පුංචි උන් ඉස්සරහා අසරණ වීම
1 – අවස්ථාව – — අතෑරපන් ප## මාව…
ඔන්න කිරියාට යන්න උනා. පාසල් කාලේ එකට වල බැහැපු යාළුවෙකුගේ වෙඩිමකට. ඉතිං වෙඩින් එකට සාභාගි වෙලා කෂ්ටිය අනුමත වෙන තැනට වෙලා උන්ගේ බයිට් එකට වැඩේ දිදී මන් මගේ ආතල් එක ගන්නවා… ඒ අතරේ එතනට ආපු අපේ එකෙක් මට උගේ අතේ හිටිය පුංචි එකා දීලා කිව්වා..
මචං අනූව (උගේ වයිපරේ) හොයාගෙන එනකං පොඩ්ඩක් කොල්ලව බලා ගනින්. කියලා. පුංචි එකා මොන්ටිසෝරි යන වයසේ … පුංචි එකා අඬනවා. තාත්තට ඌව දාලා යන්න එපා කියලා. ඔන්න දැන් අරෑ ගියාට පස්සේ පොඩි එකා බෙරිහන් දෙන්න ගත්තා සද්දේ උපරිමේට දාලා… මාත් දන්න දහන්ගැට සේරම දාලා චාටුවෙන් ශේප්මන්ට් එකක් දාන්න හැදුවා මූ ගානකටවත් ගන්නේ නෑ… දැන් වෙඩිමේ එවුන් බාගෙකට එහා මන් ගැන අවධානෙන්.. බලනවා. වස නොන්ඩිය… ශේප් න්‍යාය හරි යන්නේ නැති නිසා, දැම්මා පොඩි එකාට තගක්… පුතා කට වැහුවේ නැත්තන් අර මාමට ඔයාව කන්න දෙනවා… පේනවනේ බඩේ ලොකු.. අඬන ළමයි කාලම තමයි එහෙම වෙලා තියෙන්නේ
අෆ්ෆට සිරි ඒ පාර මූ ගමටම ඇහෙන්න කෑ ගැහුවනේ අතෑරපන් ප## මාව… මෙන්න මේ හු## මාව මරන්න හදනෝ … මාව බේර ගනියෝ… මාව මරන්න හදනෝ… අනේ තාත්තේ… මූ මාව බඩාට කන්න දෙන්න හදනවෝ … අතෑරපන් අම්මට #ක#න #රි# ………… කුනු හරප විලයි… වෙඩින් එකේ එවුන් මන් දිහා බලනවා… මට ඇඬෙන්න වගේ.. ඒ අතරේ දෙවනි මනමාලි ඇවිත් කොල්ලට කථා කලා එන්න බබා අපි කෑම කන්න යන් කියලා.. මූ ගත් කටටම කෑ ගැහුවනේ පලයන් රෝස ගෑනියේ යන්න කියලා… ඒ වෙලාවෙම කොල්ලගේ තාත්තා ඇවිල්ලා කොල්ලව අරන් ගියා… තව චුට්ටක් වෙලා ගියා නම් මට වෙන්නේ හොටලේ පූල් එකට පැනලා දිවි නහගන්න….
2 – අසරණ වීම -
මේකත් පාටි එකකදි තමා උනේ… ඔන්න අම්ම කෙනෙක් පොඩි එකෙක්ව තියාගෙන ඌට බත් කවන්න හෙන ට්‍රයි එක… මේ කාලේ කිරියා කොන්ඩේ වවලා, මූණ පුරා රැවුල එහෙම වවලා හිටියේ… එක පාරට අර අම්මා මාව පෙන්නලා කිව්වා.පුතා බත් කෑවේ නැත්තන් අර මාමාට අල්ලන් යන්න කියනවා කියලා. මටත් ඉතිං කට තියාන ඉන්න බෑනේ… මමත් කිව්වා. පුතා ඔක්කොම කෑවේ නැත්තන් කියන්න මම අරන් යන්නම් කියලා… ඔතනින් ඔය සීන් එක ඉවරයි… ඊට පැයකට විතර පස්සේ පාටි එකේ ස්තූති කථා වගයක් යනවා. කිරියට අර සිද්ධිය මතකවත් නෑ….. එක පාරටම අර පුංචි එකා ඇවිල්ලා මාව පෙන්නලා කෑ ගැහුවා. මූ තමයි ගෝනි බිල්ලා… ළමයි අල්ලන් යන්නේ මූ තමයි කියලා… අම්මට හුඩු .. ඒ පාර පොඩි එවුන් සෙට් එකක් … මුන් මට කොසු ඉදල් වලින් ගහන්න ගත්තා කියපල්ලකෝ… වටේ ඉන්න එවුන් මැදිහත් උනේ නැත්නම්. උන් මට මැරෙනකම් ගහනවා.. ආයේ මං උන්ට නෙලන්න කියලද ? මුලු උත්සවේම වැඩ නැවතිලා කට්ටියම හිනා වෙනවා… මොකද අර පොඩි එකා අර වගන්ති ටික කියනකොට, ස්තූති කථාව අහන්න කට්ටිය නිස්සබ්ද වෙලා හිටිය නිසා සෙට් එකටම හොඳට ඇහුනා… වෙලා තියෙන්නේ මේකයි… අර පොඩි එකාට තව අයියලා 2න්නෙක් ඉන්නවා.. තව පාටි එකේදිත් යාළුවෝ සෙට්වෙලා.. මූ බත් පිඟානම කාලා නෑ… අම්ම කියලා මූව මට අල්ලල දෙනවා කියලා… මූ ඒක අයියලට කියලා … මන් ඌව ගෙනියන්න කලින් මට වැඩේ දෙන්න තමයි කට්ටිය ට්‍රයි කරලා තියෙන්නේ… පස්සේ නඩුව අහනකොට තමා සිද්ධිය දැන ගත්තේ… වැදුනු ගඩොල් පාරකට මගේ ඇහි බැම ගාව තුවාල වෙලා තිබුනා…….. එදියින් පස්සේ කව්රුහරි මාව පොඩි එකෙකුට පෙන්නලා අරම කිව්වාම..මම මුකුත් නොකියා ඉක්මනට මාරු වෙනවා…
3 – කොහේද ඒක තියෙන්නේ ?
