාණයක් අවශ්‍ය වන හෙයින්ද වේ. එනමුත් පවුල් සෞඛ්‍යය සේවිකාවන් සහ ප්‍රාථමික සෞඛ්‍යය සේවය ඔස්‌සේ මෙවැනි වැඩසටහන් දියත් කිරීමෙන් පියයුරු පිළිකාද, ගැබ්ගෙල පිළිකා සහ මුඛය අවට පිළිකාද කලින් හඳුනාගැනීමට හැකියාවක් ඇත.
අද පිළිකාව මුළු ලොවම බිලිගත් "පිළිකාවක්" බවට පත්කර ඇත්තේ අප විසින්මය. සාමාන්‍ය සෛලයක්, පිළිකා සෛලයක් බවට පත්වන විද්‍යාවේදී ක්‍රියාවලිය මිනිස් ඉතිහාසය තුළ වෙනස් වී නොමැති අතර සිදුවී ඇත්තේ පිළිකා ජනක මිනිසා විසින්ම වැඩිකරගැනීම පමණි. එලෙසම එවැනි පිළිකාජනකවලට ඇබ්බැහිවීමත්, අවධානයක් නොදැක්‌වීමත් ශ්‍රී ලංකාව වැනි දියුණුවෙමින් පවතින රටවල පිළිකාවන් වැඩිවීමට හේතුවී ඇත.
මුල් අවධියේ ඇති පිළිකාවක් කලින්ම හඳුනාගෙන නිසි ප්‍රතිකාර කිරීමෙන් නිට්‌ටාවටම සුවකර ගත හැක. බහුලවම දක්‌නට ලැබෙන පිළිකා කලින් හඳුනාගැනීමට ඇති ක්‍රම සහ පරික්‌ෂණවලින් ලැබෙන පිළිකා කලින් හඳුනාගැනීමට ඇති ක්‍රම සහ පරික්‌ෂණ ශ්‍රී ලංකාව තුළ සීමිත වුවත් ප්‍රධාන රජයේ සහ පුද්ගලික රෝහල්වල මීට පහසුකම් ඇත. එබැවින් පිළිකාජනකවලින් බැහැරව සහ මුල් අවධියේ ඇති පිළිකා නිට්‌ටාවටම සුවකර ගැනීමෙන් 66% කින් පිළිකාව පරාජය කල හැක. nawaliya puwath patha[/SIZE][/SIZE]

Last edited: