පුංචි_දැරියගේ_අවංකකම

siripala

Member
Oct 10, 2006
2,869
442
0
පුංචි_දැරියගේ_අවංකකම

පුංචි දැරියගේ අවංකකමට මහා සාප්පු හිමියාගේ හිත උණුවේ

බ්‍රිතාන්‍යයේ ජෝන් ලෙවිස් ව්‍යාපාර ජාලයේ හිමිකරුට කුඩා දැරියක් සමාව අයදැමින් ලිපියක් එව්වාය.
කේම්බ්‍රිජ් හි පිහිටි ජෝන් ලෙවිස් ආයතනයට පැමි‚ කුඩා දැරියක අතින් නත්තල් සැරසිල්ලක් කැඩී ගොස් ඇති අතර එම දැරිය එයට සමාව ඉල්ලමින් හා එම සැරසිල්ලේ වටිනාකමට සරිලන මුදල් ද සමඟ ඇගේ අත්අකුරින් ලියූ ලිපියක් එවා ව්‍යාපාර හිමිකරුට යවා ඇත.
ෆේයිත් නම් වන ඇය පස් වැනි වියෙහි පසුවෙන්නීය. එම සැරසිල්ලේ වටිනාකම බ්‍රිතාන්‍ය පවුම් දෙකකි. (රුපියල් 428 කි).
සැරසිල්ල ඇගේ අතින් කැඩී යාම සම්බන්ධයෙන් දැරිය සමාව ඉල්ලා ඇති අතර එම ලිපිය සමඟම පවුම් දෙක ද ජෝන් ලෙවිස් ව්‍යාපාර ජාලයේ කේම්බ්‍රිජ් ශාඛාවේ ගබඩා දෙපාර්තමේනතුවේ නමට එවා ඇති බව එම ව්‍යාපාරයේ කේම්බ්‍රිජ් ශාඛාවේ ගබඩා පාලක ඩොමිනික් ජොයිස් පැවසීය.
ඔහු කියනුයේ එම ලිපියේ ‘ආපසු‘ ලිපිනයක් නොවූ බවයි.
දැරිය විසින් යැවුණු ලිපියේ මෙසේ ද දක්වා ඇත.

‘ජෝන් ලෙවිස් වෙත,
මට සමාවෙන්න.සෙනසුරාදා මගේ අතින් නත්තල් සැරසිල්ලක් කැඩුණා. ඒක පවුම් දෙකක්.මෙන්න ඒකේ සල්ලි.මට නැවතත් සමාවෙන්න. මම ෆේයිත්.අවුරුදු පහයි.‘



මෙම ලිපිය ලැබීමත් සමඟ දුකට පත්වූ ජෝන් ලෙවිස් කේම්බ්‍රිජ් සාප්පු සංකීර්ණයේ සේවකයන් දැරිය කවුදැයි සේවීම ආරම්භ කර ඇත.
එසේම ජෝන් ලෙවිස් කේම්බ්‍රිජ් සාප්පු සංකීර්ණයේ ගබඩා ප්‍රධානී ඩොමිනික් ජොයිස් පැවසුවේ දැරිය හමුවුණහොත් එම ලිපිය පිළිබඳව ස්තූතිවන්ත වන බවයි.
තවදුරටත් ඩොමිනික් පවසා සිටියේ ෆේයිත් සාප්පු සංකීර්ණයට පැමි‚යේ අවුරුද්දේ කාර්ය බහුලම සති අන්තයක බවයි.
‘ඇගේ උසස් ක්‍රියාවට අප ස්තූතිවන්ත විය යුතුයි.එසේම අපේ සාප්පු සංකීර්ණයට ඇයට එන්න කියලා ඇයට කැමති දෙයක් ගන්න අපි අවස්ථාව ලබාදෙනවා.‘ යනුවෙන් ඩොමිනික් තවදුරටත් පවසා සිටියේය.
ඩොමිනික් සිය ටුවිටර් සමාජ ජාල වෙබ් අඩවියේ ප‚විඩයක් තබමින් මෙම දැරිය සොයාගැනීමට උදව් කරන ලෙසයි.
මෙම ප‚වුඩයට පිළිතුරක් වශයෙන් එක් කාන්තාවක් සිය ටුවිටර් සමාජ ජාල වෙබ් අඩවියේ ප‚වුඩයක් තබමින් පවසා ඇත්තේ තමා කුඩා දැරියකගේ අතින් නත්තල් සැරසිල්ලක් බිම වැටෙනු දුටු බවයි.

(ඩේලිමේල් ඇසුරිණි)
 
Last edited:
  • Like
Reactions: Lansalaral

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    යන්න ඕනි කඩේකට ගිහින් බඩුවක් පොඩි පට්ටන් කරලා.....ලියුමක් දාලා.....ලොකු තෑග්ගක් ගන්න....
     

    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    යන්න ඕනි කඩේකට ගිහින් බඩුවක් පොඩි පට්ටන් කරලා.....ලියුමක් දාලා.....ලොකු තෑග්ගක් ගන්න....
    ලංකාවේ කඩේකටද?
    හොදයි හොදයි කොරල බලන්නකෝ...:cool:


    පව් ගසා!
    RIP gasa !
     

    kingdewi

    Well-known member
  • පුංචි කාලේ ඉඳන් දරුවන්ව විනයකට අනුව හැඩගස්වන එකේ යහපත තමයි මේ .
    අපේ දුවා දරුවනුත් රේස් දුවනවා වෙනුවට මේවගේ ප්‍රාථමික අධ්‍යාපනයකට කවදා යොමුවෙයිද ?
     
    • Like
    Reactions: superunique

    superunique

    Active member
  • Jul 4, 2008
    528
    59
    28
    පුංචි කාලේ ඉඳන් දරුවන්ව විනයකට අනුව හැඩගස්වන එකේ යහපත තමයි මේ .
    අපේ දුවා දරුවනුත් රේස් දුවනවා වෙනුවට මේවගේ ප්‍රාථමික අධ්‍යාපනයකට කවදා යොමුවෙයිද ?

    හරියට හරි බං
     

    ediri123

    Junior member
  • Jan 13, 2009
    116
    5
    18
    ලංකාවේ පත්තරේක දැම්මානම් සැරසිල්ල මගේ දුවගේ අතින් කැඩුනේ කියලා පෝලිමක් අම්මලා තාත්තලා පෝලිමක් හිඳීවි........