පීනසට බෙහෙතක් මෙන්න

Boralugoda01

Well-known member
  • Apr 23, 2017
    3,378
    1
    3,143
    113
    නගරසභාවේ
    පීනසට බෙහෙතක් මෙන්න

    පළමුව පහත කසාය නියමිත පරිදී පානය කරන්න.

    පිටවක්කා මුල්, අරළු, සිරිතේක්කු, සිවිය මුල්, තිප්පිලි, වැල්තිබ්බටු මුල්, රසකිඳ, වියළි ඉඟුරු, ගම්මිරිස්, යන මේවා කලං 1 මංචාඩි 7 බැගින් ගෙන හොඳින් පිරිසිදු කර කුඩාවට කපා වතුර පත අටක දමා මඳ ගින්නේ පතකට සිඳුවා පෙරා උදේ සවස පත භාගය බැගින් සීනි, මී පැණි සමඟ දින 6ක් බොන්න.

    ඉන්පසු කණ්ඨකාරී අවලේහය තේ හැඳි එක බැගින් කා කටුවැල්බටු, අමු ඉඟුරු තැම්බූ වතුර බොන්න.

    දහවල් හා රාත්‍රී කෑමට පෙර පිප්පල්‍යාසවය මේස හැඳි දෙක බැගින් බොන්න.මේ අතරට හිසේ ගෑමට නිර්ගුණ්ඩි තෙල භාවිත කරන්න.

    සෙම කෝප වෙන පරිදී කිසිදු කටයුත්තක් සිදු නොකරන්න.

    “රාත්‍රී කාලයේ ස්නානය හා පින්නට නිරාවරණය වීම අහිතකරයි”