මේක වෘත්තීමය අත්දැකීමක්….. දැනට තියෙන 07ශ්‍රේණියේ විද්‍යාව විෂයය නිර්දේශයේ මානව පද්ධති හා එහි ක්‍රියාකාරීත්වය පිළිබඳ පාඩමක් ඇතුලත් කරලා තියෙනවා… ගොඩක් පාසැල්වල ඔය පාඩමේ ප්‍රජනන පද්ධති දෙක මඟ අරිනවා. නමුත් නව යොවුන් වියට පා තබලා ඉන්න ළමයින්ට තමන්ගේ ඇඟේ හා මනසේ සිදුවන වෙනස් වීම්, ද්විතීක ලිංඟික ලක්ෂන ගැන දැනුම දෙන්න ඕන කියන එක තමා කිරියාගේ පෞද්ගලික මතය (පාඩම දාලා තියෙන්නේ අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ මතයත් ඒක නිසානේ ). ඔය පාඩම කරද්දී ලොකු සංයමයකින් තමයි කරන්න ඕනේ.. මේක උනේ කිරියා උගන්නන පංතියක. මේකේ ගෑණු ළමයෙක් හිටියා.. ඕනම දෙයක් අහන්න බය නැති සබකෝලේ නැති දැරිවියක්. ඒ වගේම අහින්සකයි. වැඩත් පුළුවන් හැබැයි කෙල්ල වයසේ හැටියට හැදිලා නෑ. ගෙදරින් මලක් වගේ තමයි හදලා තියෙන්නේ. අනාගත බලාපොරොත්තුව දොස්තර කෙනෙක් වීම. ඒ නිසා කෙල්ල ජීව විද්‍යා කොටස් වලට සෑහෙන්න කැමතියි. හරි හරි මෙන්න මේකයි කථාව…
ඔන්න කිරියා කාන්තා ප්‍රජනන පද්ධතිය ගැන උගන්නවා … ටිකක් වෙලා අහගෙන ඉඳලා අර දුව මගෙන් අහනවා…
සර් ඕක තියෙන්නේ ඇඟේ කොහෙද ? කියලා …
ප්‍රශ්නේ අහන්නේ ඇත්තටම නොදන්නකමට කියන එක මට තේරුනත් මට ඒක කියා ගන්න බෑ. මොකද පොඩ්ඩක් හරි එහා මෙහා උන ගමන් පංතියේ පාලනය පිට පනිනවා ඔය වගේ සිද්ධි වලදි.. කොහොම හරි පුංචි දැනුවත් කිරීමකින් පස්සේ පාඩම දිගටම යනවා… ඔන්න ඒ පද්ධති දෙක ඉවරයි… දැන් බහිස්ස්‍රාවී පද්ධතිය යටතේ මුත්‍රා වාහිනී පද්ධතිය … අර දුව මට කිවනවා …
සර් වැරදිනේ කිව්වා. අතන තියෙන්නේ මුත්‍රා වාහිනී පද්ධතියනේ ..ප්‍රජනන පද්ධතිය නෙමේනේ කියලා…
ඒ පාර මන් කිව්වා නෑ දුව එහෙම නෙමේ ඔය පද්ධති දෙකම වෙන වෙනම පිහිටලා තියෙනවා කියලා..
ඒ පාර ඒ දුව මට කියනවා..
සර් කොහොමද සර් එහෙම කියන්නේ.. අපිනේ දන්නේ එතන තියෙන ඒවා..එතන තියෙන්නේ මුත්‍රා වාහිනී පද්ධතිය විතරනේ කියලා….
කාලා වරෙන්කෝ .. හරියට උගන්නන්න ගිය මගේ තත්වේ ශෝචනීයයි. පංතියේ ඇට්ටර කොලු තාත්තලා හිනා වෙනවා. ඒ මදිවට අනිත් පංතිවල ගුරුවරු උගන්නන ගමන් ඇවිත් මන් දිහා බැල්මට් එකක් දාලා කින්ඩි හිනාවකින් සංග්‍රහ කරලා යනවා. මන් ඉතින් සැලෙන්නේ නැතුව ෆුල් සීරියස් එකේ පාඩම කියලා දුන්නා… මෙන්න මේ ඔක්කොම අහගෙන ඉඳලා පාඩම ඉවර උනාම අර දුව ෆුල් සීරියස් පිට කියනවා…
ආ… ඒකද ?… මම ඒත් කල්පනා කරා ඕක තියෙන්නේ මොකටද කියලා …
ඊට පස්සේ පංතිය පාලනය කරන්න දෙන්න උන ගේමක්…